විශ්‍රාම වැටුප් සකසා ගැනීමට උපදෙස් | Pirivena.lk
ආපසු පරිපාලන විස්ර ලැයිස්තුවට

විශ්‍රාම වැටුප් සකසා ගැනීමට උපදෙස්

පිරිවෙන් සේවයේ නියුතු ආචාර්ය මණ්ඩලයට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්, ලිපිලේඛන සහ ක්‍රියාපටිපාටිය පිළිබඳ සම්පූර්ණ මගපෙන්වීම.

මූලික සුදුසුකම්

ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබා තිබීම සහ එම පත්වීම ස්ථිර කර තිබීම.
අවම වශයෙන් මාස 120 ක (වර්ෂ 10 ක) දළ සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
විධිමත් පරිදි සේවයෙන් විශ්‍රාම ගන්වා තිබීම (ඉල්ලා අස්වීම් හෝ සේවය අතහැරයාම් වලදී හිමිකම් අහිමි වේ).

විශ්‍රාම ලැබිය හැකි වයස් සීමාවන්

වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට ස්වකීය කැමැත්ත මත විශ්‍රාම ලැබිය හැකිය.
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම විශ්‍රාම ලැබිය යුතුය.
සේවයට නුසුදුසු බවට වෛද්‍ය මණ්ඩල නිර්දේශයක් මත ඕනෑම අවස්ථාවක (සේවා කාලය වසර 10 ඉක්මවා ඇත්නම්) විශ්‍රාම ගත හැකිය.

අවශ්‍ය ප්‍රධාන ආකෘති පත්‍ර

'අ' ආකෘතිය (විශ්‍රාම වැටුප් අංකයක් ලබා ගැනීමට) පිටපත් 06
භාණ්ඩාගාර 147 සහ 148 ආකෘති (හැඳුනුම්පත සඳහා) පිටපත් 04
පවුලේ විස්තර සහ ආදර්ශ අත්සන් ආකෘති පත්‍ර පිටපත් 03
බැංකු ගිණුම් විස්තර සහිත ලිපිය (පිළිගත් බැංකුවක)

සහතික සහ ඡායාරූප

ප්‍රමාණයේ කළු සුදු ඡායාරූප (3/4" x 2 1/4") 04 ක්
උප්පැන්න සහ විවාහ සහතිකවල මුල් පිටපත් සහ ජායා පිටපත්.
ග්‍රාම නිලධාරී සහතිකය (දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය නම් ඒ සමඟ).
වැදගත්: නියමිත දිනට විශ්‍රාම වැටුප ලබා ගැනීමට නම්, ඔබ විශ්‍රාම යාමට නියමිත දිනට මාස 03 කට පෙර සියලුම ලියකියවිලි සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුය.

දළ සේවා කාලයට ඇතුළත් වන කාලසීමාවන්

  • දෛනික සේවා කාලය
  • පුහුණු සේවා කාලය
  • විශ්‍රාම වැටුප් හිමි සේවා කාලය
  • අභ්‍යාසලාභී කාලසීමාවන්
  • මුදාහල (Secondment) කාලය
  • මාසික පදනමේ සේවා කාලය