පලකළ දිනය - November 4, 2023

මෙම සම්මන්ත්‍රණය 2023/11/27 වන සදුදා දින ගම්පහ විද්‍යාරවින්ද මහ පිරිවෙනේ දී සහ 2023/ 12 / 02 වන සෙනසුරාදා දින මැල්සිරිපුර සිරිසගබෝ දන්සල් ශාලාවේ දී පැවැත් වේ. මෙම සම්මන්ත්‍රණයේ දී ගද්‍ය පද්‍යාවලියේ සෑම පාඩමකටම අදාළ අනුමාන වාක්‍ය සංස්කෘතයෙන් හා සිංහලෙන් සකස් කළ නිබන්දනයක් සපයනු ලැබේ. එසේ ම එම නිබන්දනය තුළින් සාහිත්‍ය ප්‍රශ්න හා පිළිතුරු ද ව්‍යාකරණ ප්‍රශ්න හා පිළිතුරු ද ලබා දේ.

එසේ ම සංස්කෘත I ප්‍රශ්න පත්‍ර 2ක් හා සංස්කෘත II ප්‍රශ්න පත්‍ර 2 ක් සම්මන්ත්‍රණය සිදු කරන අවස්තාවේ දී සිසුන් වෙතින්ම පිළිතුරු ලියවා සකච්චා කරන අතර මේ තුළින් සිසුන්ගේ දැනුම සංවර්ධනය කරනු ලබේ. මෙහි දී ගිලන්පස හා දහවල් දානය සපයනු ලැබේ.

කුරුණෑගල මල්සිරිපුර සම්මන්ත්‍රණයට සම්බන්ධ වන සිසුන්ට, මැල්සිරිපුර සැදැහැවත් දායක දායිකවන් විසින් දහවල් දානය, ගිලන්පස හා ගමන් වියදම් සදහා රුපියල් 1000 ක මුදලක් ලබා දෙයි.

නිබන්දන, ප්‍රශ්න පත්‍ර හා සම්මන්ත්‍රණය සදහා රුපියල් 2000ක මුදලක් අයකරනු ලැබේ.

සම්බන්ධ වන සිසුන්  0714421429 WHATSAPP අංකයට ඇමතුමක් ලබාදීමට කරුණික වන්න. දුරවැඩි නිසා සම්බන්ධවීමට නොහැකි සිසුන්ට අදාළ නිබන්දන තැපැල් මාර්ගයෙන් ලැබෙන්න සලස්වා දෙසැම්බර් මස අවසානයේ ONLINE සම්මන්ත්‍රණයක් පවත්වන අතර එය පසුව දැනුම් දෙනු ලැබේ.

මෙහයවීම – W.M.ජානක රජින්ද්‍ර කුමාර මහතා

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment