Buddhist Education Portal · Sri Lanka
PIRIVENA.LK
ශ්‍රී ලංකාවේ සියලුම පිරිවෙන් සඳහා නිදහස් අධ්‍යාපන සම්පත්, AI සේවා, ලේඛන, රැකියා සහ නිවේදන — ඔක්කොම එකතැන.
700+
පිරිවෙන්
50K+
භාවිතා කරන්නෝ
100%
නොමිලේ
AI
තාක්ෂණය
දක්ෂයෝ
දක්ෂතම ශිෂ්‍යයෝ 5 දෙනා
ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍යයන්ගේ නාමාවලිය · 2026
🥈
410 ල.
චනුක දෙන..
🥇
610 ල.
පනාමුරේ ..
🥉
150 ල.
Virath
4
80 ල.
Ven. Emb..
5
60 ල.
පූජ්‍ය ම..
👑
🥇
පනාමුරේ චන්දරතන හිමි
හ/ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙන
160
190
90
170
610
ලකුණු
🥈
චනුක දෙනුවන්
පු/කල් ශ්‍රි අන්තර් සමුද්ද මූලික පිරිවෙන
130
80
80
120
410
ලකුණු
🥉
Virath
වීරක්ෙකාඩි මහ පිරිවෙන
150
150
ලකුණු
4
Ven. Embilipitiye Hemarathana
ශ්‍රී රතනපාල මූලික පිරිවෙන
80
80
ලකුණු
5
පූජ්‍ය මැල්සිරිපුර සුනෙත්ත හිමි
පු/කල් ශ්‍රි අන්තර් සමුද්ද මූලික පිරිවෙන
60
60
ලකුණු
ලකුණු සංසන්දනය
Score Comparison
පනාමුරේ ච..
610
චනුක දෙනු..
410
Virath
150
Ven. Embi..
80
පූජ්‍ය මැ..
60
5
ශිෂ්‍යයෝ
610
ඉහළම
262
සාමාන්‍ය
I.
ප්‍රධාන සේවා
දිනපතා අවශ්‍ය මූලික තොරතුරු සහ සම්පත්
II.
තරග සහ ප්රවෘත්ති
දැනුම මිණුම, පුවත් සහ ලිපි නිර්මාණය
🎁 WIN RS.220,000/=
5 වසර සිසුන් සඳහා දැනුම මිණුම තරගය
සියළු විෂයන් සඳහා ඔන්ලයින් පිළිතුරු සපයා මුදල් ත්‍යාග සහ සහතික දිනාගන්න!
අභියෝගය අරඹන්න
III.
AI මෙවලම්
නොමිලේ, ස්වයංක්‍රීයව ඉක්මනින් සකසාගත හැකි මෙවලම්
✨ NEW
AI කාලසටහන් සැකසුම
AI භාවිතා කර ඔබේ පිරිවෙනට ගැළපෙන කාලසටහන නොමිලේ ඉතා ඉක්මනින් සකස් කරගන්න.
නොමිලේ අත්හදා බලන්න
✨ NEW
AI පිරිවෙන් ලේඛන සැකසුම
AI භාවිතා කර ඔබේ පිරිවෙනට අවශ්‍ය ලේඛන නොමිලේ ඉතා ඉක්මනින් සකස් කරගන්න.
නොමිලේ අත්හදා බලන්න
IV.
ප්‍රජාව සමඟ
සහය සහ සම්බන්ධතා
SUPPORT
ප්‍රධාන පරිපාලක (Admin)
ඕනෑම ගැටළුවක් හෝ තාක්ෂණික සහයක් ලබා ගැනීමට Super Admin වෙත පණිවිඩයක් යොමු කරන්න.
Admin ට පවසන්නගුරු මණ්ඩලය (Messenger)
පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට පණිවිඩ යැවීමට මෙතැනින් පිවිසෙන්න.
