PIRIVENA.LK Logo

තරුණ හිමවරුන් සඳහා “විදේශගත අධ්‍යාපන අවස්ථාවක්” – විශේෂ වැඩසටහනක් ආරම්භ වෙයි

පළ කළේ: Podi Hamuduruwo

January 02, 2026 පුවත් සහ නිවේදන

තරුණ හිමවරුන්ගේ අධ්‍යාපන හා ජීවන කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් “විදේශගත අධ්‍යාපනයට අවස්ථාවක්” යන තේමාව යටතේ නව වැඩසටහනක් ආරම්භ කර ඇති බව සමාධි නිමරණ සදහා වස්ථා සපයන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වැඩසටහනට පදිංචි වසර පහක් සම්පූර්ණ කර ඇති, උසස් පෙළ සමත්, ශාසනික පවිත‍්‍ර ආකල්ප වළඳාගත් වයස අවුරුදු 18 – 25 අතර තරුණ හිමවරුන්ට සහභාගී විය හැකි බව සංවිධායකයින් සඳහන් කරති.

වැඩසටහන සම්බන්ධයෙන් සිදුකරන ලද නිවේදනයට අනුව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල අධ්‍යාපන අවස්ථා සඳහා මෙම පාඨමාලාව මගින් මාර්ගය විවර කර දීමට නියමිතය. පාඨමාලාව 2026 ජනවාරි 20 දින ආරම්භ වී 2026 මැයි 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, පාඨමාලා ගාස්තුව රුපියල් 40,000/=ක් ලෙස සඳහන් වේ.

මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති හිමවරුන්ට වැඩි විස්තර ලබාගැනීම සඳහා 071 8127706 දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් සම්බන්ධ විය හැකි බවත්, වැඩසටහන සම්බන්ධයෙන් විස්තර www.samadhiiniketana.org වෙබ් අඩවිය ඔස්සේද ලබාගත හැකි බවත් සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටී.

මෙවැනි වැඩසටහන් මගින් ශාසනික ජීවිතය පවත්වාගෙන යන තරුණ හිමවරුන්ට ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා උදාකරදීම සමාජය තුළ මහත් අගයක් ලබන කටයුත්තක් ලෙස සැලකේ.


Author
Podi Hamuduruwo

ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන

Profile එක බලන්න
සියලු පුවත්