පානදුර, වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනේ නව ස්මාට් පංති කාමරය පසුගිය දිනක චාම් උත්සයකින් කෘත්‍යාධිකාරී අතිගෞරවාර්හ පානදුරේ විජතනන්ද නා හිමිපාණන් වහන්සේගේ සුරතින් විවෘත කරන ලදී. පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන් සිසු දරුවන්ට නවමු අධ්‍යාපනික අත්දැකීමක් එක් කරමින් මෙම කටයුත්ත වත්මන් පරිවෙණාධිපති හිමිපාණන් වහන්සේගේ උතුම් සිතිවිල්ලක් අනූව සහ අනුග්‍රයෙන් සිදු කරන ලදී.