පලකළ දිනය - May 19, 2019
1. සැරද කිර රද සඳ – නන් වන් රුවන් රූ වන් – සහ‘කුරු මියුරු තෙපුලෙන් – සව් ලෙව් සතන් හදනා
2. ඉඳු දුනු පැහැ දිනු – තුනු සිරිනු’දුල ම-මිතුර – ළඳ සොඳ අදර වැනි තගෙ තෙල තුඩ දුටුව
ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව – වන වනපති තුරෙහි – පුර පුරපතින් මැඳුරෙහි
නඳව නිතොර ලැබ පිය පියකර පහස – රඳව ප ව ර කෙළි කෙළ කෙළ හැම දවස
දි සි දි ය කු ස හැම සියොතුන්ගෙන් ගුරුව – නිසි ය ස රැ ස කියවන නුවණින් සරුව
ඉ සි වර ලෙස නිති පණිවායෙන් දුරුව – රි සි ප ල ර ස විඳ සතොසින් දවසරුව
3. ල ද ය ම් කෙනෙක් සරසවි බැලුම’සක් නිසි – කොතරම් වුවත් මුළු ලොව කෙරෙති අතවැසි
එ ත රම් පසිඳු සරසවි දෙවිය අත වැසි – ම න රම් කෙනෙක් තෙපිමය පරසිදු සුබැසි
4. මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල – ස ව න් පුරා පැමිණෙත මිතුර මන කල
ලෙවන් නොයෙක ලෙස කීවත් සැප විපුල – නි ව න් දකින තෙක් සැප නම් එමැයි බල
5. දි රා වැටෙන තුරු තුර නොහැර ඉඳ තො සේ – පු රා තනෙහි පරසිදු මුළු තෙ දියකු සේ
ගි රා කුල උපන් සකි තොපගෙ සිත් ලෙ සේ – පු රා මිතුරු දම් අමුතුව වනනු කෙ සේ
6. පෙ මා වඩන ඉටු සකි සඳිනි දස දෙ ස – යොමා නුවන බැලුවත් මුළු මෙලෝ කු ස
මෙ මා සිතන කටයුතු සිදු කරන ලෙ ස – ප මා නොවන මිතුරෙක් නැත මෙතෙප මි ස
7. විශිෂ්ට පක්ෂපත්රත විචිත්රස පවිත්ර චාරිත්රි ඇති මිත්රෝේත්තමය
පක්ෂීන් අතුරින් තොපම දූත ක්රිටයවෙහි යොදනු පූර්ව් චාරිත්රුයක්ම නො?
8. හි ම සෙ ල් අතර කෙළ ලක් රකුසන් විසි නී – රැ ක ව ල් කළ කුවෙර අබතුර අඹතුරි නී
ලොහොදැල් තුළට වැද මී අඹ ගෙන දෙමි නී – පෙ ර ක ල් රජෙකු තුටු කෙළෙ ගිරවෙක ත-වැ නී
9. බ ඹ ද ත් රද රදුන්හට විස යෙදූ ස ඳ – එ ප වත් අසා සෙද සෙබළුන් යවා ත ද
ම හ සත් ගුණෙන් පිරි මහ ඔසු පඬී ස ඳ – දියසෙත් කෙළේ එක් කිරිෙඳකු සඳා වෙ ද
10. එ බ ව සි තා දැන් වන ලෝවැඩ පිණි ස – ර ව ප තා නොවමින් මඳකුත් අල ස
ගි ර ව මෙතා සිත වඩමින් පිය’දහ ස – අ ස ව ඉතා සතොසින් ම කියන මෙබ ස
11. හරගිරි රසිනු’දුල – දිනිසුරු අලකපුර යුරු – ප සි ඳු තරි ඳු මෙන් මුළු ලොව නිති බැබ ළී
න තිඳු සිනිඳු තුනු කැල්මෙන් වනෙ’කහෙ ළී – පෙර සිට ඉටු නොපටු – තොටගමු වෙහෙර විසිතු රු
ති ර සර ගැඹුරු ගුණ පිරිසිදු පිළිවෙති න – ම න හර මහරු සඟ ගණ සමග වැජඹෙ න
තෙව ළා රුවන’කර උඩු යටි කර රුව ට – අ ල ළා ගැඹුරු පද’රුත් මිණි දෙන ලොව ට
තෙව ළා වදනි’සුරු විජයබ තෙරිඳු හ ට – නොවළා ගොසින් මෙ හසුන් සැළ කරව සි ට
12. එ හ සු න් මතු කියමි ඔබ ගිය සද සබ ඳ – තොපගෙන් පිළිවිසින දන විස්ම වන ලෙ ද
වෙ සෙ සින් මෙපුර සිරි වනනා ම බස් සො ද – සතො සින් මිණිකොඬොල් ලෙස තා සවන් ස ද*
13. ජ ය ව ද් ද න දැනුමැ’ති මැති යුතු පව ර – රුපු ම ද් ද න ගජ හය සෙන් පිරි නිතො ර
නොවරද්ද න සගමොක් මුනිදහම’ක ර – ජ ය ව ද් ද න පුරවර මෙය දනු මිතු ර
14. බ ඹා පළමුවෙන් ලොව පමණ නොදැන මා – අ ඹා තුබූසක්වළ ගිරි සෙ මෙතැන මා
ප බා විහිදී පවුරට නත දරණ යොමා – නොබා කියමි නොසරිද යන්තමක් තමා
15. එන සඳ පෙර මෙපුර කිරි සිඳු දුව තුටුව – සි ඳු ර ද විසින් ඇය රැකවරණට කැටුව
පි රි සි ඳ එවූ සිඳු කඩකෙ’ව් නොව පටුව – ඇමස ඳ පිරුණු දිය’ගල ලොබ වෙයි දුටුව
16. සු වි ස ල් අගල දිය තුළ පෙනෙන පැහැසර – ර ළ ‘වුල් සසල රිවි සඳ මඬල ඇම වර
තු ඟු තුල් පවුරු හිස පැන යනු බැරිව හැර – ර ස හල් පිවිස ගමන’රඹිනු වැනි මිතුර
17. ස ඳ රිවි තමන් රහු මුව පත් වූ සෙඳහි – බි ඳ ගන අඳුර එළි කරනුව රෑ දෙවෙහි
බැ ඳ සිය කිරණ පට ගිය මෙන් පහ අගෙහි – සොඳ රන් රිදී දද බබලයි පුර වරෙහි
18. හය කුර ග සි න් නැඟි රදසින් හිවි අඹර – ගජකන් ත ලි න් එන පවනින් යුත් මෙපුර
කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට නිතොර – සැඬකර ර සි න් සැඬ ගිමනින් දුක් කවර
19. අ ගි ල් කපුරු දුම් කඳ පැතිර පිහිකුළු – වි පු ල් මෙපුර රන් දෙදෙනු’දුල පහ කුළු
ළක ල් සුර’ඹ සිදු ලිය කෙළි සිරස කුළු – සි ය ල් හිමව් ගිරි කුළු සිරි පැයි ලකුළු
20. මෙ පු ර පහ’ග දිලි රන් කැරලි වසමිනි – පැ ති ර උලැඟි රොන් පට හය කුර ගසිනි
අ ඹ ර ඇඹරි දද’තින් පිස යනු කෙ වැනි – තොර සොඳුරු ගුරු පිරියම් කරන වැනි
21. සො බ න නොයෙක් පහ මිණි බිතිනි මනහර – පෙනෙන උදය දිවයුරු මඬල පැහැසර
ර ඳ න මෙපුරවර කුල’ඟන මුව තඹර – බ ල න වැන්න වැද වැද සිට මැඳුරතුර
22. සි ය ල් සිරින් මෙහි පහ කැරලි අග – තු මු ල් සුනිල් මිණි පැහැ පැතිර සුර මඟ
අ ස ල් වමින් රිවි සඳු හට පලඟ රඟ – සෙවෙල් ලෙසින් දිස්නෙය ගොස් අහස් ගඟ
23. තනා පබළු මුතු මිණි අබරණ පැළඳ – පිනා සඳලුවල සිටි සුර’ඟනෝ ලද
මනා ළපලු පත් මල් පල ගෙන නොමඳ – කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද
24. පි ය ක රු තෙනෙන් පැරදි පිවිසි වන විල – පි වි තු රු හසුන් එන ලෙස යළි ගෙ-දිගු විල
වි සි තු රු මෙපුරවර අඟනන් වෙමින් ලොල – පි ය යු රු පටින් බැඳ වසතී සිතේ බල
25. ක ලා සපිරි සසි වත මන කලා වන් – නි ලා තිබෙන බැම ඉඳු දුනු පිලා වන්
දු ලා තනන තන රන හස පිලා වන් – බ ලා පයැ’ද යනු බැරි පුර කලා වන්
26. රොද’ක් කන අලක මුතු පට ගොතා බැඳ – ස ඳ ක් බඳු වුවන මඳ හස යොදා නඳ
ම ඳ ක් මතු මහල සිටි එළි පෙනී සොඳ – උ ද ක් සුර’ඟනන් වැනි පුර’ඟනෝ ළඳ
27. වෙරළ ඉ ගි ළ තු ළ ර ළ වැළ ලෙස උලෙළ – නැබළ ප ට ළ පෙ ළ ලෙළ වමිනි කෙළ කෙළ
ක ර ළ කෙරළ මොළ බළ දළ දප පහළ – පු ව ළ සි හ ළ ද ළ බළ මුළු නිති ඔසළ
28. ම හ සෙ න් විකුම් සරු-මහ සෙන් නිතොර රඳනා – වෙසෙ සින් සියල් ඉසුරින්-පිරි සක් පුරෙ’ව් එපුරේ
29. පවර ඉසුරු පරසිදු දම්බා විරිදු – විරිදු නිරිඳු මත ගජ කුම්බා මිගිඳු
සතත සුසිරි නය නොකලම්බා පුරුදු – වැජඹි සොඳුරු සිරි පැරකුම්බා නිරිඳු
30. තවද, මේ නිජ භුජ බල පරාක්රිමාක්රාෝන්ත පර රාජ චක්රා වික්ර ම-ප්ර ශස්ත භූ චක්ර -චක්රිවර්ති ශ්රී පරාක්රිමබාහු මහා රාජෝත්තමයාගේ සංග්රාජම වික්රමාතික්රරම ප්රරතාප ප්රතදාන කීර්ත්යාදි ගුණෛකදෙශයක් ශ්රරවණය කර.
