පලකළ දිනය - November 2, 2023
සිංහල පද්‍ය සාහිත්‍යයේ අසමසම මහා කාව්‍ය දඹදෙණි යුගයේදි කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජු විසින් ලියන ලද කව්සිළුමිණ ගී කාව්‍යයි..ජාතක කතා පොතේ ඒන “කුස ජාතකය” පාදක කරගෙන සියබස්ලකරෙහි මහා කාව්‍ය ලක්ෂණ වලට අවනත වෙමින් නිර්මාණය වූ සිංහලයේ මුල්ම සහ අවසන් මහා කාව්‍ය මෙයයි…සර්ග 15කින් හා ගී 770 කින් සමන්විතය.. කවියාගෙ අපූර්ව ප්‍රතිභා ශක්තිය හරහා නිර්මාණය වූ හෙළයේ අග්‍රගණ්‍යම කාව්‍ය නිර්මාණය ලෙස මෙය අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමද වැඩි නොවේ…මාර්ටින් වික්‍රමසිංහ ඔහුගේ සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියේ දක්වන පරිදි කව්සිළුමිණ යනු අලංකාරවාදයේ අග්‍ර ඵලයයි…
“තමා වරද ස නොදිස්නෙ මෙරමා වරද දිස්නේ ”
යනුවෙන් ආරම්භ කරන කවියා නිදහසේ කාව්‍ය ස්වරූපයක් ප්‍රකට කරයි…සියබස්ලකරෙහි එන “පෙදෙන් බුදු සිරිතැ” රීතිය අනුගමනය කරමින් වුව මෙම මහා කාව්‍ය තුළ ශෘංගාර රසෝද්දීපනයක් විදහා පාන්නටද කවියා උත්සුක වී ඇත…
මහා කාව්‍යක එක් ගුණාංගයක් වන “වස්තු නිර්දේශය ” එක් ගීයකින් දක්වන අතර ඊළඟ ගීයෙන් ඒ දළ සටහන හැඩ වැඩ ගන්වා විසිතුරු කාව්‍යක් ලෙස සකස් කිරීමට තමා අදහස් කරන අයුරු උපමාවකින් දක්වා ඇත්තෙ ශෘංගාර රසයද ආරම්භයේදීම්ස් ඉස්මතු කරවන ආකාරයෙනි….