පිරිවෙන් කෘත්‍යාධිකාරීන් වහන්සේගේ බලතල හා කාර්යයන් | Pirivena.lk

පිරිවෙන් කෘත්‍යාධිකාරීන් වහන්සේ

බලතල, කාර්යයන් සහ විධායක වගකීම් පිළිබඳ මගපෙන්වීම

සියලුම පරිපාලන ලිපි ලේඛන වෙත
01

කෘත්‍යාධිකාරී ධුරය සහ පූර්ණ විධායක බලතල

පිරිවෙන් පනතේ එන විධිවිධාන අනුව පිරිවෙන පිළිබඳ පූර්ණ විධායක බලතල හිමි තැනැත්තා කෘත්‍යාධිකාරී බව පැහැදිලි වේ.
  • පිරිවෙනක් විහාරස්ථානයක පැවැත්විය යුතු අතර විහාරාධිපති වහන්සේ එහි කෘත්‍යාධිකාරි ධුරය දැරිය යුතුය.
  • පිරිවෙනක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම හා පිරිවෙනේ භික්ෂු අධ්‍යයන අනධ්‍යයන කටයුතු පිළිබඳ උන්වහන්සේ ප්‍රධාන බලධරයා වේ.
02

ප්‍රධාන කාර්යයන් සහ කර්තව්‍යයන්

කෘත්‍යාධිකාරීන් වහන්සේ විසින් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් පහත දැක්වේ:

  • අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පිරිවෙන සඳහා නියම කරනු ලබන සුදුසු හා ප්‍රමාණවත් ඉඩ පහසුකම්, ගෘහ භාණ්ඩ උපකරණ, සනීපාරක්ෂක සහ වෙනත් පහසුකම් සැලසීම.
  • නියම කරනු ලබන අධ්‍යාපන හා සංස්කෘතික තත්ත්වයන් පරිවෙනෙහි පවත්වාගෙන යාම.
  • මණ්ඩලයේ අනුමතයට යටත්ව, පිරිවෙනෙහි පරිවේණාධිපතින් වහන්සේ හා ආචාර්යවරුන් පත් කිරීම සහ ඔවුන්ගේ සේවය නතර කිරීම.
  • පිරිවෙන වෙනුවෙන් රජයේ අරමුදලින් ගෙවනු ලබන ආධාර මුදල් පිරිවෙනේ උපරිම යහපත සඳහා යෙදවීම.
  • පිරිවෙනේ සාමාන්‍ය පරිපාලනය හා නිසි නඩත්තු කිරීම සම්බන්ධයෙන් වගකීම දැරීම.
03

ආචාර්ය මණ්ඩලය සහ අධීක්ෂණය

පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය වෙත පවරා ඇති කාර්යයන් නිසි පරිදි ඉටු වන බවට වග බලා ගැනීම කෘත්‍යාධිකාරීන් වහන්සේගේ වගකීමකි.

කලින් කලට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන උපදෙස්වලට අනුකූලව ආචාර්ය මණ්ඩලය ක්‍රියා කරන බවට වග බලා ගත යුතුය.
04

අනුප්‍රාප්තික නිර්දේශ ඉදිරිපත් කිරීම

යම් හේතුවක් මත කෘත්‍යාධිකාරීන් වහන්සේට තම කාර්යයන් ඉටු කිරීමට නොහැකි වන අවස්ථාවකදී (රෝගාතුර වීම හෝ විදේශගත වීම වැනි) ක්‍රියා කළ යුතු ආකාරය:

  • කෘත්‍යාධිකාරී වශයෙන් කටයුතු කිරීම සඳහා සුදුසු යයි මණ්ඩලයට සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පිළිගත හැකි තැනැත්තකු නිර්දේශ කළ යුතුය.