දිවයින පුරා පිරිවෙන් ආවරණය වන ලෙස බහුකාර්ය සහයකයින් සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය ඊයේ (22) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ. එහිදී බහුකාර්ය සහයකයින් ලෙස 211 දෙනෙකු ස්ථිර පත්වීම් ලබා ගත්තා. ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහල ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේගේ සහ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන්වහන්සේගේ උපදේශකත්වයෙන්, පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,පිරිවෙන් පාලන අතිරේක ලේකම් ලක්ෂ්මන් පත්මකුමාර මහතා, පිරිවෙන් ජෙෂ්ඨ සහකාර ලේකම් අංජන ඕවිටිගල මහතා ඇතුළු  රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සිදු කෙරිණි.
views -378

Leave A Comment