ගුරුවරුන් සමඟ කතා කරන්න
පුවත් සහ නිවේදන
පිරිවෙන් ක්ෂේත්‍රයේ අලුත්ම තොරතුරු
05
Jul
දෙමළ භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය කෙරේ
📢 පිරිවෙන් ආචාර්යවරුන්ගේ අවධානයට: දෙමළ භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය කෙරේ!පිරිවෙන් ආචාර්යවරු…
04
Jul
📢 සරසවියට පෙර සවිය 2026 📚
📢 සරසවියට පෙර සවිය 2026 📚
අ.පො.ස. උසස් පෙළ 2026 විභාගය සඳහා සත්කාර්යමය සම්මන්ත්රණ මාල…
30
Jun
පරිවේණාචාර්යවරුන්ගේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026 සැප්තැම්බර් මාසයේදී!
📢 පරිවේණාචාර්යවරුන්ගේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026 සැප්තැම්බර් මාසයේදී!අධ්‍යාපනය…
19
Jun
පොඩි දෙයක් වැරදුනොත් සසර ම වරදිනවා | Kumudu Wiajayathilaka - මන්දාරම් රෑ
ගම්පහ දිස්ත්‍රික් පිරිවෙන් විද්‍යා විෂය ගුරු උපදේශක, දිවුලපිටිය, බලගල්ල බප/ මිනු/ සරස්වතී…
අධ්‍යාපනික ලිපි
ගුරු සිසු ශාස්ත්‍රීය නිර්මාණ
රාගයේ ගොදුරක් වෙන්න කලින්
මේක හරි ලස්සන කතාවක්..ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර අනියම් සම්බන්ධතා තියෙන මේ කාලෙට ගැලපෙන කතාවක්..
"රාගය" කියන එකට ගුරුවරයා,ශිෂ්‍යයා,වයස කියන එක අදාල නෑ..
බෝසතාණන් වහන්සේ පවා ඉර්ධි උපදවාගෙන අහසින් යද්දිත් මේ "රාගය" නිසා බිමට වැටුනා..
මේ වගේ සිද්ධි වලට කියන්නේ "අධර්ම රාගය" කියලා..
තමන්ගේ මව වගේ, පියා වගේ, ගුරුවරයා වගේ අය එක්ක අයුතු ස්ථානයේ හට ගන්නා මේ "අධර්ම රාගය" - ධර්මය පිරිහිලා යන කාලේ සුලභව සිද්ධ වෙනවා..
අපි අද මේ ඉන්නේ එහෙම පිරිහෙන යුගයක ආරම්භයේ.. සමහර විට තව ටික දවසකින් ඔය දේවල් ප්‍රසිද්ධියේම වෙන, සාමාන්‍ය දේවල් බවට පත් වෙවී..
මේ කතාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාල, "අසාතමන්ත" කියන ජාතක කතාවෙයි...
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
යටගිය දවස බරණැස් නුවර,බමුණු කුලයට පුතෙක් උපන්නා..මේ දරුවා ඉපදුන දවසේ බමුණු දෙමව්පියන් නිවසේ ගිණි දල්වා අග්නි පූජාවක් කලා..මේ අග්නි පූජාව දරුවා තරුණයෙක් වෙනකල්ම නොනිනවා සිද්ද කලා..
තරුණයා වයස ආවම, දෙමව්පියෝ ඔහුට කතා කරලා කිව්වා..
""පුතේ, අපි උබ ඉපදුන දවසේ ඉදන් ගිණි පූජාව කලා..ඒ නිසා අපි කැමතියි නුඹ වනයට ගිහින් ගිණි දෙවියන් පුදා බ්‍රහ්මලෝකේ යනවට...
පුතා ඒකට කැමති නැත්තං, තක්සලාවට ගිහින් ශිල්ප ඉගෙන ගෙන විවාහයක් කරහෙන ගිහි ජිවිතේ ගත කරන්න..
මේ තරුණයා කැමති වුනේ නෑ කැලේට ගිහින් තපස් රකින්න..ඔහු තීරණය කලා ගිහි ගෙදර ජිවත් වෙන්න..ඒ අනුව ඔහු කහවනු අරගෙන තක්සලාවට ගිහින් ශිල්ප ඉගෙන ගත්තා..
