මිනිසා විසින් මිනිසාගේ ප්‍රගමණයට නිර්මාණය කරගත් දෑ අතර එහිලා තොරතුරු තාක්ෂණයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අදවන විට මිනිසාට තොරතුරු තාක්ෂණයෙන් වෙන් වී ජීවත් වීමට නොහැකි තත්වයට සමාජය පත්වෙමින් පවතී. සමාජගත සෑම කේෂත්‍රයකට තොරතුරු තාක්ෂණය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
• බැංකු ක්ෂේත්‍රය (ATM, ක්‍රෙඩිට් කාඩ්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම)
• සන්නිවේදන ක්ෂේත්‍රය (දුරකථන, අන්තර්ජාලය, ෆැක්ස්)
• ප්‍රවාහන ක්ෂේත්‍රය (ටිකට්පත් නිකුත් කිරීම, ගුවන් යානා හැසිරවීම, මාර්ග සංඥා මෙහෙයවීම)
• මාධ්‍ය ක්ෂේත්‍රය (විකාශන විසුරුවාහැරීම, පටිගත කිරීම, ශ්‍රව්‍ය හා දෘශ්‍ය නිර්මාණ සංස්කරණය)
• වෛද්‍ය ක්ෂේත්‍රය (ECG, EEG, CT, MRI, US SCAN, රසායනික විශ්ලේෂණ, සැත්කම්)
• අධ්‍යාපන ක්ෂේත්‍රය (පරිගණක සහයක ඉගෙනුම [CAL], පරිගණක සහයක ඇඳීම [CAD], ඉදිරිපත් කිරීම්, ප්‍රකාශන, ගවේෂණ)
• ආරක්ෂක ක්ෂේත්‍රය (මිසයිල හැසිරවීම, සංඥා හැසිරවීම, න්‍යෂ්ටික විෂ්ලේෂණ)
මෙසේ සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වෙමින් පවතින මෙම තොරතුරු තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය විෂයෙහි ද ඉමහත් ලෙස ව්‍යාප්තවී තිබේ. ඉගෙනීම් ඉගැන්වීම් මෙන් ම අධ්‍යාපන කළමණාකරණ ක්ෂේත්‍රයට ද මින් සිදුවී ඇති සේවාව අතිමහත් ය.

එබැවින් පිරිවෙන් ක්ෂේත්‍රය තුළ සාම්ප්‍රධායික අධ්‍යාපන ක්‍රමයට කිසිදු හානියක් නොවන ලෙස තොරතුරු තාක්ෂණ පිරිවෙන් ක්ෂේත්‍රය තුළ ව්‍යාප්ත කරීම හා ඉන් ප්‍රතිලාභ ක්ෂේත්‍රයට ලබා ගැනීම අපගේ මූලික අභිලාශය යි. මෙම අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන පිරිවෙණ.lk වෙබ් අඩවිය තුළින් පිරිවෙන් ක්ෂේත්‍රයට අවශ්‍ය ඉගෙනීම් ඉගැන්වීම සම්පත් හා පරිවෙන් කළමණාකරනයට අවශ්‍ය සම්පත් සම්පාදනය මෙම වෙබ් අඩවිය තුළින් මූලිකව සපයයි. එබැවින් පිරිවෙනෙහි අභිවෘද්ධිය උදෙසා මෙම වෙබ් අඩවිය පරිහරණය කරනල ලෙස අප සියළුම දෙනාගෙන් ඉල්ලා සිටින අතර මෙම වෙබ් අඩවිය නිර්මාණය කරගැනීමට අපට උපදෙස් ලබා දුන් පිරිවෙන් අධ්‍යපන අධ්‍යක්ෂක විජිත වෙලගෙදර මැතිතුමාටත් පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක බලගොඩ අමරජෝති නා හිමිටත් කළුතර දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂක පල්ලේගම වංගීස හිමිටත් සිය කාලය, ධනය යොදවමින් මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කරන ශාස්ත්‍රපති  බලංගොඩ ධම්මරතන හිමියනුත් මෙහිලා සිහිපත් කරන්නේ ස්තුතිපූර්වකවයි.

අවසන් වශයෙන් මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් ඔබට ඇති ගැටළුමෙන් ම මෙම වෙබ් අඩවිය සදහා ඔබගේ සම්පත් දායකත්වය ද ලබා දී පිරිවෙන් ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් ලෙස මෙම වෙබ් අඩිවය භාවත කරනමෙන් ශාසනාලයෙන් මතක් කර සිටිමි තෙරුවන් සරණයි.

 

විද්‍යාපති තලංගල්ලේ රතන හිමි.

පරිගණක ගුරු උපදේශක (පිරිවෙන්)

කළුතර දිස්ත්‍රික්කය

Written by : piadmin

Subscribe To My Newsletter

BE NOTIFIED ABOUT BOOK SIGNING TOUR DATES

Donec fringilla nunc eu turpis dignissim, at euismod sapien tincidunt.

Leave A Comment