31. මෙ ර ද ගු ණෙ න් සව් සත සිත් සැනැහැවිය – නි බ ඳ දෙනෙ න් සිතුමිණෙකැයි ඇදැහැවිය
නොමඳ බෙලෙන් පෑලොව බල-දෙව් හැවිය – දු හ ද ර දු න් කග දලදරිනි නැහැවිය
32. ස ත සි ත රැඳි නිමල් ගුණ පසිඳු විකුමැති – සි රි ක ත සිරි කමල් වැනි මෙනිරිඳුගෙ නිති
මෙදි ය ත දිව සියල් තද තෙද’ග නොනැවති – රු පු ක ත නෙතසිලිල් සිඳු තෙර වැද නැවති
33. මෙරද රුපුන් ක ර පා වැජඹි මෙ දියත – සගුණ මහල් සි වු පා සිවු බිතිනි යුත
දස රද දම් මි ණිපා තද’ණ මැඳුරත – සතත සිතින් ස ත පා කෙළෙය සුබ සෙත
34. ප සි ඳු මොහුගෙ දළ දන් දලදර පබඳ – දි ළි ඳු සිතෙයි කලි මල දෙවියේ මතු ද
කි විඳු වදන් බිම බැබලුම් කර නිබඳ – සිනි ඳු යසස් ලිය සුහුඹුල් කෙළෙ නොමඳ
35. සකත අයුරු පැරකුම් නිරිඳුගෙ පවර – සමත විපුල් බල සිවුරඟ සෙන් ළතර
දිග ත පැමිණ කොද නොපහළ රුපු නුවර – යුගත සයුරු රළ නොපහළ තැන් කවර
36. සොරකම් කර රැගෙන වෙන වෙන වෙස් රුදුරු – සු රු ක ම් කළ පොරණ දියබඳහු නරතුරු
පැ ර කු ම් පෑ නොයෙක එක වෙස සිට සොඳුරු – පැ ර කු ම් රජුට සරි යැයි පවසති කවුරු
37. දෙසින් දෙසම දිසි යසසට මෙ නරනිඳු – අ සි න් අසක් වත් සරි වේ නම් තරිඳු
ඇසි න් ඇස පෙනෙත ලොව සැමට එක බඳු – ම සි න් මසට කුමකට අඩු වෙද උළිඳු
38. ළ ඳු න් සිනිඳු කොමළ’ත වැලඳි සිහිලසේ – න ඳුන් මෙහිමි සොඳ බඳ බදන ගුණ රැසේ
නු දු න් අතුරු උරගුන් දරණ කළ තොසේ – ස ඳු න් තුරෙක සරි යයි කියමෝද කෙසේ
39. සු ර තු රු අයුරු අතු අත රැඳි කනාලිය – නි ර තුරු සිටින රූ සිරිසර මනාලිය
පි ය කරු මෙරද රුසිරින් මද දිනා-ලිය – සු ර ගු රු හටද ඉන් නොම හැකි වනා-ලිය
40. මෙනිරිඳු මෙවන් ගුණ – මිණි රැස් අද නදන්හි – කෙරෙමින් නදන් සී අස් – නොවිහිද අදර අදසින්
41. සුර ගඟ තරඟ වැළ – මැද වන් සුපුන් සඳ රඟ – බඳ සෙල් වියන් යට වට මුතුලැලින් යෙදූ
මන කල් නිමල් දළ පුඬු සේසතින් රැදූ – හැම කල් දිලි විමල් – හර සෙල් සදිසි සිහසුන
සරා උදය දිවයුරු විලස නුබ ගැබේ – සරා බරණ කිරණින් එකෙ’ලි කර සබේ
ර න් මිණි වළලු නද දෙන කොමළ’තින් ළඳ – දු න් සුදු සිනිඳු වල්විදුනා පවන් විඳ
නන් සුර සෙනඟ මැද වන් සුරනිඳු සෙ නඳ – උන් සඳ පවර සිරි පැරකුම් නිරිඳු සඳ
42. සු ර’ඹ ලෙ සින් දන මන නෙත් ඇද වෙතට – ස ළ ඹ ගොසින් රන හස රැවු නිසරු කොට
නළ’ඹ තොසින් දෙන රැඟුමට පළමු කොට – මෙනුඹ ගොසින් වැද එනිරිඳු සබ මැදට
43. සු බ ඳ සියල් සිවු වේ දැන පිවිතුරුව – පැ ල ඳ කසුන් හූ අබරණ විසිතුරුව
නොමඳ පෙරෙවි බමුණන් සිට නිරතුරුව – එ ස ඳ කියන ජය තුති නද අනතුරුව
44. ඉගෙන අදිකරණ දැන රද නිය නොයෙක – නිති න පෙමින් මුළු සත් වග රකින ලක
එ දි න පැමිණි කටයුතු දන්වා නිසැක – සි ටි න දෙපස හැම මහ මැතිවරන් දැක
45. මු ද ලි ඳ බෙයද මුල සැඬ නෙලෙනි ඇම කලා – වැද වැද උලැඟි වන සිඳු තරඟ සිරි සුලා
ර ද ප ද තඹුරු කිරුළ’ග මිණි රසින් බලා – වැඳ වැඳ නැෙඟන පිරිවර නරනිඳුන් බලා
46. දෙ ස’ තු රු ඉසුරු නිරිඳුන් පියෙදූ ලකුළු – වි සි තු රු මහරු මිණි මුතු රන් පට පබළු
පි වි තු රු කපුරු කස්තුරු නිසි කසී සළු – පි ය ක රු පඬුරු නරනිඳුහට පෑ පැසුළු
47. ප ර සි දු කිවිඳු තෙපුලෙන් බැඳි දසට රට – මෙනිරිඳු විරිදු නොහැරම තෙසිය සැට
ලෙළවිදු රතත් රැඳි වැදි ගණ සිට දෙ පිට – ද ල නිඳු ගොසෙ’ව් තුති ගොස කර නැවති විට
48. ලි ය න කියන ලිය ගී රස විඳ නො හැර – වි ය න රඳන මිණි කිරණින් උන් පවර
න ය න නඳන පැරකුම් රදු දැන එතර – ත ය න ගමන සැළ කර සෙද ගන’වසර
49. ළකල් මිණි බිම් බිතු – කැල්මේ ගැලි නොපෙනී
ලිය ගී ලොබින් නොම සිට – එසබෙන් අවුත් මඳ තැන්
50. පෙර උවිඳා ගෙන ගිරි ඳා කිරි සයුර – ලඹන දා නැඟිනොමඳා ගොස අයුර
තුරු සමුදා නද ඇම දා දෙන නොහැර – වැද දළ දා ගෙට දළ දා වඳු මිතුර
51. දළ දා පුදට දිව සෙන් එන ගුවන් මග – ඇමදා දිලෙන දුටුවන් කර නුවන් දඟ
විහි දා කිරණ බබලන රන් කැරලි අග – සුස දා මඳක් ඉඳ බඳ අගමිණක් රඟ
52. තෙල රතු ඔබ තුඬ’ගින් මැද පියාසර – ස ල සිත් නොවී සතොසින් කොට පියාසර
නි ල පුල් කලබ විලසින් යන පියාසර – නි ල ඹර අරා කෙරෙමින් සෙද පියාසර
53. ස රි ව ති දි ව පුර සුර කුමරුවන් මිළි – සු රු ව තු රු ව ඉඳ නොව නුවරුවන් මැළි
ග ර ව ලොලව තබමින් රන් රුවන් කිළි – ගි ර ව බ ල ව කෙළනා සොඳ රුවන් කෙළි
54. නිතොර ගිගිරි දෙන මිණි සලඹ ලාගෙන – අ ද ර සරණ අතුලෙන් සඳ වලාගෙන
පැති ර යනෙන මනහර සුර’ඹ ලාගෙන – ප ව ර පුරඹ රඟ වේ මග බලාගෙන
55. දි මු ත් සඳලුවල කෙළනා ළඳ අදර – සු ර ත් බැබලි බිඹු පල යයි කර අදර
පු ව ත් නොදැන ගොස් අසු නොව සෙද මිතුර – අ වු ත් සොඳුරු විසිතුරු මේ වෙහෙර’ තුර
56. සැදි මුනි සඳ සසුන් – නැව ගන කසුන් කුම් යුරු – සිවු පිරිසුදු සිල් සිවු රඟ සෙනඟ ගෙන
පවු බල රුදු මල්සැවු දළ දප හරන – විනය නය දම් නය – දැක දැන නුවණ පහනින
දහම් විදු රු පාරින’රින පිළිඇදුරු – දහම් ඇදුරු මාහිමි සඳ සහ සොඳුරු
ය හ ප ත් සිල් සුවඳ විලවුන් ගෙන නිබඳ – පිරි මෙත් නැණ කුලුණු මිණි අබරණ පැලඳ
