පලකළ දිනය - May 16, 2024

2024.05.16 වන දින දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අතිපූජ්‍ය තවලම සිද්ධත්ත නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්ක ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධන වැඩසටහන ගරු පරිවෙිණාධිපති ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් මාතර සිද්ධාර්ථෝධය පිරිවෙනේදී පැවැත්විය. මෙම අවස්ථාවට මාතර අධ්‍යාපන කලාප බාරව කටයුතු කරනු ලබන සහකාර අධ්‍යක්ෂ නාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මාතර දිස්ත්‍රික්ක ගුරු උපදේශක මණ්ඩලයද සහභාගී විය. ඉංග්‍රීසි භාෂාව පිළිබද ප්‍රවීණ දේශක නිලංග වෙිරගොඩ මහතා සමිපත්දායකත්වය ලබාදුන් අතර ඉංග්‍රීසි භාෂාව කථන මාධ්‍යයක් වශයෙන් තම පිරිවෙන තුළ ප්‍රචලිත කළ හැකි ආකාරයට ඉතා සරළව, ප්‍රායෝගිකව සහ කාලෝචිතව සියලු දේශන සිදුකරන ලදි. මෙම පුහුණුවම මාතර දිස්ත්‍රික්ක ඉංග්‍රීසි ගුරුවරුනටද පසුගිය වසරේ මෙන් ලබාදිය යුතු බව එහිදී මනාව අවධාරනය වූ අතර ගරු පරිවෙිණාධිපති වහන්සේලාගේ පැසසුමි මැද කුසලතා සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම විය.

ඉංග්‍රීසි ගුරු උපදේශක මාතර
ටී. ඩී. විමල් අරුණ පුබුදු

views -208

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment