සියලුම පරිපාලන ලිපි ලේඛන වෙත
01
පොදු උපදෙස්
පිරිවෙන් ක්ෂේත්‍රයේ සියලුම රාජකාරි ලේඛන අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී පහත කරුණු සැලකිල්ලට ගත යුතුය:
- සියලුම ලේඛන පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වෙත ඉදිරිපත් කළ යුතුය.
- සෑම පිටපතකම මුල් අත්සන් සහ නිල මුද්‍රා තැබීම අනිවාර්ය වේ.
- ඡායා පිටපත් මත අත්සන් තැබීම නොකළ යුතුය. (මුලින් ලිපිය සකස් කර පසුව අත්සන් තබන්න).
- සහතිකවල ඡායා පිටපත් පළාත් සහකාර අධ්‍යක්ෂ (පිරිවෙන්) ලවා සහතික කරවා ගත යුතුය.
02
කෘත්‍යාධිකාරී හිමි පත් කිරීම
පිටපත් කට්ටල දෙකක් (02) ඉදිරිපත් කළ යුතුය. අවශ්‍ය ලේඛන:
- සම්පූර්ණ කළ අයදුම්පත්‍රය
- විහාරාධිපති ධූරය සනාථ කරන ලේඛන
- ඉඩමේ ඔප්පුවේ පිටපත
- අධිකාරී පත්‍රයේ පිටපත
- අධ්‍යාපන සුදුසුකම් සහතික
- උපසම්පන්න බව (වස් 5 සම්පූර්ණ බව)
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- වැඩ භාර ගැනීමේ ලිපිය සහ ලොග් සටහන
03
පරිවෙණාධිපති හිමි පත් කිරීම
පිටපත් කට්ටල දෙකක් (02) අවශ්‍ය වේ:
- කෘත්‍යාධිකාරී හිමිගේ ඉල්ලීම් ලිපිය සහ අයදුම්පත
- පුරප්පාඩුව සනාථ කිරීමට (16-3) ආකෘතිය
- සේවා ගිවිස්නාව (පිරිවෙන් 17)
- ඉගැන්වීම් කාලසටහන
- වැඩ භාරදීමේ සහ භාරගැනීමේ ලිපි හා ලොග් සටහන්
04
පරිවෙණාචාර්යවරුන් බඳවා ගැනීම
සෑම ගුරුවරයෙකුම ගණිතය විෂය සමත් වී තිබීම අනිවාර්ය වන අතර පිටපත් කට්ටල තුනක් (03) ඉදිරිපත් කළ යුතුය.
- අයදුම්පත සහ කෘත්‍යාධිකාරී හිමිගේ ඉල්ලීම
- සේවා ගිවිස්නාව (වසර 5ක් සේවය කිරීමේ පදනම මත)
- අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහතික
- පත්වීම පිළිබඳ ලොග් සටහන
- පරිවෙණාධිපති අත්සන් කළ කාලසටහන (මුල් පිටපත්)
05
ස්ථාන මාරුවීම්, නිවාඩු සහ විශ්‍රාම ගැන්වීම්
විදේශ නිවාඩු
ආරාධනා ලිපිය, කෘත්‍යාධිකාරීගේ කැමැත්ත, ඉල්ලීම් ලිපිය සහ විදේශ ගමන් බලපත්‍ර පිටපත ඉදිරිපත් කරන්න.
විශ්‍රාම ගැන්වීම
ඉල්ලීම් ලිපිය, කෘත්‍යාධිකාරීගේ අනුමැතිය සහ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත අවශ්‍ය වේ.
අධ්‍යයන නිවාඩු: වැටුප් සහිත අධ්‍යයන නිවාඩු අනුමත කරනුයේ අමාත්‍යාංශය පිළිගත් වෘත්තීය පාඨමාලා සඳහා පමණි. (පිරිවෙන් 18 ගිවිසුම ඉදිරිපත් කළ යුතුය).