පරිවේණාධිපති වහන්සේගේ කාර්යයන් සහ වගකීම් | Pirivena.lk
Official Document

පරිවේණාධිපති කාර්යභාරය

පිරිවෙන් පරිපාලන ව්‍යුහය තුළ පරිවේණාධිපති වහන්සේ සතු කළමනාකරණ වගකීම්, පවත්වාගෙන යා යුතු ලේඛන සහ ව්‍යවස්ථාපිත සභා පිළිබඳ සම්පූර්ණ විස්තරය.

01
සුදුසුකම් & මූලික වගකීම්

සුදුසුකම් සහ මූලික වගකීම්

පරිවේණාධිපතින් වහන්සේ උපසම්පදාවෙන් වස් 5ක් ඉක්ම වූ, මනා වූ ආචාර සමාචාර සම්පන්න භික්ෂු ආකල්ප ඇති භික්ෂූන් වහන්සේ නමක් විය යුතුය.
  • කෘත්‍යාධිකාරී වහන්සේගේ සියලු කාර්යභාරයන් සඵල කිරීමට පූර්ණ සහභාගීත්වය දැක්විය යුතුය.
  • පිරිවෙන තුළ පරිවේණාචාර්ය නාමලේඛනය විධිමත්ව නඩත්තු කළ යුතුය.
  • ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යෝග්‍ය වන පරිදි පිරිවෙන් පරිසරය පවිත්‍රව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතුය.
02
අනිවාර්ය ලේඛන

පවත්වාගෙන යා යුතු අනිවාර්ය ලේඛන

පහත සඳහන් ලේඛන පරිවේණාධිපති වහන්සේගේ සෘජු භාරයේ පවත්වාගෙන යාම අනිවාර්ය වේ:

ඇතුළත් කිරීමේ ලේඛනය
ශිෂ්‍ය දිනපතා පැමිණීමේ ලේඛනය
ආචාර්ය මණ්ඩල පැමිණීමේ ලේඛනය
ආචාර්ය අත්සන් පොත
ලොග් සටහන් පොත
බඩු වට්ටෝරු පොත
පුස්තකාල පොත් වට්ටෝරු පොත
නිවාඩු ලේඛනය
ශිෂ්‍ය වාර්තා සහ සහතික ලිපිගොනු
වාර විභාග සහ උසස් කිරීමේ ප්‍රතිඵල
ශිෂ්‍යයන් බැහැර යන වේලාව සටහන් කිරීමේ ලේඛනය
03
ව්‍යවස්ථාපිත සභා

ව්‍යවස්ථාපිත සභා නියෝජනය

පිරිවෙන් සංවර්ධන සභාව
සභාපති

පරිවේණාධිපති වහන්සේ මෙහි නිලබලයෙන්ම සභාපතිවරයා වේ. භාරකරුවන්, දෙමාපියන් සහ ආදී ශිෂ්‍යයන් සෙසු සාමාජිකයෝ වෙති.

පිරිවෙන් පාලක සභාව
ලේකම්

මෙහි සභාපතිත්වය කෘත්‍යාධිකාරීන් වහන්සේ දරන අතර පරිවේණාධිපති වහන්සේ එහි ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

04
ඉගැන්වීම් & විනය

ඉගැන්වීම් සහ විනය කළමනාකරණය

  • ගුරු ශිෂ්‍ය දෙපිරිසම කාල කළමනාකරණයට අනුව කටයුතු කරන බව සහතික කිරීම.
  • පංති කාමර විධිමත්ව පවත්වා ගෙන යාම සහ අදාළ ලේඛන යාවත්කාලීන කිරීම.
  • පිරිවෙනේ සමස්ත විනය ගරුක බව පවත්වා ගැනීම.
  • පිරිවෙනේ සියලු දෛනික වතාවන්වලදී ආදර්ශමත් නායකත්වයක් ලබා දීම.