පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනේ මෙත්තා පරිගණක ආයතනය නව පරිගණක එකතු කොට මුලුමණින්ම අලුත්වැඩියා කොට නැවතත් සිසුන්ගේ පරිහරණයට පහසුවන ආකාරයට නවීකරණය කර චාම් උත්සවයකින් 2025.07.04 දින විවෘත කරන ලදී. මේ සදහා සම්පූර්ණ මූල්‍යමය සහ අධීක්ෂණ කටයුතු ව්ජය සෞගතවිද්‍යාලය මහ පිරිවෙනේ ආදි ශිෂ්‍ය මෙම පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත ගගුල සිරිපරම විසුද්ධාරාමය සහ එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමය යන විහාරයන්හි විහාරධිකාරී පූජ්‍ය එරියාවේ මංගල හිමියන් විසින් සිදුකරන ලදී.
උන්වහන්සේ එම සත්කටයුත්ත සිදුකිරීමේ අරමුණ වී ඇත්තේ තමන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වන සිංහපුර ධම්මාරාම හිමියන් උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමත් ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් සමත්වීම ආයතනයට දක්වන කෘතගුණයක් වශයෙනි.
මේ කටයුත්ත සාර්ථක කරගැනීමට සහයෝගය දුන් කෘත්‍යාධිකාරී පානදුර උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකම් අතීපූජ්‍ය පානදුරේ විජිතනන්ද නාහිමිපාණන් වහන්සේ සහ වත්මන් පරිවෙණාධිපති තන්තිරිමුල්ල ඉන්ද්‍රාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති අතිපුජ්‍ය හපුගොඩ පියංකරතිස්ස හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් ආචාර්ය භවතුන් ද කෘතවේදීව සිහිපත් කරන අතර විවෘත කිරීමේ උත්සවයට හිටපු පරිවෙණාධිපති පානදුර දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය පින්වත්තේ අනුරුද්ධ නා හිමි හා අප පිරිවෙණෙහි විශ්‍රාමික ආචාර්ය රාජකීය පණ්ඩිත විචිත්‍ර ධර්ම දේශක හෑගොඩ විපස්සි නා හිමිපාණන් වහන්සේ. නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රපති යාලගමුවේ සීලරතන හිමි ඇතුලු ගුරු සිසු සියල්ලෝම සහභාගී වූහ.