පලකළ දිනය - December 1, 2023

ගරු පරිවේනාචාර්ය ස්වාමින් වහන්සේලා වෙත.

පැය 150 දෙමළ භාෂා පාඨමාලාව සම්බන්ධවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව වෙත පැය 150 ක දෙමළ භාෂා පාඨමාලාවක් සඳහා පැවිදි පරිවේනාචාර්ය ස්වාමීන්වහන්සේලා හතළිස් දෙනමකට (42) පහසුකම් ලබා දී ඇත. මෙය සම්පූර්ණව නොමිලේ සිදු කරන අතර දින 21ක් තුළ මෙම පාඨමාලාව අවසන් වේ. එහි දී, දින තුනක් නේවාසිකව ද දින 18 ක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද පවත්වනු ලැබේ. මෙම පාඨමාලාව සිදු කිරීමට තෝරාගනු ලබන්නේ පරිවේනාචාර්ය සේවයේ 3II ශ්‍රේණියේ නුපුහුණු පරිවේනාචාර්ය ස්වාමීන්වහනසේලා පමණක් බව සැලකිය යුතුය. එක් පිරිවෙන් ආයතනයකින් එක් ස්වාමීන් වහන්සේ නමක් පමණක් අයදුම් කළ හැකිය. එම ස්වාමීන් වහන්සේලා 2023.12.03. වන දිනට පෙර මේ සමග ලබා දී ඇති Google form එක සම්පූර්ණ කරන ලෙස මතක්කරමි. ඉතා සීමිත සංඛ්‍යාවකට පමණක් මෙම වරප්‍රසාදය ලබා දීමට හැකි වේ. මෙය සම්පූර්ණ කිරීමට හැකි අය පමණක් අයදුම් කරන ලෙසත් කිසිම හේතුවක් මත තෝරාගැනීමෙන් පසු ඉවත්වීමට නොහැකි බවත් දන්වා සිටිමි. මුලින්ම ලැබෙන අයදුම්පත්‍ර වලට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.

මෙය පවත්වන දිනය , වේලාව සහ ස්ථානය පිළිබඳ තොරතුරු තෝරා ගැනීමෙන් පසුව ලබා දෙනු ලැබේ.
විමසීම් :- බී.ටී.ඩී.ඩී.එල්. කුමාර -077 9931023 (වට්ස්ඇප් අංකය)
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( පිරිවෙන්- දෙමළ විෂය)

https://forms.gle/Jbwtq8VLxdhtMd4Z6

views -549

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment