Grammar L-20 – か (ka)
Post Author:
Sameera Ranasinhe
Categories:
Date Posted:
December 23, 2024
Share This:
Introduction to か (Ka)
か (ka) යනු ජපන් භාෂාවේ ප්‍රශ්න පදයකි. බොහෝවිට, වාක්‍යය අවසානයේ භාවිතා කරමින් ප්රශ්නවල අර්ථය දැක්වීමට යොදා ගනී. එසේම විකල්ප දැක්වීමට, වාක්‍ය දෙකක් අතර සංසන්දනයක් පෙන්වීමටත් භාවිතා කළ හැක.
Usage of か (Ka)
- As a question particle (ප්‍රශ්න පදය):
- වාක්‍යය අවසානයේ “ද” වශයෙන් අර්ථය ගෙනෙයි.
Example: これはペンですか? (Kore wa pen desu ka?)
Sinhala: “මෙය පෑනක්ද?”
- වාක්‍යය අවසානයේ “ද” වශයෙන් අර්ථය ගෙනෙයි.
- To show alternatives (විකල්ප දැක්වීමට):
- දෙකක් හෝ වැඩි විකල්ප අතර “ද…ද?” ලෙස භාවිතා වේ.
Example: コーヒーかお茶ですか? (Koohii ka ocha desu ka?)
Sinhala: “කෝපිද හෝ තේද?”
- දෙකක් හෝ වැඩි විකල්ප අතර “ද…ද?” ලෙස භාවිතා වේ.
- In indirect questions (අනෙකුත් ප්රශ්නවලදී):
- වාක්‍යය තුළ ප්‍රශ්නයක් ඇතුළත් කරයි.
Example: 彼が来るかどうか分かりません。 (Kare ga kuru ka dou ka wakarimasen.)
Sinhala: “ඔහු එන්නේද නැද්ද නොදනී.”
- වාක්‍යය තුළ ප්‍රශ්නයක් ඇතුළත් කරයි.
Examples with Pronunciation and Sinhala Meaning
- これは本ですか?
- Romaji: Kore wa hon desu ka?
- Sinhala: “මෙය පොතක්ද?”
- あなたは学生ですか?
- Romaji: Anata wa gakusei desu ka?
- Sinhala: “ඔබ ශිෂ්‍යයෙකුද?”
- 日本人ですか?
- Romaji: Nihonjin desu ka?
- Sinhala: “ඔබ ජපන් ජාතිකයෙක් ද ?”
- ここは学校ですか?
- Romaji: Koko wa gakkou desu ka?
- Sinhala: “මෙය පාසලක්ද?”
- それは何ですか?
- Romaji: Sore wa nan desu ka?
- Sinhala: “එය මොකක්ද?”
- この本は誰のですか?
- Romaji: Kono hon wa dare no desu ka?
- Sinhala: “මේ පොත කාගේද?”
- 東京に行きますか?
- Romaji: Toukyou ni ikimasu ka?
- Sinhala: “ඔබ ටෝකියෝ යනවාද?”
- 今日は雨ですか?
- Romaji: Kyou wa ame desu ka?
- Sinhala: “අද වැස්සද ?”
- 映画を見るか、テレビを見るか?
- Romaji: Eiga o miru ka, terebi o miru ka?
- Sinhala: “චිත්‍රපටයක් බලනවද , රූපවාහිනිය බලනවද ?”
- 彼が来るかどうか知っていますか?
- Romaji: Kare ga kuru ka dou ka shitteimasu ka?
- Sinhala: “ඔහු එනවාද නැද්ද කියල දන්නවද ?”
- これはあなたのペンですか?
- Romaji: Kore wa anata no pen desu ka?
- Sinhala: “මෙය ඔබේ පෑනද ?”
- 犬が好きですか?
- Romaji: Inu ga suki desu ka?
- Sinhala: “ඔබ බල්ලාන්ට කැමතිද?”
- これを食べますか?
- Romaji: Kore o tabemasu ka?
- Sinhala: “ඔබ මේව කනවාද?”
- 電車かバスで行きますか?
- Romaji: Densha ka basu de ikimasu ka?
- Sinhala: “දුම්රියෙන්ද නැත්නම් බසෙන්ද යන්නේ?”
- それは本当ですか?
- Romaji: Sore wa hontou desu ka?
- Sinhala: “එය සත්‍යයද?”
- 彼女は医者ですか?
- Romaji: Kanojo wa isha desu ka?
- Sinhala: “ඇය වෛද්‍යවරියක්ද?”
- 電話番号を知っていますか?
- Romaji: Denwa bangou o shitteimasu ka?
- Sinhala: “දුරකථන අංකය ඔබ දන්නවාද?”
- 何時に来ますか?
- Romaji: Nanji ni kimasu ka?
- Sinhala: “ඔයා කියටද රන්නේ ? “
- コーヒーかお茶、どちらがいいですか?
- Romaji: Koohii ka ocha, dochira ga ii desu ka?
- Sinhala: “කෝපිද හෝ තේද, කුමක් හොඳද?”
- 明日は休みですか?
- Romaji: Ashita wa yasumi desu ka?
- Sinhala: “හෙට නිවාඩු ද?”
Summary
- か වාක්‍ය අවසානයේදී ප්රශ්නවල අර්ථය පෙන්වයි.
- “ද” හෝ “ද නැත්නම්” යන අර්ථයන් සපයයි.
අප වෙබ් අඩවිය සමග එක්ව වෙනත් භාෂා පිළිබද පාඩම් මාලාවන් එකතු කිරීමට ඔබට හැකියාවක් ඇත්නම් අපව සම්බන්ධ කරගන්න.
recent posts
1702, 2024
1702, 2024