කෝරළඉම, සඳුන් උයන, ශ්‍රී මිහිඳු විහාරාධිපති, විනයාචාර්ය පණ්ඩිත, අධ්‍යාපන අමාත්‍යාංශ පිරිවෙන් අධ්‍යාපන අංශයේ ප්‍රාථමික අංශ භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ බළගොඩ අමරජෝති නායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලබන සමාජීය, ආගමික, ශාසනික සේවය අගය කරමින් “විදූ කීර්ති ශ්‍රී අමරජෝති දේවානන්ද වංසාලංකාර” යන ගෞරව නාම සම්මුතිය සහිත කොළඹ සල්පිටි කෝරළයේ පල්ලේ පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම පසුගියදා (07) පස්වරු 3.00 ට කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී සිදු කෙරුණි.
සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ සභාවේ ප්‍රධානත්වයෙන් ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සන්නස් පත්‍ර ප්‍රදාන උත්සවය පැවැත්විණි. පිරිවෙන.lk උණුසුම් සුභ පැතුම්....!!!