අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දිවයිනේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී/පරිවේණාධිපති හිමිවරුන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන සහ පිරිවෙන් භික්ෂු අභ්‍යාස ආයතන වෙත මෙම දැනුම්දීම නිකුත් කර ඇත.
202 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ අනුමැතිය පරිදි, සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නවක පරිවේණාචාර්ය දස දින නේවාසික ගුරු පුහුණු වැඩමුළුව සාර්ථකව සම්පූර්ණ කරන පුහුණුලාභීන්ට අමාත්‍යාංශය විසින් සහතිකපතක් පිරිනමනු ලැබේ.
2026.06.03 දින පැවති 206 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව, මෙම දස දින ගුරු පුහුණු සහතිකය සේවා ස්ථිර කිරීමේදී සලකා බැලීම හා පත්වීම් ලිපියේ සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.
ඒ අනුව, 2025.03.24 දින පැවති 202 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ සිට නවක පත්වීම් ලබා ඇති පරිවේණාචාර්යවරුන්ගේ සේවා ස්ථිර කිරීමේදී, සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය විසින් නිකුත් කරන දස දින නේවාසික ගුරු පුහුණු සහතිකය සලකා බැලිය යුතු අතර, එය පත්වීම් ලිපියේ ද සඳහන් කළ යුතු වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
චක්‍රලේඛ අංක: 26/2026