සියලුම පරිපාලන ලිපි ලේඛන වෙත
01
පිරිවෙන් පරිපාලන ලේඛන නඩත්තුව
සෑම පිරිවෙනකම පහත දැක්වෙන නිල ලේඛන නිසි පරිදි සහ යාවත්කාලීනව පවත්වා ගෙන යාම අනිවාර්ය වේ:
සිසුන් ඇතුළත් කිරීමේ ලේඛනය
02
වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
පසුගිය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව සෑම වසරකම සැප්තැම්බර් 30 වන දිනට පෙර ලබාදිය යුතුය.
- සෑම වාර්ෂික වාර්තාවක්ම ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා (ලිත් වර්ෂය) සකස් කළ යුතුය.
- දැනට පිරිවෙන් වර්ෂය වසර මැද පවත්වන්නේ නම්, එය නොපමාව අතුරු වාර්තාවක් මගින් ලිත් වර්ෂයට ගලපා ගත යුතුය.
- 2014 වර්ෂයේ සිට මුදල් ගෙවනු ලබන්නේ ඉකුත් වර්ෂයේ ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාවට පමණි.
- පිරිවෙන් වාර්ෂික අයවැය ගිණුම පාලක සභාවෙන් අනුමත කරගත යුතු අතර, එය වාර්ෂික වාර්තාවට ඇතුළත් කළ යුතුය.
03
පාලක සභා හා සංවර්ධන සභා
පිරිවෙන් පාලක සභා සහ සංවර්ධන සභා පිරිවෙන් පනතේ නියමිත පරිදි යාවත්කාලීන විය යුතුය. මෙම සභා මගින් පිරිවෙනේ මූල්‍ය හා පරිපාලන තීරණ විනිවිදභාවයකින් යුතුව අනුමත කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
04
පරිවෙණාචාර්යවරුන් බඳවා ගැනීමේ නීති
- සෑම ගුරුවරයෙක්ම මූලික පිරිවෙන් අවසාන විභාගය හෝ අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය විෂය සමත් වී තිබීම අනිවාර්ය වේ.
- පැවිදි ගුරු පුරප්පාඩු සඳහා ගිහි ගුරුවරුන් බඳවා ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීම සපුරා තහනම් වේ.
- බඳවා ගන්නා සියලුම ගුරුවරුන් වසර 05 ක් අඛණ්ඩව සේවය කිරීමට ගිවිසුම්ගත විය යුතුය.
- ගුරුවරයෙකු සේවයෙන් ඉල්ලා අස්වන්නේ නම් ලිත් මාසයකට පෙර දැනුම් දිය යුතුය. එසේ නොමැති නම් අවසන් වරට ලබාගත් වැටුප රජයට ගෙවිය යුතුය.
- විදේශ නිවාඩු සහ වැටුප් සංශෝධන ඉල්ලීම් සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව වෙත එවිය යුතුය.
05
විභාග සහ ශිෂ්‍ය ඇතුළත් කිරීම්
පිරිවෙන් වර්ගය අනුව සිසුන් ඉදිරිපත් කළ හැකි රජයේ විභාග සීමාවන් පහත පරිදි වේ:
| පිරිවෙන් වර්ගය |
ඉදිරිපත් කළ හැකි විභාග |
| මූලික පිරිවෙන් |
මූලික පිරිවෙන් අවසාන විභාගය පමණි. |
| මහ පිරිවෙන් |
ප්‍රාචීන (ප්‍රාරම්භ/මධ්‍යම/අවසාන), ආයුර්වේද සහ අ.පො.ස. (උ.පෙළ). |
| විද්‍යායතන පිරිවෙන් |
අ.පො.ස. (සා.පෙළ), අ.පො.ස. (උ.පෙළ), ප්‍රාචීන සහ ආයුර්වේද විභාග. |
අ.පො.ස. (උ.පෙළ) පන්ති සඳහා සුදුසුකම්:
- අනිවාර්ය විෂයයන් 06 කින් සමත්ව සම්මාන සාමාර්ථ 03 ක් තිබිය යුතුය.
- ගණිතය විෂය අසමත් නම්, වසරක් ඇතුළත එය සමත් කරදීමේ පදනම මත ඇතුළත් කළ හැකිය.
- වාර්ෂික ආධාර මුදල් හිමිවන්නේ රජයේ විභාග සඳහා ඉදිරිපත් කළ සිසුන් වෙනුවෙන් පමණි.
06
ස්ථාන මාරුවීම් පටිපාටිය
පරිවෙණාධිපති හෝ පරිවෙණාචාර්යවරුන්ගේ ස්ථාන මාරුවීම් අයදුම්පත් පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) මගින් ඉදිරිපත් කළ යුතුය. සියලුම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වන්නේ සෑම වසරකම ජනවාරි 01 වන දින සිට පමණි.