පලකළ දිනය - November 19, 2023

සිය ̈ ව්‍යවහාරයට කාරණය වන්නේ බුද්ධිය නම් ඥනයයි. ’සර්ව ව්‍යවහාර හේතුර් බුද්ධිර් ඥානම්’ එම ඥානය ස්මෘති බුද්ධි හා අනුභව බුද්ධි වශයෙන් දෙයාකාර වෙයි. ‘සා ද්විධා ස්මෘති රනුභවශ්ච’

ස්මෘති බුද්ධිය

සිහිකිරීම් පමණකින් ඉපදවිය යුතු ඥානය ස්මෘති බුද්ධිය ලෙස හැදින්විය හැක. ‘සංස්කාර මාත්‍ර ජන්‍ය ඥානං ස්මෘතිඃ’ යනුවෙන් අතීත හේතු වූ දෑ කීමත් වර්ථමාන ඵලය වූ සිහිකිරීමත් අතර වූ භාවනාව සංස්කාර නමින් හැදින්වෙන ඥානයයි. සංස්කාර ඥානය යනු හේතුව හා ඵලය එකට සම්බන්ධ කරන සංහති ක්‍රමයයි. කෙටියෙන් කියතොත් පූර්ව ඉන්ද්‍රිය ගෝචර වූවක් සිහිකිරීමෙන් උපදනා ඥානය (බදු ්ධිය) ස්මෘති බුද්ධිය යැයි කිව හැක.

අනුභව බුද්ධි

ස්මෘති බුද්ධියෙන් වෙන් වූයේ හෙවත් වර්ථමානයේ ඉන්ද්‍රියන් හමුවේ ප්‍රත්‍යක්ෂ වූයේ අනුභව බුද්ධිය යි. එය යථාර්ථනුභවය හා අයථාර්ථනුභවය වශයෙන් දෙපරිදි වෙයි.

1.යථාර්ථානභුවය

‘තද්වති තත් ප්‍රකාරකො’නුභවො යථාර්ථඃ යථා, රජත මිදං රජතමි’ති ඥානම්”

යථාර්ථනුභව යනු යම් වස්තුවක් එම වස්තුවේ සත්‍ය ස්වරූපයෙන් දැක්වීමයි. රිදී කැබැල්ලෙන්ම දැනුම ලැබෙන්නා මෙනි. මෙම ඥානයට ප්‍රමා යනුවෙන් ද කියයි. ප්‍රමා යනු ඵල ඥනයෙකි. යථාර්ථානුභවයට යථාර්ථ ඥානය යයි ද කියයි. යථාර්ථානුභවය ධර්ම, ධර්ණිමී යනුවෙන් කොටස් දෙකකි. රිදීවල රිදී බව ධර්මයයි. රිදී බවින් යුතු රිදී ධර්මී වෙයි. මෙය විශේෂණ විශේෂ්‍ය වශයෙන් ද දැක්විය හැකිය.‘යථාර්ථානුභවඃ චතුර්විධඃ ප්‍රත්‍යක්ෂා’නු මිත්‍යුපමිති ශාක්තභේදාත්’යථාර්ථාර්නුභවය ප්‍රත්‍යක්ෂ, අනුමති, උපමිති, ශාබ්ද වශයෙන් සිව්වැදැරුම් වේ.

කරණ කාරණ කාර්ය

 කරණ

’අසාධාරණං කාරණං කරණම්’ කරණය යනු තර්කයේ බුද්ධිය පිළිබඳව විග්‍රහයේ යෙදෙන යථාර්ථානුභවයෙ එන ප්‍රත්‍යක්ෂ අනුමිති උපමිති ශාබ්ද යන මේවාගේ අසාධාරණ කාරණයයි. මෙහිදි හේතුන් අතරින් ප්‍රධාන හේතුව කරණය ලෙස ගත හැකි ය. ඵසේ ගැනෙන්නේ ඵල නිෂ්පාදනයට අදාල ව්‍යාපාරයෙන් යුක්ත වීම නිසාය. යම්කිසි ඵලයක් සඳහා තනි හේතුවක් ප්‍රමාණවත් නොවේ. ඵ් සඳහා හේතු කිහිපයක් තිබිය හැකිය. ඵයින් ඵලයට ඉතාම ආසන්න හේතුව කරණය නම් වේ. මැටි බදුනක් පිළිබඳ නිදසුනේදී මැටි බදුන සකස්වන කුඹල් සක මැටි බදුනේ කරණය යි හෙවත් ආසන්න වූ හේතුවයි. කුඹල් සක කැරකවීම ව්‍යාපාරයයි. කුඹල් සකත් ව්‍යාපාරයත් නිසා ඇතිවන මැටි බදුන කාර්්‍යයයි. ඵ් අනුව හේතුවත් ඵලයත් අතර ඇතිවන

