පලකළ දිනය - January 20, 2024

200 වැනි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයට ඉදිරිපත් කරන ගුරුයෝජනා 2024.01.23 දිනට පෙර පිරිවෙන් අධ්‍යාපන අංශයට භාර දෙන මෙන් මේ වන විට ගුරුයෝජනා අපේක්ෂකයින්ට පිරිවෙන් අධ්‍යාපන අංශය දැනුවත් කර තිබේ. ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ 2024.01.24 දින අධ්‍යාපන අමාත්‍යංශයේදි පැවැත්ව‌ෙන බව ද මේ සමග ම දන්වා ඇත.

ගුරුයෝජනාව ලබාදීමේදී ,

1. පුරප්පාඩුව නිසි පරිදි සනාථ කරගැනීට අදාළ ලේඛන අමුණා එවීම.

2. කෘත්‍යාධිකාරී ලිපි ශීර්ෂය භාවිත කර ඉල්ලීම් ලිපිය හා වැඩභාරදීමේ ලිපිය මුද්‍රිත අකුරෙන් පැහැදිලි තොරතුරු සහිතව ඉදිරිපත් කිරීම.

3. අනුමත කරන විෂයට අදාල අධ්‍යාපන සුදුසුකම් හා කාලච්ඡෙද නිවැරදිව යෙදීම.

4. වාර්ෂික වාර්තාවට අනුව සාමාන්‍ය ගණනට අදාලව පමණක් බඳවා ගැනීම.

5. පැවිදි ගිහි අනුපාතය නො ඉක්මවීම.

6.විශ්ව විද්‍යාල අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ද යන වග.

7. අ.පො.ස උ.පෙළ / ප්‍රාචීන මධ්‍යම සුදුසුකම් මත බඳවා ගැනීම් වලදී යෝජිත කාලසටහනට අ.පො.ස උ.පෙළ හා ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසාන පන්ති කාලසටහන් නොයෙදීම.

8.නි.අ.අ (පිරිවෙන්),ස.අ.අ(පිරිවෙන්) හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අත්සන් හා නිල මුද්‍රා නිවැරදිව යෙදීම.

9. පැවිදි පුරප්පාඩු සඳහා ගිහි අය ඉදිරිපත් නොකිරීම.

යන මූලික කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමුකර හැකි ඉක්මනින් අදාළ කාර්යය සිදු කරන මෙන් සිහිපත් කර තිබේ.

views -428

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: Manaranga

Leave A Comment