ශිල්ප ඉගෙන ගෙන ඔහු ආයෙත් ගෙදර ආවා...හැබැයි මේ බ්‍රහ්මණ දෙමව්පියන්ට ඔනී උනේ පුතාව බ්‍රහ්මණයෙක් කරලා ගිණි දෙවියන් පුදනවා දකින්නයි...
ඒ නිසා ඔවුන් පුතාව ගිහි ගෙදරින් ඈත් කරන්න ස්ත්‍රීන්ගේ අගුණ කියලා දෙන්න ඔනී කියලා හිතලා...පුතාගෙන් ඇහුවා..
“පුතා, ඔයා හැම ශිල්පයක්ම ඉගෙන ගත්තද?”
“ඔව් මෑණියනි.”
“ඉතින් පුතා, "අසාත මන්ත්‍රය" ඉගෙන ගත්තද?”
“අනේ! එහෙම එකක් නං ඉගෙන ගත්තේ නෑ මෑණියනි.”
“එහෙමං පුතේ ආයෙත් තක්සලාවට ගිහින් ගුරුවරයාගෙන් මේ විශේෂ මන්ත්‍රය ඉගෙනගෙන එන්න...එහෙම නැතුව මේ ගිහි ගෙදර ගත කරන්න බෑ..""
පුතා, ඒක බරපතල මන්ත්‍රයක් වෙන්න ඇති කියලා හිතලා, ආයෙත් තක්සලාවට ගියා..
මේ තක්සලාවේ ගුරුතුමා ගොඩක් ධාර්මික, නැණවත් කෙනෙක්... ඔහුට හිටියේ වයසක මවක් විතරයි..
ඇයගේ වයස අවුරුදු 120ක්...ඇයගේ ඇස් පේන්නෙත් නෑ..කුදු ගැහිච්ච ඉතා දුබල වෙච්ච ආච්චි කෙනෙක්..
මේ ගුරුවරයා ඇයව නහවලා, කවලා, පොවලා, තමන්ගේ අතින්ම හැම දෙයක්ම කරලා ආදරයෙන් බලාගන්නවා..
හැබැයි ගමේ අනෙක් මිනිස්සු ඒක දැකලා හිනා වෙලා, පිළිකුල් කරලා හිටියත්, ඔහු ඒවා ගණන් ගත්තේ නැහැ..
පස්සේ ඔහු හිතුවා,..“මම මේ පිරිසගෙන් ඈත් වෙලා වනයට ගිහින් අම්මාවත් එක්ක තනියම ජීවත් වෙන්න ඕනේ.” කියලා..
ඒක නිසා, කැලේ ගෙයක් හදාගෙන , බඩු ටිකත් අරගෙන, අම්මාවත් ඔසවාගෙන කැලේට ගියා...ගිහින් වයසක අම්මටත් උපස්ථාන කරමින් ජීවත් වුණා.
මේ අතරේ "අසාත මන්ත්‍රය" ඉගෙන ගන්න ආපු අර තරුණයා, ගුරුතුමා හොයගෙන කැලේටම ආවා..
ගුරුවරයා මුණ ගැහිලා..
“ගුරුතුමනි, මට අසාත මන්ත්‍රය ඉගැන්නුවේ නෑනේ,” කියලා කිව්වා..
මේ නුවණැති ගුරුතුමාට ඒ වෙලාවේම තේරුණා — මේක ඇත්ත මන්ත්‍රයක් නෙවෙයි, මේ තරුණයාට ස්ත්‍රීන්ගේ දුර්වල ස්වභාවය පෙන්නන්න දෙමව්පියන් විසින් කරන ලද උපායක් කියලා..
ඒක නිසා ගුරුතුමා කිව්වා,
“හරි දරුව, මම උඹට ඒ මන්ත්‍රය උගන්වන්නම්...