ක්‍රියාවලිය ව්‍යාපාරය නම් වේ. ඵලයක් නිපදවීමේ දී කරණය ව්‍යාපාරය ඵලය යන කරුණු තුනම අවශ්‍ය වේ.

 කාරණ

‘කාර්ය නියත පූර්ව වෘත්ති කාරණම්’ යම්කිසි ඵලයක් ලැබීමේ දී නියත වශයෙන් තිබිය යුතු හේතුව කාරණ නමින් හැදින් වේ. මැටි බඳුන පිළිබඳ නිදසුනේදී මැටි බඳුන කාර්ය නම් මැටි එහි කාරණයයි. එම කාරණය “කාරණං ත්‍රිවිධං සමවාය්යසමවායී නිමිත්ත භේදාත්” සමවායි කාරණ, අසමවා්‍ය කාරණ, නිමිත්ත කාරණ වශයෙන් කොටස් තුනකි.

 සමවායී කාරණ

“යත් සමවෙතං කාර්ය මුත්පද්‍යතෙ තත් සමවායි කාරණම්’ කාර්ය සමඟ නිත්‍ය

සම්බන්ධයෙන් යුක්ත වූයේ සමවායී කාරණය යි. උදාඃ- නූලෙන් උපන් වස්තුව.

 අසමවායී කාරණම්

“කාර්යෙන කාරණෙන වා සභෛකස්මින් නර්ථෙ සමවෙතම් සත් කාරණමසමවායී කාරනම්” සමවායී කාරණයට ඉතා ආසන්නව සිටීමෙන් කාර්ය සිද්ධියට හේතුවී පවතින්නේ අසමවායී කාරණය යි.

උදාඃ- තන්තූන්ගේ අදරයෙන් වස්ත්‍රය උපදී.

 නිමිත්ත කාරණය

‘තදුභය භින්න කාරණං නිමිත්ත කාරණම්’ සමවායී අසමවායී කාරණද්වයට අයත්

නොවන අනෙකුත් සිය ̈ කාරණා නිමිත්ත කාරණ නම් වෙයි. උදාඃ- නඩාවෙන් හා අ ̈වෙන් වස්ත්‍රය උපදී.

නඩාව හා අ ̈ව (අතින් එහා මෙහා කරණ උපකරණය) ක්‍රියා කරවන්නා යනාදී බොහෝ දේ නිමිත්ත කාරණාව පවතී.

 කාර්ය

පෙර නොතිබුණු යන අභාවයට විරුද්ධ වූ භාවය කාර්යයි. ඉහත සඳහන් කරණ, කාරණ, දෙකෙහි ඵලය හෙවත් නිෂ්පාදනය කාර්යයි. කරණ, කාරණ දෙකෙන්ම අපේක්ෂා කරනුයේ යම් ඵලයෙකි. හෙවත් කාර්යයෙකි.

1/1ප්‍රත්‍යක්ෂය

“තත්‍ර ප්‍රත්‍යක්ෂ ඥාන කරණං ප්‍රත්‍යක්ෂම්. ඉන්ද්‍රියාර්ථ සන්නිකර්ෂ ජන්‍යං ඥානං ප්‍රත්‍යක්ෂම්” ප්‍රති+අක්ෂ=ප්‍රත්‍යක්ෂ යන මෙහි අක්ෂ යනු සිය ̈ ඉන්ද්‍රියන්ට නමකි. ප්‍රති යන උපසර්ගයෙන්, අභිමුඛ යන අර්ථය ලබා දෙයි. එබැවින් ප්‍රත්‍යක්ෂය යනු ඉන්ද්‍රිය අභිමුඛවූඉන්ද්‍රියගොච්රවූයනඅරුත්ඇත.චක්ෂුආදීඉන්ද්‍රියන්රූපාදීඅරමුණු සමඟ ගැටීමේදී මෙම ඉන්ද්‍රිය ඥානය උපදී. මෙම ප්‍රත්‍යක්ෂය බාහිර ප්‍රත්‍යක්ෂය අභ්‍යන්තර ප්‍රත්‍යක්ෂය වශයෙන් දෙවදෑරුම් වෙයි. බාහිර වස්තූන් චක්ෂු ආදී ඉන්ද්‍රියන්ගෙන් ලබාගෙන මනස ආධාර කොටගෙන ආත්මය විසින් අනුභව කිරීමේදී සිඳුවන්නේ බාහිර ප්‍රත්‍යක්ෂය යි. මනින්ද්‍රිය කරනකොටගෙන ආත්මය තමා විසින්ම සිය ̈ විෂය වස්තු ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීමේදී සිදුවන්නේ අභ්‍යන්තර ප්‍රත්‍යක්ෂයයි. ‘තද්වි විදං නිර්විකල්පකං සවිකල්පකං චෙති’ ප්‍රත්‍යක්ෂය නිර්විකල්පක සවිකල්පක වශයෙන් ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදෙයි.

ප්‍රමාණය ෂඩ් ඉන්ද්‍රිය

ඝාණය-නැහැය රසනය-දිව චක්ෂුස-ඇස ශ්‍රොත්්‍රය-කණ ත්වචය-සිවිය මනස-සිත

ප්‍රමේයය අර්ථය

ගන්ධය රසය රූපය ශබ්දය ස්පර්ශය සුඛදුඃක

ව්‍යාපාරය ඥානය සන්නිකර්ෂය ඥානය

ආඝ්‍රාණය ඝ්‍රානවිඥානය ආස්වාදනය ජිහ්වා දර්ශනය චක්ෂුර් ශ්‍රවණය ශොත්ශ්පර්ශන කාය වින්දනය මනො

 නිර්විකල්පක

‘තත්‍ර නිෂ්ප්‍රකාරකං ඥානං නිර්විකල්පකං

යථා ඉදං කිංචිත්’ විශේෂ ප්‍රකාර රහිත ඥානය නිර්විකල්පකයි. මේ යම් කිසිවකි යන්න නිදසුන් වේ.

ඵ් අනුව නිර්විකල්පක යනු අවිනිශ්චිත වූ ප්‍රකාර රහිත වූ ඥානයයි. ‘යම් දෙයක් දැක්කෙමි’ ආදි වශයෙන් අවිනිශ්චිතව සිඳුවන්නෙකි. මේ අනුව එය අතීරනාත්මකව උපදින්නක් බව පැහැදිළි වෙයි. ඇසට රූපයක් හමුවීමත් සමඟම ඇතිවෙන මූලික හැඳිනගැනීමයි. ඒ අනුව වස්තුවක නියම තත්වය හඳුනාගත නොහැකි ය. මිනිහෙක් සතෙක් භාණ්ඩයක් වැනි හැගීමක් පමණක් ඇති වෙයි.

 සවිකල්පක ඥානය

‘සප්‍රකාරකං ඥානං සවිකල්පකම්. යථා-ඩිත්තොයං, බ්‍රාහ්මණොයං, ශ්‍යාමොයමිති’

ප්‍රකාර සහිත වූ ඥානය සවිකල්පක බුද්ධිය නම් වෙයි. ලෞකාස්කී භාස්කරයන් තර්ක කෞමුදියෙහි “විශෙෂණ විශෙෂ්‍ය සම්බන්ධාවගාහි ප්‍රත්‍යක්ෂම් සවිකල්පකම්” යනුවෙන් විග්‍රහාත්මකව අදහස් දක්වා ඇත.