දිය සෙත් කර රඳන කෙලෙසුන් සිඳ පසිඳ – පිළි වෙත් සරු මහරු මහ සඟ ගණ නැමඳ
57. පොරණ රුසින් කී තොප යතුරට පවර – ලද නිදොසින් රිවි දින නැකත දිනකර
කුමරි රැසින් කිවි සුරගුරු සිටි නො හැර – මිතුර තොසින් වඩු සිහි කර මෙත් සුතුර
58. විලඳ රැඳුණු මි මී අඹ පල රසැ’ති – සොඳට පැසුණු දෙළුමුදු දිගු උගු කැමති
ගෙනෙ’න තුරුණු කොමළඟ ළඟ ළඟ පැවති – ත-යන දකුණු දිග මග මඟ පෙර නිමිති
59. නොමඳ තෙදැ’ති සිරි පැරකුම් නරපාය – පැ හැ ද සඟන ගෙන හිම් බැඳ ගළපාය
නි බ ඳ පොහොය කරවන ලෙස කළ පාය – ස බ ඳ වඩන දැක නෙත සිත සතපාය
60. වටින නොයෙක් බඩු ඇර ගෙන ඇම දාම – වටින මිලට නොවිකෙට කොට වෙළඳාම
සිටින ලියන් දැක සිහි කර බණ දාම – වඩින කෝම් ගස සෙවණේ නොරඳාම
61. ග ව සා සුනිල් වරලස කුසුම පටියෙන – වෙහෙසා තනන තන රන තිසර පැටියෙන
ස හ සා දිවෙන ලිය දැක තගනු අටියෙන – නොලසා මිතුර යා-ගන් නොසිට යටියන
62. රිවි නුබ ගැබින් බැස – හෙත සිඳු බැබලියානේ
සකිනුබ ඔ බින් ගොස් වැද – වෙහෙරට පැපිලියානේ
63 පු න් ස ඳ කිරණ එත නුබ ගඟ වතුරු ලෙස – නන්කොඳ කුමුදු සමගව දිලෙත තුරු රැස
දු න් ස ඳ මුනිඳු පුදයට පසඟ තුරු ගොස – ම න් බැ ඳ ලගින් පවුර’ස මියඹ තුරු හිස
64. රඳා මුහුද රත් මිණි කිරණින් වෙසෙස – උදා දිනිඳු රතු කර සිය රැස් සහස
උදා ගිරග වැනුවා මෙන් ඉඳුරු දෙස – එදා අරුණු දිසි සඳ නුඹ ගසින් බැස
65. දිනිතිය දිවයුරුට – අදිතිය අයුරු රිවි කුල – ලෙවු වැ සි ම න් තුටු කර රැඳි සුපිරිසුඳු
ම වු බිසො වුන් උදෙසා අප නිරිඳු සඳු – කරවූ තුනුරුවන – සතු සොඳුරු වන වෙහෙරෙහි
මතු සග මොක් සිදු වන ලෙස මිතුර තට – සිතු සතොසින් සපැමිණ මුනි මැඳුරතට
සු ග ත් පසිඳු ගුණ වැකි මතිනි තුඬ’ගය – ම හ ත් සසර සයුරින් නැඟුණු නිස ගය
කු සි ත් තබා කියමින් මුනිඳු ගුන’ගය – පි නත් බඳුව වැඳ පෙති පිළිම මහ ගය
66. බි තු සිතුවමට ඇඳි පෙලෙන’ දුල අඹ තුරු – අ තු අත රැඳි ගිරවුන් සැටි දැක සොඳුරු
ත තු නොම දැන ලොබ බැඳ වැද නොව නිසරු – සි තු තුටු කර දැක එහි නොයෙක විසිතුරු
67. වසවතු දප් බිඳ බුදු වූ ගුණ නදන – අප දිය බප් මුනි දා ගැබ කර නදන
කල මුළුකප් පවතින ලෙස කළ නඳන – වඳු දහ ගැප් වඳිනා සඳ දින නදන
68. නි ස ග පවග දෙන මුනි උපදිනා දිනේ – ස ම ග ඉපිද පිහිටව පැවත නොමඳිනේ
ලොව’ග පුදද ලද දුම රදුට සබඳිනේ – ස ස ග සැපත් සිදු වන ලෙසට නමඳිනේ
69. එවෙහෙර’තුර රඳන – මනහර මහරු සඟ ගුණ – මෙතින් සොඳුරු පිරිසුදු හිය මගෙහි යොදා
නි ති න් ති-ලෝගුරු හට පිළිවෙතින් පුදා – හර දළ නෙත’ග වන් – හිවි තව තෙදින් බබලන
අ මා කර සුතුරු විනය බිදහම් පෙළ – ත මා නැණ තරිඳු කිරණින් උදම් කළ
නොමඳ වි ය ත් ගඟ රළ වැළ සේ පුබුදූ – නි බ ඳ දි මු ත් සිවු පිරිසුදු සිල් පුරුදු
පැ හැ ද ම හත් මුනි බණ දෙසුමෙහි පසිඳු – නැ ම ඳ සුනෙත් මහදෙව් පිරුවන් තෙරිඳු
70. ස ව න් පුදට සපැමිණි බැලුව කොමළෙඟ් – නු වන් කැලුම් වැද තුඩ මලින වෙයි තගේ
එ වන් කිළුටු වන තෙක් නොසිට උන් ළෙඟ් – ප වන් මගට වැද යා – ගන්න මන රෙඟ්
71. සි ත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන – ල ත් පඩියෙන් සතුටුව ඉඳ මන මතින
ම ත් වැඩියෙන් ලිය ගී කියන තැන තැන – අ ත් තිඩියෙන් යව ළද ලිය දැක සොබන
72. පළ පළ පොරැ’න යන – ගව මී රළ ගිගිළියෙන් – ගවපල් කෙළින කෙළියෙන්
යව ඉටු මොරටු එළියෙන්
73. ස බ ඳ මඳක් තැන් ගිය මග දකුණු පසේ – වි හි ද තිබෙන වලු බර පොල් උයන් රැසේ
නොමඳ තරඟ පහරට බියව නොකමසේ – මු හු ද කැලුම් රැසු වූ වැන්න වෙරළ’ සේ
74. නීල ‘ඹරේ වැජඹෙන ගන කුළු ලෙසට – මූදු තෙරේ යන එන නැව් පෙනය තට
පෑර තරේ පිය දුක් නොසිතා ගතට – පාණ දුරේ ගඟිනෙ’තෙරව යව එපිට
75. ක න ලා උපුල් මල් ගවසා කෙස් වැටිය – බි ඳ – ලා පොකුරු ‘කුරු කර මුතු හර සැටිය
බැඳ ලා ගවන් වෙත ගවපලු ලිය සිටිය – බලා මිතුර යා – ගන් මග පොතුපිටිය
76. දු ල් පටු නළල් තලාය දී තලාය – පුල් රතු උපුල් මලාය සවන ලාය
ගල් කුළු මුදුන් වලාය සිටි කලාය – ඇල් ගෙවි ලියන් බලාය තෝ පලාය
77. වෙනේ මියුරු පල රස විඳ මග දෙපිට – සෙනේ වඩා වැද සිය නෑ සිය වෙතට
මෙනේ ගිමන් දුක් දුරු කර ගිය තොපට – පෙනේ සොඳුරු පලතුරු මෙගොඩ කළුතොට
78. උඳු මුං කල කලත් මාරුතු තණ වීවග – දෝතලු තල් තැඹිලි අඹ රඹ උගු සමග
ඇම කල් සැදි නොයෙක් කෙත් වතු දැක එමග – මඳ තැන් තොසින් තොගොසින් මිතුර මන රඟ
79. ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා – හළ මන රඟ මලිගිය මල්දමින් යුතා
වරලස රඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා – දිලි කළු ගඟ ළඟ වැද හරු ගිමන් ගතා
80. ගිමන නිමන සිසිලස තරඟ රොන් වැද – බමන බමර රැව් සහ මල් සුවඳ හැද
හමන සිනිඳු මඳ නල පහස විඳ විඳ – තමන නඳන විසිතුරු තුරු සිරෙක හිඳ
81. සුර ගඟ දිය කෙළනා සුර පුර’ඹා – තුනු වඟ සිරි සොඳ රුසිරින් පසු-බා
තම රඟ දුටු සත සතනද කල ඹා – බල ගඟ දිය කෙළිනා ලිය සසොබා
82. සි ට ග ඟ ඉවුරෙහි සෙද නොහැලියා – ම න ර ඟ මල’වල මුදු වරලියා
කොමළඟ පැන හෙන රඟ උදුලියා – වියොව ග දද ලෙළ සිරි කියෙලියා
83. කෙ ළ නා ලිය පියොවුරු බිත ගැසෙමිනි – වි දු නා රළ රොන් වැද වැද වෙසෙසිනි
සොබ නා සොමි වුවනත නඳ විලසිනි – ර ඳ නා අම කිරණින් පිරි සඳ වැනි
84. කි ය මි න් වෙන වෙන වාසි පෑ බල – ඉ ඳි මි න් දිය තුළ නොපෙනී බෝ කල
පෙනෙමින් තැන තැන විදුලිය සේ දුල – ග ස මි න් කෙළ කෙළ යෙති දිය කෝකිල
85. වි ල සි න් දිය කෙළ කෙළ යත නොමැලි – වෙසෙසින් නැගි රළ රොන් ගඟ ඉපිලී
ප හ සි න් තම එක සරි යැයි එකලී – සතො සින් ලොමු දහ ගත් සිරි කියෙලී
86. කොම ළ’ඟනක වුවනත උඩුකුරු කොට – ත ම මුහුල’ත් බැඳ පිහිනනු දිය පිට
හැ ම සියපතු හැකිළෙනු සොමි තරිඳුට – මෙ ම රඟයයි පානා වැනි දිනිඳුට
87. ඉසිරී දිසි දිය දහරින් අඹරා – සසරී හුණු ඉඳු – සැවු සිය පතරා
විසිරී ගිටය ගඟ ලතු කොකුම’ඟරා – අසිරී සිතුවම් දැක්වී එතරා
88. නඳනා දන නෙත් පැහැ ලණු ලා සිට – අ ද නා මෙන් තම තම වෙත දෙ තෙරට
පිහිනා යන එන අඟනන් දිය පිට – බඳනා වැනි රන් හේ තොප යතුරට
89. සෙදනා ලොවිනා ළ ඳු නා ලෙසිනා – ර ළි නා ලෙළෙනා සොබනා ගතිනා
න ඳනා ග ඟ නා කෙළනා ලියනා – ද කිනා ම ති නා හ ද නා තොසිනා
90. සො බ නා තුනු රුසිරින් දස මන බැඳ – ළෙනා නිල’ඹර රන් දද මෙන් සොඳ
ර ළි නා ගැලි ‘පිලෙමින් සතොසින් වැද – කෙ ළනා සඳ මෙලෙසින් අඟනන් ලද
91. කෙ ළ න ළ ඳු න් සොමි වුවනින් දිනනුවට – මෙන් තුර සෙ න් ගෙන එන පුන් තරිඳු හට
නු ඹ වෙසෙසි න් අවසර කර යන ලෙසට – බල ය ස සි න් යනු රිවි බිඹු පැළ’ඹරට
92. ප බ ඳ දිලෙන දිනමිණි මැද මිණිනි බඳ – නොමඳ වොරැඳි සඳ වෙල අබරණ පැළඳ
පැ හැ ද සොබන පැළ දිග’ඟන දුට සබඳ – එ ස ඳ සිතෙයි තුඬු රසිනු’දුල තගෙ ළඳ
93. අ ව ර ඇදුරු මෙහෙසුරු රිවි දළ නෙතින – නොහැර දිනත දින මින්දදහු වෙසෙසින
පැ ති ර නැඟුණු නල සිළු ගිනි රොන් ලෙසින – එ ත ර පෙනේ සඳ වෙල තුරු මඳ-මඳින
94. වි දා සිනිඳු සුදු රැස් දිගු පිය පතර – නඳා සුපුන් හිමකර පියකර තිසර
ස ඳා සිත’බ සියපත් නුබ තඹර’කර – උ දා දෙසෙන් වැද එන රඟ බල මිතුර
95. වි ය ත උදුල කිරණ’ව රළ පැහැ පැහැස – දි ග ත විසුළ සුර ගඟුලැලි දිසි විලස
දි ය ත පතළ පිරිසුදු සඳ රැස් වෙසෙස – තනෙත පුරා දැක දැහැ ගතෙහි සරතස
96. පලඟ ගහණ කළ සඳ විහිදුණු විස ද – සමග කලා වැද නොහැසුණු මැද හිර ද
මතඟ ඉසිහු බට මග තව නොමැකුණෙ ද – බලග මෙබඳු සැක බඳ සඳලප සබ ඳ
97. තුරු වැළ උදුල සඳරැස් පිරි නුබ ගැබ ද – බිඟු රැළ මුමන පිරි පුල් මල් වන හිස ද
ලෙළ රළ වතළ පෙණ පිඬු සැදි සමුදුර ද – වන දොළ වඩා දැක දැක උන් සඳ සබ ඳ
98. සි ඳු රු ව උදය ගිරි ගජ දැඩි කුඹු තලට – ව ළ බ ව අඳුරු දිය පිරි නුබ සමුදුරට
ප හ ළ ව රත’ඹරෙ’ක ලෙස ඉඳුරු දිග’ඹට – සොඳුරුව අරුණු රැස් පැතිරෙයි පෙර’ඹරට
99. ද රු ණු උලැඟි කෝ නල වන් සිත් සතන – කු ලුණු සිහිල් මෙත් ගුණ පහ වන ලෙසින
අ රුණු කිරණ රැස් පැතිරීපෙර දිගින – පි රු ණු තරිඳු රැස් තුරු වියැකෙයි ගුවන
100. පි යු මා කර මඳ මඳ පුබුදින තඹර – ඇසුරූ කර හෙන බිඟු දැල් දිසි එවර
සිලි ලා’ කලර වෙත ගම් බිම් දැක නොහර – තොද යාකර සෙද සිත සතොසින් මිතුර
101. පතඟ කිරණ දුරු කළ තුරු සෙවණැල්ල – නරඟ රඟන රඟ බිම් රඟ සුදු වැල්ල
සිතඟ ලෙසට පිය ලන පිය ලිය ගොල්ල – බලග මිතුර පෙර මග සැදි ව කලමුල්ල
102. පයියා ගල වෙහෙර – මුනි රූ බලා වෙසෙසින් – වයියා කරන් මන රම් – පල’රම් හිසින් සතොසින්
103. සි ත් ස න හ න ර ත් ලවනත බිඹු පලය – වෙත් ව න ස ත ම ත් වන මියුරු තෙපලය
අ ත් ව න සකිනෙන් යුග තගෙ ලත් පලය – ම ත් ගො න කෙළි යුත් ලිය සැටි දැක පලය
104. රන් පන් සවන් යොන් ලිය රඳනා නිමල – සන් රන් රුවන් සල්පිල් සොබනා ගෙවල
බන් නන් දෙදෙන් බබලන සිඳු නා අසල – මන් සන් තොසින් තො ගොසින් වදු බේරුවල
105. මත් ව න අබින් කංසා කා රළු පරළු – අත් ත න කුසුම් රත් මල් කනැ ලා ලකුළු
ගත් ව න මුගුරු ලෙළවා ඇදැ ඇදැ රවුළු – සිත්මෙන බමන බබුරන් රඟ බල යහළු
106. නො බැඳ විදෙන වරලස මල් පිටින් පිටින් – නොහැ ඳ තරව ගිලිහෙන සළු පටින් පටින්
පැ හැ ද ත-වෙත දිව එන ලිය වටින් පිටින් – ස බ ඳ නොසිට යාගන් බෙන්තොටින් තුටින්
107. වි ඳි නා සේ මතු සග මොක් සිරි නොමඳ – වන වා සේ වෙහෙරට ගොස් වැද සබඳ
දු ටු වා සේ දිවමන් මුනිඳුන් පැහැද – සිට බෝසේ බුහුමන් කෙරෙමින් නැමඳ
108. දිව’සර කය රුසිරින් පෑ දන සකය – සැදි අලකය ඇඳි නළලතෙහි තිලකය
සිටි නිසැකය ළද කොමළ’ඟනන් දැකය – පරතර ක ය වැද යව මග නොවැළකය
109. එළි කොට අ ව ට රිවි බට සිඳු මැඳුරතට – එක විට ලොවට එළි බට ගන’ඳර කඳට
රොසකොට යු දට අ ඹ රට සඳ එන කලට – වැලිතොට ගමට ලැගුමට ගොස් මග නොසිට
110. නිල් පැහැ බර කොළ අතු මැඳුරු විසිතුරේ – දිගු තර සර කඳු මහ වීදි මනහරේ
රැඳි පිය කර බිඟු දද සෙනඟ නොවිතරේ – තුරු කඳ වුර සැතපෙව අම්බලම කෙරේ
111.සබඳ, තොප එහි නිවාස ග්රපහණය කොට උන් කල්හි ඒ විශ්රාේම ශාලො’පගත නෙනක ජන සමූහයාගේ මෙබඳු අන්යොන්යඋ වර්ණනාලාප විශේෂයකුදු පවත්නේය.එද තා කර්ණයට ස්වර්ණාලංකාර කර.
112. සපැමිණ දෙස’ තුරින් – සරතසව මග යතුරින් – සැදි තන් පලතුරින් – තුටුව සැතපුණු දනන් අතුරින්
113. අවා මග අවරණ – සිදු කරන සැප අපමණ – ඉගෙන – ගෙන එළු බණ – කියති සමහරු බුදුන්ගේ බණ
114. අයෙක් මිස දිටු ගත් – නොයෙක් කව් නළු රස දත් – පෙර තම-තමනු’ගත් – රාම සීතා කතා තෙපලත්
115. සමරු උදාරා – උනුනට දෙමින් වාරා – බසින් බස සාරා – කියති සිත් නාම බැඳ තෝරා
116. වෙන වෙනම පෑසී – කියමින් උනුන් වාසී – සමහරු සිනා සී – කියති සිවු පද දෙ-පද රාසී
117. රුපුන් මන් බින්දූ – දිය දද දිගත රැන්දූ – රදු නමිනි බැන්දූ – කියති සමහර අයෙක් සින්දූ
118. නරනිඳුහට සොඳුරු – බඳ යස සොලෝ විසිතුරු – දැන පද’රුත් මියුරු – කියා වන – පොත් කෙරෙති සමහරු
119. සමහරු උන් බසින් – පිබිද ඉඳ-ගෙන සතොසින් – පවසති සැඬ ගොසින් – නිරිඳු විරුදාවලී වෙසෙසින්
120. පෙර ලක්දිව නොමඳ – රජ කළ රජුන්ගේ සොඳ – ගුණෙනි බඳ සිව්-පද – කියති සමහර මහල්ලෝ ඉඳ
121. පඬි නිරිඳු නැණ සක් – පෑ මුළු දෙරණ අණ සක් – දිනුවයි විරිදු සක් – අයෙක් පවසති ඔහුගේ වෙසෙසක්
122. සොළි පඬි ලාට රට – ගජර තුළුවර මහ රට – තෙළිඟු වගු රට සිට – පැමිණි දන තම තමන්ගේ රට
123. ජය ගෙන රුපු රදුන් – තුටු කර සියල් දිළිඳුන් – විඳ සව් සිරි නඳුන් – වනත රජ කරන රඟ නිරිඳුන්
124. අප නිරිඳු යසසා – නොකියා ඔවුන් සහසා – පවසන බස් අසා – පවර නුවණැ’ති දනෝ වෙසෙසා
125. ‘දිනමිණි කුල’ග පත් – නිරිඳෝම වෙත් යහපත් – එයින’ප රජු පවත් – මෙසේ අසව’යි කියා පවසත්
126. ‘තෙදින් රිවි බිම්බා – නිරිඳු සඳ පැරකුම්බා – රුපු සිඳු කලම්බා – කෙළෙය විරු සිරි සඳ කුලම්බා
127. ‘මෙ අප නර පවරා – මනු නය සිරිත් සපුරා – නොහැර සිවු සඟරා – ලොවට නිරතුරු කෙරෙයි සඟරා
128. ‘මෙ අප නරනින්දේ – රජ දහම් සිත රැන්දේ – තොස් සිඳු කිමින්දේ – නොයෙක් බමුණන්ට නිති දන්දේ
129. ‘ගත් මෙන් නව නදන් – කෙරෙමින් කලි අතුරුදන් – කර තම සිත නදන් – දේය අවුරුදු පතා මහ දන්
130. ‘පසිඳු රිවි වංසා – සපැමිණ මෙරද හංසා – මුළු ලොවට හිංසා – නොවෙයි කරනුව නිති පසංසා
131. ‘මෙරද සිරි සරණය – නිරිඳුන් මුදුන් බරණය – සිරි සඳට වරණය – වේය මුළු ලොවට එක සරණය
132. ‘මේ අප නර පවර – සිරි ලක රඳන මනහර – මහ සඟ ගණ නොහැර – දේය අවුරුදු පතා පිරිකර
133. දිවමන් මුනි රදා – දුටු මෙන්ම සිත පහදා – පුද පඬුරින් සදා – පුදයි බුහුමන් සිතින් දළ දා
134. ‘රුපු වියවුල් පැහැර – සඳහම් සිතින් නොම හැර – කරවා මහ වෙහෙර – කෙරෙයි එහි නිබඳ පුද පෙරහැර
135. ‘බල කොට ගිරි දුදුළු – බල සෙන් සමඟ තෙද රළු – උන් තැන තැන අඹුළු – නැබුළු විකුමැති නොයෙක් රජ මුළු
136. ‘ජය ගෙන මුළු දෙරණ – පෙන්වා තමා තෙද අණ – ලක එක හිර – වරණ – කෙළේ අප හිමි විකුම් අපමණ
137. ‘තෙවිකුම් විකුම් ඇති – අප හිමි දිනිඳු කුල පති – පෙර නිරිඳුන් අයති – නුවූ දස’ටක් වන්නි ජය ගති
138. ‘තමන් සිළුමිණි දෝ – සිලිලින් සරණ කර දෝ – රජු ඉඟි දැන දෝ – සිටිති සිරි ලක සියල් නිරිුදඳෝ
139. මුළු දඹදිව අවට – බැලුවත් දෙරණ විකුමට – මෙ අප නරනිඳු හට – ඇද්ද සරි වන රජෙක් මෙකලට
140. ‘බෙලෙන් බල දෙව් යුත – අප නරනිඳුට සිරිමත – නොවී නිති අවනත – කවර නිරිෙඳක් ඉඳිද මෙදියත
141. ‘තම තෙද අණට උදු – හිමි කර සතර දලනිදු – පිම්බ සැඬ විරිදු – පසිඳු කන්නඩි නිරිඳුගේ රුදු
142. ‘දස’ටක් ගිරි දුදුළු – ජය ගෙන විකුම් තෙද රළු – හළ දළ රුපු අඹුළු – දරුණු මර සෙන් අයුරු බළ මුළු
143. ‘අඹළ මෙර මත වැද – වෙරළ ගල සිඳු දිය කඳ – ලෙස කර ගොස නොමඳ – අවුත් වන් සඳ යුදට එක බඳ
144. ‘යුද ඔද පසින්දා – ඔවුන් බැඳ ලුහුබන්දා – යස දස’ත අන්දා – කෙළෙය මුළු දඹදිවට නින්දා
145. ‘මෙකල නිරිඳුන් හට – අවනත නොවූ පෙර සිට – ආරිය සක්විතිට – නොමඳ බළසෙන් යවා යුදයට
146. කළ යුදෙහි රිදවා – එනිරිඳුහු ලුහුබඳවා – ඔහුගෙ ඔද සිඳවා – මයිල් නෑ-බෑ-මලුන් බඳවා
147. ‘මැති සෙනඟ සලසා – යාපා පටන නොලසා – ගෙන අදහස ලෙසා – තිබිය – පස් වා දහස් යසසා
148. ‘මෙනර පවරායා – හළ නැව් බඩු පුරායා – අතර උදුරායා – ගතැයි රාමන් මලවරායා
149. ‘දඹදිව සොළී රට – අදිවිරරාම පටනට – මහ සෙනඟ යුදයට – යවා මහ නැව් පිටින් එක විට
150. ‘නිබඳ බඳ යුද සොඬ – දෙමළ බළ සෙන් මන් මැඬ –දඹදිව් තල නිහඬ – කෙළේ සිරි ලක්දිවට දිය වැඩ
151. ‘සිය ගණනක් මෙසේ – රුදු රණ දිනා වෙසෙසේ – දැක්වී යස රැසේ – මහලු පැරකුම් නිරිඳු විලසේ
152. ‘වැඳ ඔහු පද කමල – ලැබ සව් ඉසුරු මන කල – ළි පාමි කෙරළ කුල – නොයෙක් නිරිරළඳෝ සිටිති ඇම කල
153. ‘මනු නිති දස රද – දහමින් ලොවට අග රද – අප නිරිඳුට පැහැද – පඬුරු නේවන කෙනෙක් කවුරුද?
154. ‘මුනි බණ අසා නිති – අප හිමි තියුණු නුවණැ’ති – සසමය දැන පැවති – මිලිඳු රජු සේ වීය දැනුමැති
155. ‘විරිදුන් හැර දුරම – වැද රද නීති අසරම – දැන අවි සිප් සරම – සියල් කව් නළු ඇසී නොහැරම
156. ‘රැක සිරි ලක ලකළ – සව් සත සතන් තුටු කළ – අප නරනිඳු උදුළ – ලොවට බට පින් පිෙඬක නිකසළ
157. ‘කුලුණින් දුක්පතුන් – තියුණු නුවණින් වියතුන් – විකුමෙන් බලවතුන් – නිබඳ දෙන මහ දනින් නිවතුන්
158. ‘මෙතින් නරපතියන් – නිසි තනතුරින් මැතියන් – වැඩුමෙන් කුලැ’තියන් – පතර බැති පෙම් සිතින් යතියන්
159. ‘තෙපලෙන් සුබැසියන් – ඉසුරින් සිය කුල සියන් – ලසින් විලසියන් – මෙලෙස සිත් ගතිය ලෝ වැසියන්
160. ‘තම කුලයට මතුන් – වන ලෙසට ලක එකසත් – පෙන්වා රජ සිරිත් – වීය මනු නිරිඳු මෙන් මැදහත්
161. ‘පිවිස මුළු ලෝ කුස – යුග කෙළ සයුරු ගොස ලෙස – මැඬ රුපු රජ යසස – කොතැන නොපතළෙද මොහු ජය ගොස
162. ‘දිසි දස දෙස ගොසින් – මොහුගෙ අණ සක වෙසෙසින් – සැණ මල්දම් ලෙසින් – කවර රද නොදැරිද සිරසින්
163. සිටි මුළු ලොව දිලී – මොහු අණ මිසක් නිමලී – කවරෙකු අණ බලී – වීද පර රජ ගජන් හැකිලී
164. ‘වසන හැම දුදුළේ – රුදු රුපු රදුන් දප’ළේ – උවිඳුද පසු කෙළේ – කවර විකුමන්ද මොහු නොකළේ
165. ‘දස දහසක් යොදුන් – දඹදිව දිනූ විරිදුන් – ම්සෝ නරනිඳුන් – මිසක් කවරෙක් සරිද මෙරදුන්?’
166. අම්බලමේ නොමඳ – දන රැස් උනුන් මන් බැඳ – මෙලෙසින් කියන සොඳ – තෙපුල් තා අස-අසා උන් සඳ
167. සරණ’වි රැව් කෙරේය තුරු සිරේය – පැහැද බිඟු හැසිරේය පුල් සරේය
තුමුල් ගන අඳරේය හැර දුරේය – අරුණු රස් පැතිරේය පෙර’ ඹරේය
168. ඇසේ මඳ පවන් – වැද ලෙළ දෙන ලිය වදල – සඟයුරු පලු කසට කට – පරපුටු තෙපුල් මඳ මඳ
169. සඳ රස් වතුරු ලොව පිරෙමින් බසින සඳ – තුරු හිස් අතුරු රැඳි පෙණ පෙළ ලෙස විහිද
එ දවස් උදය වන කුසුමන් දැක නොමඳ – සිත තොස් වඩා මඳ තැන් තො ගොසින් සබඳ
170. ස ම ග ප බ ළ කැල රැඳි පෙණ පෙළ ලකළ – ත ර ඟ වි සු ළ නිල් සිඳු පළ කළ පුවළ
සු ළ ඟ ටලෙළ දළු මල් තුරු වැළ වතළ – බ ල ග උ දු ළ පෙර මග වන ගළ නැබළ
171. සිකි පිල් සත් කෙළේය ගිරි කුළේය – රොන් සක් සක ‘ඹළේය තුරු බෙළේය
බිඟු දැල් වමු’දුළේය ගජ රළේය – රජ සිරි අත් කෙළේය වන ගෙළේය
172. දිලි හෙන ග ඟු ලැ ලි ය ඇද – හැලිය – ගිලි මල් රොන’වුලිය සුදු වැලිය
ම ද ම ත් හස කැලිය වන විලිය – දැ ක ය ව මන කලිය වන මලිය
173. අතු අතිනැ’ද ග සා ය තුරු රැසාය – කෙළන පන්දු ලෙසාය සහ තොසාය
පැන – ගෙන වන හිසාය මග අසාය – යන වඳුරන් නිසාය නොව ලසාය
174. අඹ දළු තඹ පබා සිඳ නොතබායා – ගෙන තම පිය අඹා තුඩ’ග තබායා
සිඹ සිඹ රති ලොබා දෙපිය ගබායා – උන් පරපුටු සුබා සකි නරඹායා
175. ඉඳුනිල් කොළ ‘තුරා එපැහැ ‘යුරායා – විලිකුන් අඹ ‘වුරා තුඩගිනි’රායා
එන රස උරා උරා ලොබ නොහැරායා – නරඹ රඳන ගිරා පෙළ ඉඳුරායා
176. එන රිවි බිඹු දුලා ගිර’ග බලායා – ගිරි නිල් මල් තුල දිගු හඬ සසලායා
දිගු කර නිල් ගෙලා දිගු හඬ ලායා – රඟන මොනර බලා නොසිට පලායා
177. දුනුකේ පෙති ගොතා වරල ඉතායා – පිපි මල් රොන් ගතා තවර ගතායා
වියොවග යුද පතා එවන පෙතායා – එන වන සර කතා නොකර කතායා
178. ව න සර දුක තම සිත බිය සලසා – ග න ගැබ ලෙළ දෙන විදුලිය විලසා
ව න ගැබ ඔබිනො’බ පැන යන නොලසා – තැන තැන මුව රළ දැක යව සතොසා
179. ව න විල් වැද බොල් සෙවෙලැ’ඟ තවරා – ග න වල් කැල ඇර ගෙන අතිනු’දුරා
දි ගු උල් සිඟු යොමු කර කර අඹරා – පි ළි මල් වන මීවුන් දකු නුදුරා
180. වි ල් තෙර වළ බිඳ හෙව මඬ තවරා – බොල් කර හෙළ නෙළුඹ’ල කමිනු’දුරා
බොල් කෙළ පෙණ පිඬු දෙකොළින් වගරා – ව ල් වැද යන ඌරන් බල ඉඳුරා
181. වැ ද සෙද උනුනට පසු නොබසිමිනේ – බි ඳ බිඳ අඹ කැන් ගෙන අතිනේ
ඇ ද ඇද තුරු වැළ ගළපන ලෙසිනේ – රොද බැඳ එන රිළවුන් බල තොසිනේ
182. නිති වැළලා ගෙන තුරු හිමියනි – එන බමරුන් දැහැ පලු පතතිනි
සිටි පිපි ලිය දැක කුල’ඟන මෙනි – සකි ලස නොව යව තොස වඩමිනි
183. ලොබ කොට දුන් ගිරවුන් තුඩු පබා – අසු කොට නොහැරම ඇතුළත තබා
පිට තට පෑ යුරු බිඹු වැළ සුබා – ත – නෙතට පෙනෙනුය මහ වන ගැබා
184. නික සළ වැලි තල පිටුවල වෙනේ – පිල ‘ඹල සිකි කෑන් ලෙස වෙන වෙනේ
රොනදොළ බිඟු මුළු රැඳි තැන තැනේ – පැ හැ දු ළ මල් කස තුරු වැළ පෙනේ
185. දි සි නි ම ල් වන දෙව් කලා – මි ණි මෙවුල් ලෙස මන කලා
රැ ඳි මි දෙල් මල් කැන් බලා – යව කොෙඬාල් මිනි සිරි සුලා
186. ව න දෙවඟන සරණත ලා – තැන තැන වැකි ලෙස උදුලා
ව න තුරු හිස රැඳි ළ දලා – ම න තොස කර බල එකලා
187. ගු ව න පැතිරි රවි රැසිනේ – එ ව න බියෙන් සැඟවෙමිනේ
සැලෙන අඳුරු කැටි ලෙසිනේ– එලෙ න වවුලු කැලන් පෙනේ
188. එ ව න රජුගෙ තද තෙද මුළු – බ ම න විලස පෑ සුලකුළු
ස ර න විලස විලිකුළු මුළු – ත මන ලෙසට බලඟ යහළු
189. නොමඳ රසින් රැඳුණු අවට – ක ර ඳ කුසුම් දැක තුරු යට
වි ල ඳ වෙදැයි සිත සැක කොට – ස බ ඳ ගොසින් නොවන් නිවට
190. වි සි ර ගෙන ගඟුලැලි වැෙඳ් – ත ව ර ගෙන මල් මුවරෙඳ්
බ ම ර රැවු ඇද මඳ මෙඳ් – පැ තිර රන මඳ නල විෙඳ්
191. ගි ම න දුර පලවන නිසා – ස ල න මිණි තල් වට ලෙසා
යනෙ’න යුග පියපත් ගසා – ද කි න සිය සියොතුන් රැසා
192. ස ර ද නුල තුරු වැළ ලෙසේ – නොමඳ පිපි කොඳ මල් රැසේ
ස බ ඳ ඉඳ ලිය මඬු කුසේ – පැ හැ ද විඳ වන පල රසේ
193. කොවුල් කුල් නා නොකමසේ – සු පු ල් මල් රැඳි තුරු හිසේ
ක ම ල් විල් වෙත මුව රැසේ – වි ස ල් වල් දැක ගොස් තොසේ
194. ඇ වි ටු වලා දිය ගෙන සිඳු මැදට බැස – වෙරළ වලා සිටි යනු බැරිව නුබ කුස
නොමඳ වලා කුළු ලෙස දිසි ඇම දවස – මු හු දු වලා තුරු පෙත වැද ඉඳ සතොස
195. සියොතුම් පා පහරින් හැසිරෙන දෙතර – නිති කම් පා වන තුරු මල් රොන් පැතිර
තද ගිම් පා කර ලැබ ලන දිය දහර – මහ දම් පා මෝදර දැක යව මිතුර
196. විහිඟුම් වෙරළ වැද – වැද දෙන සිඳු ගොසායෙන්
සලසිත්ව බා නොගොසින් – තො ගොසින් සෙද කසායෙන්
197. වි දි විහිඟුම් සමුදුර වෙරළත හමුව – සු ර පු ර බිම් බට මෙන් වඩවන ළමුව
සැදි පල ‘රම් විසිතුරු ගෙ උයන් සුමුව – දකු මනරම් සව් සිරි පිරි තොටගමුව
198. උ දු ළ ත ර ළ මිණි වෙන් හැර ගතැයි තමා – පු ව ළ න තිඳු හට පමුණන ලෙසින් බමා
ත ර ළ නැබළ රළ ගොස පහළ කර දමා – වෙරළ වතළ සිඳු රඟ බලග නෙත් යොමා
199. සුනිල් නෙරළු වන පිය පතර වොරඳනා – ළකල් වෙහෙර පැහැසර ගුරුළිඳුහු පිනා
වි සල් සයුර’තින් ගත් නා රදකු මෙනා – නිමල් පුලින දුල පෙත් මගට බසිමිනා
200. වෙහෙර’ තුරට සෙද නොගොසින් පළමු කොට – ප ව ර සුරිඳු නඳුනු ‘යනෙ’ව් දිසි අවට
නිතොර සුසැදි මල් පල’රම් වන පෙතට – මි තු ර පිවිස නරඹව සිත් සතුටු කොට
201. වෙන වෙන රඟට බඳ තෝ තැනි දිය කෙළය – ය න එ න සියොත් කැල රැවු පිළිරැව් කළය
