විදේශ නිවාඩු ලබා ගැනීම | Pirivena.lk
ආපසු පරිපාලන විස්ර ලැයිස්තුවට

විදේශ නිවාඩු ලබා ගැනීම

පෞද්ගලික සංචාර, රැකියා හෝ අධ්‍යයන කටයුතු සඳහා විදේශ නිවාඩු අයදුම් කිරීමේ නිවැරදි ක්‍රියාපටිපාටිය සහ අවශ්‍ය ලේඛන පිළිබඳ සම්පූර්ණ විස්තරය.

කෙටි නිවාඩු සඳහා
උපරිම මාස 03
1
අයදුම්පත් ලබා ගැනීම

පොදු 126 ආකෘති පත්‍රය අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබාගත යුතුය.

2
නිර්දේශ ලබා ගැනීම

විදුහල්පති, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශ ලබා ගැනීම.

3
අමාත්‍යාංශයට යොමු කිරීම

අධ්‍යාපන ලේකම් අමතමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආයතන හා පරිපාලන (ඒකාබද්ධ සේවය) සහ ඉඩම් ශාඛාවට එවිය යුතුය.

අවශ්‍ය ලේඛන
පත්වීම ස්ථිර කිරීමේ ලිපිය
විදේශ ගමන් බලපත්‍රයේ (Passport) පිටපතක්
ජාතික හැඳුනුම්පතේ පිටපතක්
පෞද්ගලික ලිපි ගොනු වාර්තාවක්
දීර්ඝ නිවාඩු සඳහා
මාස 03 ට වැඩි
රැකියාවක් සඳහා නම්:
පත්වීමේ ලිපිය (රැකියා දින සහිත)
වැඩ ආවරණය කිරීමේ ලිපිය
රජයට අයවිය යුතු මුදල් ගෙවූ කුවිතාන්සිය

* මෙහිදී අදාළ කාලය සඳහා ගිවිසුමක් අත්සන් කළ යුතුය.

අධ්‍යයන කටයුතු සඳහා නම්:
පාඨමාලාවට කැඳවන ලිපිය (Call Letter)
මෙම පාඨමාලාව ශ්‍රී ලංකාවේ හැදෑරීමට පහසුකම් නොමැති විය යුතු අතර, එය තමන්ගේ පත්වීමට අදාළ විෂය පථයට අනුකූල විය යුතුය.
නිවාඩු දීර්ඝ කිරීම / සංශෝධනය
නිලධාරියාගේ ඉල්ලීම් ලිපිය
Passport සහතික කළ පිටපත
ආයතනයෙන් නිකුත් කළ දීර්ඝ කිරීමේ ලිපිය

පිරිවෙන් ශාඛාවේ කාර්යභාරය

විදේශ නිවාඩු අනුමැතිය

පරිවෙණාචාර්යවරුන්ට වැටුප් සහිත/රහිත අධ්‍යයන හෝ විදේශ නිවාඩු ලබාදීමේ සියලු කටයුතු.

පත් කිරීම් හා උසස් කිරීම්

කෘත්‍යාධිකාරී, පරිවෙණාධිපති සහ ආචාර්යවරුන් බඳවා ගැනීම සහ උසස් කිරීම්.

ශිෂ්‍ය සුබසාධනය

පෙළ පොත්, සිවුරු හා නිල ඇඳුම් ලබාදීම සහ වාර්ෂික ආධාර මුදල් කළමනාකරණය.