උදාඃ- මහ රෑ අඩ නින්දේ පිබිදියාවූ කෙනෙකු ඉදිරියේ කිසියම් පුරුෂයෙකු සිටි කල්හි පිබිදි තැනැත්තා තමා ඉදිරියේ සිටිනා ඒ පුරුෂයා පිළිබඳව විශේෂ විභාව කිසිවක්

නොදකී. දකිනුයේ තමා ඉදිරියේ යම් කිසිවක් සිටින බවය. එවිට ඔහු තුළ ඇතිවෙන චක්ෂු විඥානය නිර්විකල්පක ප්‍රත්‍යක්ෂ ඥානය සේ දත යුතු ය. නින්දෙන් පිබිදි තැනැත්තා දෙනෙතේ නිදිගැට පිසදමා සිහි එලවා නැවත බලන විට ඉදිරියේ සිටින්නේ පුරුෂයෙකු බවට විශේෂණ විශේෂ්‍ය සහිතව හඳුනා ගනියි. මෙහිලා උපදනුයේ සවිකල්පක ඥානයයි.

ෂඩ් සන්නිකර්ෂ

බුද්ධියට කාරණ වන ඉන්ද්‍රිය හා අරමුණ යන දෙකෙහි ගැටීම සයාකාර ලෙස දක්වා තිබේ.

  1. සංයොග් සන්නිකර්ෂය

“චක්ෂුසා ඝට ප්‍රත්‍යක්ෂ ජනනෙ සංයොගඃ සන්නිකර්ෂඃ” ද්‍රව්‍යන් දෙකක් අතර ඇති සම්බන්ධය සංයොග් නමින් හැදින් වේ. ඇස හා බාහිර රූපයන්ගේ පළමු හමුවීම මෙහිදී දැක්වේ. ගසක් දෙස බැලීමේ දී ඇස හා රූපය අතර සිදුවෙන පළමු ගැටීමයි. මෙය ද්‍රව්‍ය දෙකක් අතර ඇතිවෙන සංයෝගයකි.

  1. සංයුක්ත සමවාය සන්නිකර්ෂය

‘ඝටරූප ප්‍රත්‍යක්ෂ ජනනෙ සංයුක්ත සමවායඃ සන්නිකර්ෂඃ චක්ෂුඃ සංයුත්තෙ ඝටෙ රූපස්‍ය සමවායාත්” ඇසින් යමක් දෙස බැලීමේ දී එය කුමක් ද යන්න හඳුනා ගන්නා අවශ්ථාවයි. ඇසින් දකිනු ලබන රූපය කලයක් යැයි හඳුනා ගැනීම එනම් රූපය සම්බන්ධ ඇති තතු දැනගැනීමයි. මෙය චිත්ත වීථියෙහි සන්තීරණ අවශ්ථාවයි.

  1. සංයුත්ත සමවේත සමවාය සන්නිකර්ෂය

“රූපත්ව සාමාන්‍ය ප්‍රත්‍යක්ෂෙ සංයුත්ත සමවෙත සමවායඃ සන්නිකර්ෂඃ චක්ෂුඃ සංයුක්තෙ ඝටෙ රූපං සමවෙතං තත්‍ර රූපත්වස්‍ය සමවායාත්”බාහිර වස්තූන් දෙස බලා එහි තතු අවබෝධ කරගෙන නිගමනයට බහින අවශ්ථාවයි. මෙය බෞද්ධ දර්ශනයට අනුව චිත්ත වීථියෙහි වොත්ථපන අවශ්ථාව ලෙස ගත හැකිය.

  1. සමවාය සන්නිකර්ෂය

“ශ්‍රොත්‍රෙන ශබ්ද ශාක්ෂාත් කාරෙ සමවායඃ සන්නිකර්ෂඃ කර්ණ විවර වර්ත්‍යා කාශෂ්‍ය ශ්‍රොත්‍රත්වාත් ශබ්දශ්‍යාකාශ ගුණත්වාත් ගුණ ගුණිනොශ්චසමවායාත්”

කනින් ශබ්ද ප්‍රත්‍යක්ෂ කිරීමේ දී සිඳුවන්නේ සමවාය සන්නිකර්ෂය යි. උදාඃ- කණ ඇසුරුකොට ශබ්ද ඇසීම.

