සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (කලාප/ කොට්ඨාස) මඟින්,
කෘත්‍යාධිකාරී පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලා මඟින්,
නවක පත්වීම්ලාභී පරිවේණාචාර්ය ස්වාමීන්වහන්සේලා සහ මහත්වරුන් වෙත,

200 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය මගින් අනුමැතිය ලබාගත් නවක පරිවේණාචාර්ය පත්වීම් ප්‍රදානය ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

දිනය :- 2024.03.25
වේලාව :- ප.ව.1.00
ස්ථානය :- අධ්‍යාපන අමාත්‍යාංශය හත්වන මහල ශ්‍රවණාගාරයේදී

ඒ අනුව පත්වීම්ලාභී පැවිදි ස්වාමින් වහන්සේලා ශ්‍රමණ සාරුප්‍යයට ගැලපෙන ආකාරයෙන් හා ගිහි පරිවේණාචාර්යවරුන් ජාතික ඇඳුමින් හෝ යුරෝපීය ඇඳුමින් සැරසී ප.ව.13 පැයට පෙර තමාට හිමි අංකය රැගෙන ලේඛනයේ අත්සන් කර අසුන් ගන්නා මෙන් කාරුණික ව දන්නවා සිටිමි.

අනුමත පරිවේණාචාර්ය නම් ලැයිස්තු පිළිබඳ තොරතුරු විමසීම් සඳහා පහත දුරකථන අංක භාවිතා කරන්න.

0719294932 – චන්දානන්න්ද හිමි (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ – පාලන)

0711045916 – කවිශ්ක සමරවික්‍රම (සම්බන්ධීකරණ ගුරු උපදේශක)

ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි
අධ්‍යක්ෂ (පිරිවෙන්),
අධ්‍යාපන ලේකම් වෙනුවට

views -301

Leave A Comment