කොළඹ දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිවනාධිපති සංගමයේ මහ සභාව මෙවර රත්මලාන පරම ධම්ම චේතිය මහා පිරිවෙනෙහි පැවැත් වූ අතර එහිදී සභාපති ධූරය සඳහා යෝජනා ස්ථිරත්වයෙන් රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් කෘත්‍යාධිකාරී ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර මාහිමිපාණන් වහන්සේ පත්විය. මේ සඳහා කොළඹ දිස්ත්‍රික් සියලූම පර්වේනාධිපතිවරුන් සහ කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේලා සහභාගි වූ අතර පිරිවෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විතාරන්දෙනියේ මේධානන්ද හිමියන් ඇතුළු පිරිස මේ සඳහා සහභාගි විය.

කොළඹ දිස්ත්‍රීක් කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමයේ අභිනව සභාපති ධුරයට පත් වූ  රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් කෘත්‍යාධිකාරී ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර මාහිමිපාණන් වහන්සේට අපගේ සුභාශිංසනය.