ආකාශය හා ශබ්දය අතර බැදීමක් මෙහි දක්නට ලැබෙයි. ශබ්දය එහි පිහිටි ගුණයයි. එහෙත් ගුණි වූ ආකාශයත් ගුණය වූ ශබ්දයත් ඇති වූයේ එහි සන්නිකර්ෂය නිසාය.මෙහිදීශබ්දයත්ශ්‍රොf්ත්්‍රන්ද්‍රියත්නිත්‍යසම්බන්ධවූයේවෙයි.එබැවින් ශ්‍රොf්ත්න්ද්‍රියත්ශබ්දයත්අතරඇත්තේසමවායසන්නිකර්ෂයයි.

  1. සමවේද සමවායි සන්නිකර්ෂය

“ශබ්දත්ව සාක්ෂාත්කාරෙ සමවෙත සමවායඃ සන්නිකර්ෂඃ ශ්‍රොත්‍ර සමවෙත ශබ්දෙ ශබ්දත්වස්‍ය සමවායාත්”

ඉන්ද්‍රිය හා අරමුණ ගැටීම හේතුවෙන් අරමුණ පිළිබඳව ලබන අවබෝධය මෙහිදී ප්‍රකාශවේ.කණෙන්ශබ්දඇසීමේදීශබ්දත්වයශොත්්‍රඉන්ද්‍රියකරණයෙන්ප්‍රත්‍යක්ෂ කිරීමයි. හෙවත් යමෙකු විසින් කරන ලද ශබ්දයක් අසවලා විසින් කරණු ලැබූවක් යැයි දැනගැනීමයි.

  1. විශේෂණ විශෙෂ්‍ය භාව සන්නිකර්ෂය

“අභාව ප්‍රත්‍යක්ෂෙ විශෙෂණ විශෙෂ්‍ය භාවඃ සන්නිකර්ෂඃ ඝටා භාවවත් භූතලම්, ඉත්‍යත්‍ර චක්ෂුඃ සඃයුක්තෙ භූතලෙ ඝටාභාවස්‍ය විශෙෂණත්වාත්”’

යම් වස්තුවක් තිබූ තැනින් ඉවත් වූ විට එහි නොමැති බව ප්‍රකාශ වීමයි. උදාඃ-මේ කලය නැති බිමකි.

මෙහිදී බිමට කලය විශේෂ වෙයි. බිම විශේෂ්‍ය වෙයි. අභාවය ප්‍රත්‍යක්ෂ කරගැනීමේදී විශේෂණ හා විශේෂ්‍ය යන දෙක වැදගත් වෙයි. මෙහි පොළවෙහි කලය පෙනෙන දෙයක් වුවද නොපෙනී යාම නිසා අභාවය ප්‍රත්‍යක්ෂ වෙයි.

මේ ෂඩ් සන්නිකර්ෂයෙන් උපන් ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයයි. ඊට කරණය වූයේ ඉන්ද්‍රියයි. එබැවින් ඉන්ද්‍රය ප්‍රත්‍යක්ෂයෙහි ප්‍රමාණය බව කියැවේ. මේ ෂඩ් සන්නිකර්ෂණයන්ගෙන් මුල් පහ භාව ප්‍රත්‍යක්ෂය ලෙසත් හයවැන්න අභාව ප්‍රත්‍යක්සය ලෙසත් දැක්වේ. මෙහි අභාව ඥානය අනුපලබ්ධි නම් ප්‍රමාණයක් මඟින් එකොළොස් වැදෑරුම් කොට බෞද්ධ ප්‍රබන්ධවාදීහු දක්වති. ඒ අනුපලබ්ධිය න්‍යාය වෛශේෂිකයෝ නොපිළිගත්හ. මේ අනුව ඔවුහු මෙම විශේෂ්‍යාභාව සන්නිකර්ෂය දක්වති.

1/2. අනුමිතිය/අනුමානය

“අනුමිතිකරණමනුමානම්”අනුමිති බුද්ධියට කාරණ වුයේ අනුමානයයි. පක්ෂය ව්‍යාප්තියෙන් යුක්තය යන දැනීමෙන් ඉපදවිය යුතු ඥානය අනුමිති නම් වේ. ව්‍යාප්තියෙන් යුක්ත වූ පක්ෂය පිළිබඳ ස්වභාවය දැනීම පරාමර්ශයයි. මෙම පර්වතය ගින්න සමඟ පවත්නා ධූමයෙන් යුක්ත යැයි යන දැනීම පරාමර්ශයයි. එම පරාමර්ශයෙන් ඉපදවිය යුතු පර්වතය ගිනි සහිත යන ඥානය අනුමිති නම් වෙයි. අනුමානය ස්වාර්ථානුමානය හා පරාර්ථානුමානය වශයෙන් දෙවදෑරුම් වෙයි. “අනුමානං ද්විධං ස්වාර්ථං පරාර්ථං චෙති”

 ස්වාර්ථානුමානය

තමාගේ අනුමිති බුද්ධියට කාරණ වූයේ ස්වර්ථානුමානයයි. “තත්‍ර ස්වාර්ථං ස්වානුමිති හේතුඃ යථා හිඃ ස්වයමෙව භූයො දර්ශනෙන යත්‍ර ධූමස්තත්‍රාග්නිර්’ති

මහානසාදෞ ව්‍යාප්තිං ගෘහිත්වා, පර්වත සමිපං ගතඃ තත්ගතො චග්නෞ සන්දිහානඃ පර්වතෙ ධූමං පශ්‍යන් ව්‍යප්තිං ස්මරති. යත්‍ර ධූමඃ තත්‍රාන්නිරි’ති. තදනන්තරං වහ්නිව්‍යාප්‍ය ධූමවානයං පර්වත ඉති ඥාන මුත්පද්‍යතෙ. අයමෙව ලිඬ්ගපරාමර්ශ ඉත්‍යුච්‍යතෙ. තස්මාන් පර්වතො වහ්නිමානි’ති ඥනමනුමිතිරුත්පද්‍යාතෙ.තදෙතත් ස්වාර්ථානුමානම්”

මෙහි සඳහන් ආකාරයට ස්වර්ථානුමානය ලැබීම සඳහා ව්‍යාප්තිය බලපායි. යම් යම් තැන දුම් පවතී ද ඒ ඒ තැන ගින්න වෙතැයි යන්න අනුමානයයි. ව්‍යාප්‍යය ව්‍යාපකයනදෙකේඑකතුවව්‍යාප්තියයි.ව්‍යාප්‍යා(ධමූාදිය)පර්වතාදියෙහි(පක්ෂයෙහි) පවත්නා බව පක්ෂ ධර්මතාවයි.

යම් පුද්ගලයෙකු පර්වතය සමීපයට ගොස් ලිංග පරාමර්ශනය කොට (හේතුව අධ්‍යනය කර) දුම ඇති නම් ගිනි ඇති බව මෙනෙහි කොට එයින් පර්වතයේ ගිනි අති බව දැනගන්නා ඥානය ස්වර්ථානුමානයයි.

 පරාර්ථානුමානය

“යත්තු ස්වයං ධූමාග්නි මනුමාය පර ප්‍රතිපත්‍යර්ථං පඤ්චාවයව වාක්‍යං ප්‍රයුඬ්ක්තෙ

තත් පරාර්ථානුමානං යථා-

(අ) පර්වතො වහ්නිමාන්

(ආ) ධූමවත්වාත්

(ඉ) යො සො ධූමවාන් සස වහ්නිමාන් යථ- මහානසඃ (ඊ) තථාචායං

(උ) තස්මාත් තථා

ඉති අනෙන ප්‍රතිපාදිතාල්ලිංගාත් පරොප්‍යග්නිං ප්‍රතිපාද්‍යාතෙ”

පළමුකොට දුම් හේතුවෙන් ගිනි පවත්නා බව අනුමාන කොට අන්‍යයාගේ අවබෝධය සඳහා පංචාවයව වාක්‍යයක් යොදනු ලැබේ ද එය පරාර්ථානුමානයයි.