ද න ම න සතුටු වන රස පල වැල දුළය – තැන තැන අවට බබලන නන් තුරු පෙළය
202. රැ ළි න් රැ ළ බිඟුන් කෙළ වතළ දිමුතුය – කෙළින් කෙළ පොකුණුවල තඹර නුමුතුය
පෙළින් පෙළ සුරත් නිල් මල් මිණි මුතුය – ප ළි න් ප ළ විහිදි සුසැදුණු මල් වතුය
203. නොයෙක සුවඳ මුවරඳ හෙන පිවිතුරුය – ප සෙ ක සුපුල් සල් කොළොඹි’ළු විසිතුරුය
ස ස ක සහසකර කිරණෙ’ව් නොව’තුරුය – දෙසෙ ක සුපිපි සපු නා කිණිහිරි තුරුය
204. පළොල් සිහින් ගෙඳීය එරහැඳීය – දැසමන් සව් ගෙඳීය හුල් ගෙඳීය
නිලුපුල් අඹ ගෙඳීය සිහිනිඳීය – සුවඳ දසත විදීය ‘තුරු නොදීය
205. මල් රොන් තුරු සිරේය නිරතුරේය – පවන් වැදී සිරේය මළු’තුරේය
බිඟු ලොබ කර තරේය නොවිතරේය – දම් පිළිරැව් යුරේය නද කෙරේය
206. නොමඳ බමර’කුරු මල් රෙහෙණු පට – පැ හැ ද නිතොර ඇර ගෙන සිය අතු අතට
ස බ ඳ කොවුල් රැවු තෙපලෙන් මිහිරි කොට – තු රු ද දහම් පවසන වැනි වෙහෙර වට
207. ම හ රු මහ සඟන එවෙහෙර’තුරු රඳන – සි වු රු පැහැ දියුණු කර නිරතුරු රඳන
සොඳුරු පිපි නිමල් මල් කැන් සැදි නඳන – රු සි රු ඇසළ තුරු බබලයි නොයෙක තැන
208. තුරු ය ටි යෙ න් හුණු පැටි ලෙහෙණුන් රැගෙන – සිතු අ ටියෙ න් පිඹ ඇඟ පිරිමැද සෙමෙන
මල ගෙටියෙන් පැන් පොවමින් අතින’තින – සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන
209. තු රු ය ට සුපිපි නිල් කටරොළු මල් කුලය – පැ ටි කොට විදා දිගු නිල් ඇස් පිල් කැලය
න ද කොට රඟන ගෙ-මොනර ගණ මන කලය – මු තු ප ට සුදුසු පිරිසිදු සුදු වැලි තලය
210. පල රස බී තුරින් – තුර එහි කුසුම් රදසින් – තැවරී සැරී සැනහී – වෙහෙරට ගොසින් සතොසින්
211. බ ඳ දද ලැල් පැහැ රද පැතිර දස අතේ – න ඳ සඳ කැල් මෙන් දිලි කෙලෙස කුළු යුතේ
කොඳ සඳ කල් සුනුවම් උදුල පල බිතේ – ඉ ඳ මඳ කල් වහසල් කැරලි මුඳුනතේ
212. පහ ළ සිත’බ හිම හිම සෙල් මහිම හැර – වතළ අහස් ගඟ රළ වැළ පැහැ පැහැර
අඹළ කිරණ පෙණ පෙළ ලෙස නොම වැහැර – උදුළ පොහොය මළු සිරිසර බල වෙහෙර
213. නි තො ර ඳ න සඳ රස් ලෙස මුනි පුදට – නො හැර බැබලි මළු පැහැසර සතර පිට
පැ ති ර ඇඹර කඳ ගෙන සිටි මෙන් අවට – මි තු ර උදුල මහ’වුර දුට වෙයි සතුට
214. ගු ව න් කුස පැතිරි රන් කැරලි මිණි රැසේ – ප ව න් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ
ලෙවන් සතුටු කළ හිම ගිරි කුළෙ’ක ලෙසේ – ස වන් මැදුර බල දිලිහෙන ඉඳුරු දෙසේ
215. නර ණ සකොබ කළ සඳ නොකමසේයා – කිර ණ පිඬුව දිසි අම රස ලෙසේයා
දෙරණ පසිඳු එවෙහෙර වම් දෙසේයා – කිර ණ විහිදි දහගබ බල තොසේයා
216. වි දු කි ඳු වැලඳි මුදුනත රැඳි කළබ කුළු – උදු රුදු කෙලෙස ගිරි කුළු පැහැ සිරි රුකුළු
මු දු දි දු ලන දළු නිල් සා බර ලකුළු – සුදු රු දු කඳිනු’දුල දුමිඳුන් බල යහළු
217. ප ත ඟ කිරණ දුරු කළ දද ගළපාය – ස ර ඟ කවුළු බිම් බිතු දිලි පිළිපාය
නි ස ග බැබලි සුර පහ සිරි වෙළපාය – බ ල ග උතුරු දිග විජයබ මහ පාය
218. තවද, ඒ විශුද්ධ ප්රෙසිද්ධ සමෘද්ධ විහාරයාගේ මෙද එක් අසාධාරණ කාරණයෙකි.
219. ම න ර ම් වෙහෙර තුළ තැන තැන සපැමිණය – ති ය ම් බණ වසුන් විදහා අපමණය
සිතසොම් – නසින් සිහි කර බුදු ගුණය – අ බි ද ම් පෙළ අරුත් විමසන සඟ ගණය
220. උතුරු ගුණෙන් සපැමිණ පිළිවෙත් මගය – පතුරු- ව මි න් සත වෙත මෙත් මහ ගඟය
අතුරු ද හ න් කෙරෙමින් සිවු අව මගය – සුතුරු ද හ ම් පවසන සමහර සඟය
221. ස ම හ ර සුපිළිපන් සඟ ගණ මන මෙනය – පු ව තර අරුත් ටීකා ගෙන වෙන වෙනය
පැ න ස ර ඇදුරු උවදෙස් බස් දැන ගෙනය – නොමහැර ගැඹුරු තැන් විමසති විනය නය
222. ගැඹුරු නොයෙක තැන් පිළිවිස සිත් ලෙසින – වෙහෙර ප සෙ ක ඉඳ සොඳ පත්පොත් රැගෙන
නොහැර ස ල ක මින් සන් සඳරුත් යෙදෙන – හෙරණ රැ සෙ ක වියරණ වනපොත් කරන
223. තියුණු නැණින් කෙරෙමින් සැක නිවාරණ – පමුණු වමින් එකිනෙක සමය කාරණ
දැමුණු සිතින් ඉඳ කර වෙහෙර පූරණ – බමුණු රැසෙක් වෙද’රුත් කෙරෙති දාරණ
224. පබා තුරු ලෙසින් බොල්ලන් ගෙන නොමඳ – තබා පෙළින් පෙළ ඇද නිල් පලග මැද
බබා සෙද තැනින් තැන ගහ ගණන් බැඳ – පබා කර සිදත් සමහරු ගනිති ඉඳ
225. මු නි වි රු දෙසූ සදහම් මෙන් ඇම දවස – උ ව දු රු දුරැ’ර රකිනුව සත්වග වෙසෙස
පෙරැ’දුරු ඉසිවරන් පැවසූ නොයෙක ලෙස – වෙද වරු වෙද සතර පිරුවති එහි සතොස
226. මනහර පොත් රැගෙන පරසිදු පෙර පටන – එහි පද’රුත් කියන ලෙස නොහැර දැන ගෙන
සුරගුරු ටත් උතුරු දෙම්හයි වනපොතින – සමහරු අත් ස තර පිරුවති නොයෙක තැන
227. සි රි ම ත් සොඳුරු එවෙහෙර තැන තැන ලකුළු – ඉ ඳ සි ත් ලෙසට පෙර කිවියර සිරි රුකුළු
දැන ගත් සඳ ලකර වියරණ වියත් මුළු – ප ව සත් සකු මගද එළු දෙමළ කව් නළු
228. පෙර තොප නුදුටු නොඇසු මෙබඳු සිරි සර – නෙත සිත සතුටු කර දැක පවර එවෙහෙර
පුදයට පිවිටු දන කොලහල නැවති වර – වැද ඉටු දමිටු ම – මිතුර මුනි මැඳුර තුර
229. ලක රද ඉසුරු ලද – දද කැලණිතිස් මහරද – යුව රද වරද තතු ලෙස නොදැන පිරිසිෙඳ්
නිවරද වරද යතිඳුට වරද කළ සෙඳ් – කිපියෙන් සුරන් සිත් – සිඳු එත වෙරළ මැඩ ගෙන
නිසා මෙලක සෙත ඒ මුහුද පැහැ මැවූ – දි සා පිළිම රුව දැක සක් දෙවිඳූ මැවූ
රුදු සෙනඟ ගෙන ආ වස්තුව යුදට – මුදුව බිණූ තෙපලෙන් ජය ගෙන ලොවට
බුදුව නොයෙක් සෙත් කළ අප මුනිඳු හට – වඳුව අදර බැති පෙම් සිත් දියුණු කොට
230. ම හ ත සසර සයුරෙහි කුමුටුව සරන – අ න ත සත නිවන් පුර ගෙන යන සිතින
ස ත ත සොඳුරු බුදුකුරු ගුණදම් පුරන – දි ය ත පසිඳු නතිඳුන් දැක ගොස් සොබන
