Grammar L-6 – でも (demo)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 11, 2024

Share This:

Grammar L-6 – でも (demo) එහෙත්; කෙසේ වුවද; නමුත් ~ යන අර්ථ

 

වගන්ති 2ක් අතර

වෙනස් අර්ථයක් ඇති ても・でも (temo / demo) සමඟ පටලවා ගන්න එපා. JLPT N5 ව්‍යාකරණ でも (demo) යන්නෙන් සරලව අදහස් වන්නේ නමුත් හෝ කෙසේ වෙතත් යන  අර්ථයි. එය බොහෝ විට නව වාක්‍යයක් ආරම්භ කිරීමට හෝ පරස්පර අදහස් දෙකක් සම්බන්ධ කිරීමට භාවිතා කරයි. එය තරමක් ශක්තිමත් වන しかし (shikashi)යන්න  ට බෙහෙවින් සමාන ය.

 

私は魚が好きです。でも肉も好きです。

watashi wa sakana ga suki desu. demo niku mo suki desu.

මම මාළු වලට ආසයි. ඒත් මස්වලටත් ආසයි.

 

パン屋に行きました。でも、何も買いませんでした。

panya ni ikimashita. demo, nanimo kaimasen deshita.

බේකරියට ගියා ඒත් මොකුත් ගත්තේ නෑ.

 

動物が好きです。でも、犬が一ばん好きです。

doubutsu ga suki desu. demo, inu ga ichiban suki desu.

සත්තුන්ට කැමතියි, ඒත් බල්ලන්ට ගොඩක් කැමතියි.

 

図書館に行きました。でも、集中できませんでした。

toshokan ni ikimashita. demo, shuuchuu dekimasen deshita.

පුස්තකාලයට ගියා ඒත් අවධානය යොමුකරන්න බැරිවුණා.

 

スーパーに行きました。でも、財布を忘れました!

suupaa ni ikimashita. demo, saifu wo wasuremashita.

සූපා එකට ගියා, ඒත් පර්ස් එක අමතක වූනා.

 

今朝学校に行きました。でも、休みでした。

kesa gakkou ni ikimashita. demo, yasumi deshita.

උදේ පාසලට ගියා, ඒත් නිවාඩු.

 

日本人ともっと話したいです。でも、私の日本語はあまり上手ではありません。

nihonjin to motto hanashitai desu. demo, watashi no nihongo wa amari jouzu dewa arimasen.

ජපන් ජාතිකයන් සමග ගොඩක් කතා  කරන්න ඔන, ඒත් මගේ ජපන් ගොඩක් හොද නැහැ.

 

 

 

 

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -47