දහම් පාසල — 3 ශ්‍රේණිය · Pirivena.lk
දහම් පාසල · 3 ශ්‍රේණිය

3 ශ්‍රේණිය
දහම් පාසල් පෙළ පොත

🪔 පාඩම් 25 · සෑම පාඩම් 5 ක් අවසානයේ Quiz · සියල්ල නිම කළ පසු Final Exam

🙏
01 පාඩම · 3 ශ්‍රේණිය
දින දින තුනුරුවන වඳිමු

පළමු ව බුදුරුවන වඳිමි
දෙවනු ව දම්රුවන වඳිමි
තෙවනු ව සඟරුවත වඳිමි
දින දින තුනුරුවන වඳිමි

සැමට ම සම මෙත විහිදූ
නිවනට නිසි මග පෑදූ
නවගුණ කිතුගොස විහිදූ
මුනිසඳු නමදිමි සාදූ

පිළිපැදුමෙන් දෙන අමදම්
සය ගුණයෙන් යුතු මනරම්
අප මුනිඳුන් දෙසූ සදහම්
සැදැහැ සිතින් මම නමදිම්

බුදු සමිඳුන් දෙසූ විලසින
සිරි සදහම් මග සුරකින
නව ගුණයෙන් යුතු සඟගණ
මම නමදිමි සිත සතුටින

🎯 ක්‍රියාකාරකම්

  1. ත්‍රිරත්නය:
    • 🌟 බුදු රතනය
    • 📖 ධම් රතනය
    • 👥 සඟ රතනය
  2. 🎵 මෙම පද්‍ය කට පාඩමින් මිහිරි ලෙස ගායනා කරන්න.

💡 මතක තබා ගන්න

🪔බුදුරතනය — ලෝකයා රකිනා
📚දහමරතනය — නිවනට මග
🙏සඟරතනය — නව ගුණ