231. ප ව ර රුසිරු මහ සෑ සමග බෝ තුර – නොහැර නැමද බැති පෙම් සිතිනි විසිතුර
වෙහෙ ර පුද පසඟ තුරු රැව් නොදෙන තුර – මි තු ර තොසින් වැද සැදි සොඳුරු පහ’තුර
232. කඳ වුරු ගම් කුල – දලනිඳු ලකළ මුදලිඳු – පිවි තුරු උතුරු මුළ මහ තෙරිඳුට සොඳුරු
මු නුබුරු මහරු ගුණ සරු පිළිවෙත් ගැඹුරු – කිවි කල මුඳුන් මල් – කළ තම තෙපුල් හැම කල්
ම න ර ම් මුනි සසුන් වැඩ පිණිස නිකසළ – පැර කු ම් රජු විසින් සුත පෙමිනි ඇති කළ
සිරි බ ර මෙසිරි ලක’ඟන පැළඳි පිරිසුදු – පුව ත ර මහ වෙහෙර වැසි තෙර ගණ සිනිඳු
මනහ ර රුවන් වැළ මැද බඳ මිණෙ’ක බඳු – නමකර පවර විජයබ පිරුවන් තෙරිඳු
233. තවද, අසදෘශ ප්රිඥා පාටව ප්ර ශස්තතර ත්රිය-පිටක වාගීශ්වර ශ්රී සංඝබෝධි විජයබාහු ස්ථවරොත්-තමයාගේ මෙද එක් වර්ණ භාෂණයෙක. එද තා කර්ණ භූෂණය කර
234. ගැ ඹු රු විජම් පෙළ කිරි සයුර ඇම විට – සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට
මි යු රු පද අරුත් අම ගෙන දෙන ලොවට – ක වු රු සදිසි වෙති මෙකලට එයතිඳුට
235. වි හි ගු ම් නොයෙක් දිටු සකිළිටු ගිම් විහිට – දෙන තුම් සග’පවග පල සිරි මුළු ලොවට
න ර ද ම් සැරි සුතුරු දම් තුඟු සුර තුරට – ම න රම් ඔහු නුවණ දෙරණම විය පිහිට
236. මු නි ව ර සසුන් මිහි මඬලෙහි කළ නදනා – ම න හ ර විනය පද‘රුත් මහ මිණි අදනා
පෙරැ දු ර ‘නුවදෙසුන් ලැබ නැණ පතළ දනා – ගෙනඇර දෙමින් කරවයි යති ගුණ නදනා
237. ස ත ර පහළ කළ ඇදුරන් සෙ පොරණය – නොහැර සිත සෙදැන ගෙන අට වියරණය
ප ව ර පබඳ බැඳ සත සතොස කරණය – නිතොර පසිඳු කරවිය සියලු දෙරණය
238. ස ස ම ය සතර සිඳු අගතිසි කර තලය – අ ස ම ය සපිරි පිරිසිදු ගුණ ඇම කලය
මෙසමය පසිඳු දියතෙහි එහිමි තෙපලය – වි ස ම ය ඇදුරු තුරු උදුරන සැඬ නලය
239. සේපිරි යත් මහ කව් දැන ගෙන යෙහෙන – සේපිය පත් කොඳ සඳ යස රස සොබන
පෑ දියකොත් බඳවා දියතෙහි නිතින – ඒ සිරිමත් යති හිමි බබලයි නඳක
240. පසිඳු රුසිරු සරසවි ලිය රැඳි නිතොර – කිවිඳු සවන් බිඟු වැළ තුටු කළ නොහැර
පු බුදු සොඳුරු ඔහු මුව තඹරට පවර – සිනිඳු සුවඳ මුවරඳ විය සඳ ලකර
241. ති ව ට කසබු ඉසි සුරගුරු මෙන් සුබඳ – ලොවට කලණ ඒ යති සඳුගේ නොමඳ
සුමට වදන් දුල විසිතුරු මහ මුහුද – දසට පොරණ රළ පතරින් පිරි නිබඳ
242. අ ව ට ඉඳින පඬිවරුනටද අඩදැණි – සි තට සතුටු වන සොඳ පද’රුත් සරණි
රුව ට කියන පෙර ඇදුරන් ලෙස පැමිණි – ඔ හු ට දස’ට විදු තැන් විය සිය පවෙණි
243. නොමි ක ර න මිසදුටුවන් බස් අබඳ – නි සී නැණැති සිරි පැරකුම් රජුට නඳ
ර සී ගැඹුරු තෙපලෙන් සැක සිත පසිඳ – දෙ සී සුවා’සූ දහසක් දහම් කඳ
244. එ හිමි කෙලෙස් ගිරි මුදුනින් වැහෙන සොඳ – දහම් අහස් ගඟ දුල දිය දහර වැද
නොමඳ සතොස් අම ඔදසින් පිරි නිබඳ – බැබලි වෙසෙස් නරනිඳු සඳ කිරි මුහුද
245. දෙ ස න දහම් දන මන කර විකාසය – සොබන එයති සඳුගේ ගුණ නිවාසය
නඳන වදන් නළ’ඟන පෑ විසේසය – රඟන පවර රඟ බිම් විය සබාසය
246. ප සැ ස් පසැස් කර වදහළ ලෙසම සොඳ – නිදොස් වෙසෙස් පිළිවෙත් සිරිත නොවිහිද
සදොස් කෙලෙස් සතුරන් ඔද මැඬ නොමඳ – අ පි ස් සතොස් ගුණයෙන් වැජඹෙයි නිබඳ
247. සි ල් සෙනඟහු ය ස සෙමෙරහු මෙත් සතහු – ගුණ’බරණ හු ද ද ම් කිරු ළහු නැණ කගහු
බු න් න ර ඟ හු තව තෙද’ණ හු සරි රජහු – සු ර ඇ දු රු හු හැර ක ව ර හු වනති ඔහු
248. සහ සැස් යුරු සොඳුරු පැරකුම් නිරිඳු ගෙන – මහ වෙල් ගොඩ පිටිය ඇතුළුව නොයෙක තැන
මහ ගම් බිම් පමුණු කොට අමුතු ලැබගෙන – බහ දුරු සිරි සිරින් එහි වැජඹෙයි නිතින
249. මිතුර, ඒ යතීන්ද්රතයාට විඥාපනිය කොට ප්ර ථමෝද්දිෂ්ට විශිෂ්ට සදිෂ්ට සන්දේශයට දැන් ප්රාෙප්තාවසර ඇත්තේය. එයිදු ස්වර්ණ කර්ණවතංස කර.
පවර මුනි වදහළ පිළිවෙත් නොහැරම වස න සසග පවර සැප සැබවින් සිදු කරන සමග මහඟු මහ සඟ ගණ මෙහෙවරින
මුළු ලොවට වැඩ වන – තෙපලක මෙමා පවසන – නිතොර සතන් වෙත දක්වා මෙත් කුලුණු
නොහැර මෙසිරි ලක්දිව රැකුමෙහි දැපුණු – පැළඳි මුනිඳු සිරි පද කමල උතුම’ඟ
වැලඳි සුසිරි මනු රද නිති කොමළ’ඟ – පැහැදි ගැමුණු නරනිඳු සේ දහම් මග
සුසැදි මෙසිරි පැරකුම් නරනිඳු සමග –
251. සමුදුර හිම් අවට – සව් සිරි සපිරි සිරි ලක – අ මා කර කිරණ සේ පිරිසුදු දිවැස
යොමා කුලුණු ගුණයෙන් දැක ඇම දවස – අමිතුරු විස වැසන් – වෙසෙසින් අතුරුදන් කොට
ප න් වා රෝග බිය යක් උවදුරු දුරට – පෙන්වා තමා බෝසත් බව මුළු ලොවට
නොහැර වි ජ ය සුබ සිරි සැප දියුණු කොට – නි තොර ර කින ලෙස සහපිරිවරින් සිට
අ ද ර සි ති න් අයදින ලෙස නතිඳුහට – මි තු ර තොසින් සැළකර ඒ යති සඳුට
252. පමණින් දස දහස් – යොදුන් වූ දඹ දිව සිට – මුනි තුන් තරා ගමනක් වැඩ සිරි ලකට
මතු අන් තරා හැර යක් සෙනඟ දුරු කොට – පිහිටන ලෙස සසුන් – සැලසිය බලා දිවැසින්
තුස්වා සු රා ‘සුර ලොව එක ලෙස දිස්න – පස්වා දහස් පවතින ලෙස බුදු සස්න
සි ත සතොසේ රකිනුව ඇම වර නොහැර – හි ම කර සේ ලොව දක්වා යස විසිර
දි ලි වෙසෙසේ එම නතිඳුට යළි මිතුර – යදින ලෙසේ සැළ කර තෙරිඳුට පවර
253. ත තු මෙවදන් දන්වා අප කී ලෙසට – කි තු ලිය මල් ගන්වා දිගු බිත අවට
සි තු සතොසින් සකි වැඩ සිදු කළ ලොවට – ම තු දෙලොවින් සුබ සිරි සිදු වෙයි තොපට
254. පි ය වීපිය ගමන් නොහැරම ගොස් ම සග – ගි ය කාරිය සැළ කොට සිදු කර සිතග
කිය වාදිය සියල් තොප යස රැස නොව’ග – සි ය නෑ සියව පවතුව සුමිතුරු සමග