පිරිවෙන.lk වෙබ් අවකාශය මේ අයුරින් දිගහැරෙන්නේ පිරිවෙන් ක්ෂේත්‍රය තුළ ඇති කාලීන තොරතුරු සංනිවේදනය කිරීමේ අරමුණිනී. පිරිවෙන් ක්ෂේත්‍රය තුළ පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති බොහෝ තොරතුරු මෙමගින් ඔබ වෙත ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි. පිරිවෙන් පෙළ පොත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ලේඛන ආදිය අවශ්‍ය වූ විට ඒවා පහසුවෙන් මෙම වෙබ් අඩවිය තුලින් ලබාගැනීමට පුළුවන්කම ඇත. මෙම වෙබ් අඩවියෙන් පිරිවෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් කටයුතු පහසු කරවීමේ අරමුණින් ඒ ඒ විෂයයන්ට අදාළව වීඩියෝ පාඩම් මාලා එක් කිරීමට මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතී. මෙම වෙබ් අඩවිය 2018-02-06 වන දින හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) අතිපූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤානරතන නා හිමියන්ගේ සුරතින් විවෘත කරන ලදී.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙහිලා අවවාද උපදෙස් ලබා දෙන පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍යපාද බලගොඩ අමරජෝති නා හිමිපාණන් වහන්සේ සහ කළුතර දිස්ත්‍රික් පරිගණක ගුරු උපදේශක (හිටපු) පූජ්‍ය තලංගල්ලේ රතන හිමියන්ව කෘතවේදීව සිහිපත් කරමි.
PIRIVENA.LK team
විමසීම් – admin@pirivena.lk
2 Comments
Leave A Comment
You must be logged in to post a comment.
Pepar downloads
දැන් බලන්න
https://pirivena.lk/2019/05/15/past-papers-2017-end-term/