🌼🌟📝විද්‍යාරවින්‍ද ශතකාභිෂේක ගද්‍ය නිර්මාණ - 2026📝🌼🌟
ගම්පහ, පහළගම විද්‍යාරවින්ද මහ පිරිවෙණෙහි ශත සංවත්සරය  නිමිත්තෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයේ මගපෙන්වීම් සහ අනුග්‍රහය සහිතව පිරිවෙන් අධ්‍යාපනයේ අනාගත අභිවෘද්ධිය පිළිබඳ කතිකාවක් සමාජගත කිරීම අරමුණු කරගනිමින්, “විද්‍යාරවින්‍ද ශතකාභිෂේක ගද්‍ය නිර්මාණ” නමින් ගද්‍ය නිර්මාණ වැඩසටහනක් දීපව්‍යාප්තව පැවැත්වීමට සංවිධානය කර ඇත. මේ සඳහා සියලු පිරිවෙන්වල (සීලමාතා ආයතන ද සහිතව) කාරුණික සහභාගීත්වය ගෞරවයෙන් අපේක්ෂා  කෙරේ. 

✅🎁වටිනා ම නිර්මාණ සඳහා මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමේ.

සීමිත අංශය (පාරිවේණික සිසුන් සඳහා)
🥇 ප්‍රථම ස්ථානය - රුපියල් 20,000කි.
🥈 දෙවන ස්ථානය - රුපියල් 10,000කි.
🥉 තෙවන ස්ථානය - රුපියල් 7,500කි.
🏅🏅රුපියල් 3000 බැගින් සැනසිලි ත්‍යාග පහකි.

විවෘත අංශය (ගුරුභවතුන්, පරිවෙණාධිපති සහ කෘත්‍යාධිකාරී හිමිවරු)
🥇 ප්‍රථම ස්ථානය - රුපියල් 20,000කි.
🥈 දෙවන ස්ථානය - රුපියල් 15,000කි.
🥉 තෙවන ස්ථානය - රුපියල් 10,000කි.
🏅🏅රුපියල් 5000 බැගින් සැනසිලි ත්‍යාග පහකි. 

👉 සියලු රචනා සිංහල මාධ්‍යයෙන් පමණි.
👉 වචන සංඛ්‍යාව 500 (පන්සියය) ඉක්මවා නොයා යුතුය.
👉 රචනා නිර්මාණකරණය සඳහා පිරිවෙන් ගුරු-ශිෂ්‍ය දෙපාර්ශවයටම (කෘත්‍යාධිකාරී සහ පරිණාධිපති හිමිවරු ඇතුළුව) සහභාගි විය හැකි අතර, රචනා ඇගයීමේ දී සීමිත අංශය ලෙස සිසුන්ගේ නිර්මාණ ද අනෙක් නිර්මාණ විවෘත අංශය ලෙස ද ලකුණු කරනු ලැබේ. 
👉 පිරිවෙන් සිසුන්ගේ සහ ගුරුභවතුන්ගේ සියලු රචනා පරිවෙණාධිපති හෝ කෘත්‍යාධිකාරී හිමිවරුන් මගින් රචකයාගේ ස්වකීය නිර්මාණ බවට සහතික කර එවිය යුතුය.  පරිවෙණාධිපති හෝ කෘත්‍යාධිකාරී හිමිවරුන්ගේ නිර්මාණ ස්වකීය බවට ප්‍රකාශයක් සටහන් කර තිබීම ප්‍රමාණවත් වේ.
👉✍️ සියලු නිර්මාණ පැහැදිලි තමන්ගේම අත් අකුරින් ලියා එවිය යුතුය. 
👉 සියලු රචනා 2026 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් “පරිවෙණාධිපති, විද්‍යාරවින්ද මහ පිරිවෙණ, පහළගම, ගම්පහ.” යන ලිපිනයට යොමු කළ යුතුය. 
👉 රචනා බහා එවන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “විද්‍යාරවින්‍ද ශතකාභිෂේක ගද්‍ය නිර්මාණ - 2026 (විවෘත/සීමිත)” (තම නිර්මාණය අයත් විවෘත අංශයට නම් විවෘත ලෙස ද සීමිත අංශයට නම් සීමිත)ලෙස සටහන් කොට එවිය යුතුය. 
👉 ඉහළම වටිනාකමක් සහිත රචනා ජාතික පුවත්පත්වල පළකරනු ලැබේ.

☸️☸️☸️රචනා මාතෘකාව: ලෝකයට ථේරවාදී බුදුදහම සුරැකිව ගෙන ආ ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික අධ්‍යාපනයේ වර්තමාන කාර්යභාරය ඉදිරි සියවසට ගැලපෙන සේ කෙසේ සකස් විය යුතු ද? පිරිවෙන් අධ්‍යාපනයේ සහ ලාංකේය ථෙරවාදී ශාසන සම්ප්‍රදායේ චිර පැවැත්මට බාධා කරන සමකාලීන ගැටලු හඳුනාගෙන, එම ගැටලු විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ විසඳාගෙන, නව ලෝකයට ත්‍රිවිධ ශාසනය දායාද කරලීමට මග විවර වන ලෙස පිරිවෙන් අධ්‍යාපනය සකස් විය යුතුය. (මෙම හැඳින්වීමට ගැලපෙන සේ මාතෘකාවක් නිර්මාණකරු විසින් සකස් කරගත යුතු වේ.)

සියලු විමසීම්: 📧📞
සංවිධායක මණ්ඩලය,
විද්‍යාරවින්‍ද ශතකාභිෂේක ගද්‍ය නිර්මාණ - 2026
විද්‍යාරවින්ද මහ පිරිවෙණ, පහළගම, ගම්පහ.
077 45 74 169 - චන්දරතන හිමි Ven B. Chandarathana Himi
071 64 25 280- මධුක මහතා Maduka Dilshan Kumarage