පලකළ දිනය - January 11, 2024

198 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයෙන් අනුමත වූ පුරප්පාඩු පරිවේණාචාර්ය තනතුරු සඳහා නවක පරිවේණාචාර්යවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (08) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

පත්වීම ප්‍රදානය කිරීම ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහල ශ්‍රී රාහුල ස්වාමීන්වහන්සේගේ සහ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මැතිතුමාගේ සහ පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (පාලන – පිරිවෙන්) ලක්ෂ්මන් පත්මකුමාර මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) නිලක්ෂි මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන – පිරිවෙන්) නිශාද් හඳුන්පතිරණ මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අංජන ඕවිටිගල මහතා, අධ්‍යක්ෂ (සංවර්ධන – පිරිවෙන්) කන්තලේ විජිතවංශ හිමි, අධ්‍යක්ෂ (මෙහෙයුම් – පිරිවෙන්) චිත්‍රා රෝහිණී මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී තනූජා ගම්මඩුවත්තගේ මහත්මිය, අධ්‍යක්ෂ (සැලසුම් පිරිවෙන්) සුදර්ශනී පීරිස් මහත්මිය ඇතුළු මාණ්ඩලික නිළධාරීන් සහ පත්වීම්ලාභී පරිවේණාචාර්ය ස්වාමීන් වහන්සේලා සහ ගිහි ගුරු භවතුන් පිරිසක් සහභාගී විණි.

pirivena.lk විසින් නව පත්වීම්ලාභී සියලූම පරිවේනාචාර්යවරුන්ට හදපිරි උණුසුම් සුභාෂිංශනය මෙයින් පුද කරමි.

views -328

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: Manaranga

Leave A Comment