හැබැයි අද ඉඳලා උබ මගේ අම්මාව උඹ බලාගන්න. නහවන්න, කවන්න, පොවන්න ඕනී...
ඒ වගේම නුඹ ඇගේ අත්පා පිරිමදින්න... ඒ අතරේ ඇගේ රූපය වර්ණනා කරන්න... ඇය මොනවා හරි කියනවා නම්, ලජ්ජා නැතුව මට ඇවිත් කියන්න ඕනී...”
තරුණයා ඒක පිළිගෙන, ඒ විදියටම වැඩේ කළා..
ටික දවසක් යද්දී, අර තරුණයාගේ වැඩ නිසා අවුරුදු 120 ක් වයසට ගිය ඇස් පේන්නේත් නැති, ඒ ගුරු මවගේ හිතේ අර තරුණයා ගැන වැරදි සිතිවිලි පහල වුණා.
ඇය හිතන්න පටන් ගත්තා,..
“මේ තරුණයා මට ආසයි වගේ…මාත් එක්ක එකට ඉන්න කැමති පාටයි ”
එක දවසක් ඇය කෙලින්ම තරුණයාගෙන් අහුවා,
“ඔබ මාත් එක්ක එකට ඉන්න කැමතිද?”
“මම නං කැමතියි… ඒත් අපේ ගුරුතුමා බොහෝම ගෞරවණීය කෙනෙක්නේ...ඒ ගුරු ගෞරවය නිසා මට නං ඒ වැඩේට එකඟ වෙන්න බෑ..”
ඒක අහපු වයසක මව කිව්වා,..
“එහෙම නම්, ඔයා මගේ පුතා මරලා දාන්න...එතකොට අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් නේ..
තරුණයා ගැස්සිලා ගියා...
“මට ශිල්ප දෙන ගුරුතුමා මරන්නේ කොහොමද?”
අනේ මට බං බෑ.."""
“ඔයාට බැරි නං කමක් නෑ.., මම ම ඔහුව මරන්නම්,” කියලා වයසක ඇය කිව්වා.
පොරොන්දු වූ පරිදි තරුණයා මේ හැමදේම ගුරුතුමාට ගිහින් කිව්වා..
ගුරුතුමාට තේරුණා — වයසක ඇයගේ ආයු කාලෙත් ඉවර වෙන්න ලඟයි කියලා..
ඒ නිසා, ඔහු මේ තරුණයාට සසරේ හැටි කියලා දෙන්න ඔනී කියාලා හිතලා, ලී කඳක් අරගෙන එකේන් තමන්ගේ ප්‍රමාණයට රූපයක් හදලා,
ඇඳ උඩ තිබ්බා..,
තමන් ඇඳේ නිදා ඉන්නවා වගේ සකස් කළා..
ඒ වගේම මවගේ ඇඳ ලඟ ඉදලා ලණුවක් ඇද්දා තමන්ගේ ඇඳ වෙත...මොකද මේ අම්මට ඇස් පේන්නේ නෑ නේ..
පස්සේ ගුරුතුමා තරුණයාට කිව්වා,
“ගිහින් ඇයට කියන්න, මම ඇඳේ නිදාගෙන ඉන්නවා...හැකි නම් මරන්න කියලා.”
වයස ගිය මවත් පොරවක් අරගෙන, වෙවුල වෙවුල අර ලණුව අල්ලගෙන ඇවිත්, ඇඳේ තිබ්බ ලී රූපයට ගැහුවා...
“ටං” කියලා සද්දයක් ආවා...
එතකොටම ඇයට තේරුණා — තමන් රැවටුණා කියලා...ඒ ඇති වුන ලැජ්ජාවත් කම්පනයත් නිසා ඇය එතැනම මැරිලා වැටුණා...ඇය කොහොමත් ආයුෂ අවසන් වෙලා එදාම මැරෙන්න තමයි නියම වෙලා හිටියේ..
පස්සේ ගුරුතුමා ඇයගේ අවසන් කටයුතු කරලා, තරුණයාට කිව්වා,..
“දරුව, "අසාත මන්ත්‍රයක්" කියලා වෙන දෙයක් නෑ.
‘අසාත’ කියන්නේ ස්ත්‍රීන්ගේ වංක, අස්ථිර, කෙලෙස් සහිත ස්වභාවයටයි...ඒක තමයි උඹට ඔය පෙන්නුවේ.”
තරුණයාට ඒක හිත ගැස්සිලා ගියා...ඔහු ආපහු ගෙදර ගියා.., අම්මා අහුවා,
“පුතා නුඹ "අසාත මන්ත්‍රය" ඉගෙන ගත්තද?”
“ඔව් මෑණියනි. දැන් මට ගිහි ජීවිතේ වැඩක් නෑ. මම පැවිදි වෙන්න යනවා.”
ඒ තරුණයා පැවිදි වෙලා වනයට ගියා..
මේ කතාව බුදුරජාණන් වහන්සේ වදාලේ, සසුනේ උකටලී වෙලා හිටපු භික්ෂුවක් උදෙසායි..මේ ජාතක කතාව දේශනා කරලා කියූ ධර්මය අවසානයේ ඒ භික්ෂුව සෝවාන් වුනා..
එදා ගුරුවරයා වෙලා හිටියේ අපගේ අරහත් සම්මා සම්බුදුර්ජාණන් වහන්සේයි...
තරුණයා වුනේ අපගේ ආනන්ද මහරහතන් වහන්සේයි..
තරුණයාගේ මව සහ පියා උනේ, භද්දකාපිලානි අරහත් තෙරණිය සහ මහා කාශ්‍යප මහරහතන් වහන්සේයි..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
වයස අවුරුදු 120ක ඇස් පේන්නේ නැති, ආච්චි කෙනෙක්ටත් තරුණයෙක්ගේ ස්පර්ෂය විතරක් නිසා රාගය උපන්නා.. මේක මේ ස්ත්‍රීන්ට විතරක් තියෙන එකක් නෙවෙයි..පිරිමියාටත් එච්චර තමයි..වයසක සීයා කෙනෙක්ට පුංචි අත දරුවෙක් ගැන රාගයක් හට ගන්න පුලුවන්..
මේ රාගය කියන්නේ අන්න ඒ වගේ භයානක එකක්..
මේ සසරේ අපත් "අධර්ම රාගයේ" ගොදුරක් වෙන්න බැරි නෑ... මේ යන විපරිත සමාජ රැල්ලත් එක්ක, අනාගතයේ මනුස්ස ලෝකේ දරුවන් මව,පියා,සහෝදරයන්, ගුරුවරු සමඟ රාගයෙන් මුසපත් වෙන එක නවත්තන්නත් බෑ..
බුදුරජාණ වහන්සේ දේශනා කොට වදාළ ඒ අනාගතය අපට මූණ දෙන්න සිද්ධ වෙනවාමයි..
හැබැයි මේ අධර්ම රාගයෙන් අනාගත දරුවන් බේර ගන්න නං, අනිවාර්‍යෙන්ම පුංචි කාලේම දහමට යොමු කරන්නම වෙනවා..ගුණ ධර්ම කියලා දෙන්න වෙනවා.. විශේෂයෙන් දරුවන් ඉගෙන ගන්න ගුරුවරුන් ගැන සොයා බලන්නට වෙනවා..මොකද පුංචි කාලේ දරුවන් වඩාත් පිලිගන්නේ දෙමාපියන්ගේ වචනය නොව ගුරුවරුන්ගේ වචනයයි..එක වැරදි ගුරුවරයෙක් ගේ එක වැරදි වචනයක් ඇති දරුවන් දහස් ගණනකගේ ජිවිත විනාස වෙන්න...
අපත් සසරේ අධර්ම රාගයේ ගොදුරක් වෙන්න කලින්, මේ ඝෝර සසරෙන් වහ වහා ගැලවීම තමයි වටින්නේ..🙏🙏🙏
අසාතමන්ත ජාතක කතාව ඇසුරෙනි...