පංචාවයවඃ- ප්‍රතිඥා-හේතු-උදාහරණ-අපනය-නිගමන යි. 1. ප්‍රතිඥා

‘පර්වතො වහ්නිමාන් ඉති ප්‍රතිඥා’ (පර්වතය ගිනි සහිතය) 2. හේතු

‘ධූමත්ත්ථාත් ඉති හේතුඃ’ (දුම් සහිත බවයි) 3. උදාහරණ

යොසො ධූමවාන් සස වහ්නිමාන් යථා මහානසම් ඉත්‍යුදාහරණම්’ (යමක් දුම් සහිත නම් ගිනි සහිතයි මු ̈තැන්ගෙය මෙනි)

  1. අපනය

“තථාචායම්” ඉත්‍යුපනයඃ

මේ කන්දත් එසේමය (ගිනි සහිතයි)

  1. නිගමන

“තස්මාත් තථාඉති නිගමනම්’ (එහෙයින් මේ කන්දත් එසේමය) මෙම පරාර්ථානුමානය ලැබීමේ දී ත්‍රිවිධ පක්ෂය ඉතා වැදගත් වෙයි. ත්‍රිවිධ පක්ෂයඃ- සපක්ෂ-පක්ෂ-විපක්ෂ

  1. සපක්ෂය

ඔප්පු කළ යුත්ත නිසැකයෙන්ම විද්‍යමාන වේ නම් එට සපක්ෂයයි. ගිනිහල් ගේ එබදුම සපක්ෂයෙකි. ගින්නත් දුමත් එහි එක්ව පවතින බවත් ගින්න එහි අනිවාර්යෙන් ඇති බවත් දනියි. එබැවින් එය සපක්ෂයයි.

  1. පක්ෂය

ඔප්පු කළ යුත්තෙහි හෙවත් සාධ්‍යයාගේ පැවැත්මට බාධාවක් නැති වස්තුව පක්ෂයයි. උදාඃ- පර්වතයෙහි ගිනි ඇත. දුම් ඇති හෙයිනි.

මෙහිදී පර්වතයෙහි ගිනි ඇති වීමට බාධාවක් නැත. පර්වතය ගිනි ඇතිවීමට යෝග්‍ය වස්තුවක් වන බැවින් එය පක්ෂය වෙයි.

  1. විපක්ෂය

ඔප්පු කළ යුත්තෙහි අවිද්‍යමාන බව විපක්ෂයයි. යම් තැනක ගිනි ඇතැයි නිගමනය කිරිමේදී ජලාශයේ ගිනි ඇතිවන ස්ථානයන්ට ප්‍රතිවිරුද්ධ වෙයි. එහෙයින් ජලාශය විපක්ෂයයි.

ත්‍රිවිධ ලිංගය

අනුමානයේදී ත්‍රිවිධ පක්ෂය මෙන්ම ත්‍රිවිද ලිංගය ද ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. මෙහිදී ලිංගයට විශිෂ්ට ස්ථානයක් හිමිවෙයි. ලිංග යනු හේතුවයි. එම හේතුව හෙවත් ලිංගය පක්ෂයෙහි ඒකාන්තයෙන් විද්‍යමාන වන බව සොයා බැලීම ලිංග පරාමර්ශයයි. මෙය තෙවැදෑරුම් වෙයි. “ලිංගං ත්‍රිවිධම් අන්වය ව්‍යතිරෙකී, කෙවලාන්වයී,කෙවල ව්‍යතිරෙකී චෙති”

 අන්වය ව්‍යතිfර්ති ලිංගය  කෙවලාන්වයී ලිංගය

 කෙවල ව්‍යතිfර්ක ලිංගය

  1. අන්වය ව්‍යතිfර්ක ලිංගය

“අන්වයෙන ව්‍යතිරෙඛෙන ච ව්‍යාප්ති මදන්වය ව්‍යතිරෙකී යථා වහ්නෞ සාධ්‍යෙ ධූමත්ථං යත්‍ර ධූමසත්ත්‍රාග්නිර් යථා මහානසමිත්‍යන්වය ව්‍යාප්තිඃ”

ව්‍යාප්ති ව්‍යාපක දෙදෙනාගේ සහවාරී බව අන්වය ව්‍යාප්තිය යි. උදා: දුම ඇති තැන යන් ඇත. ගිනිහල්ගේ මෙනි.

මෙහි දුම ව්‍යාප්තයයි. ගින්න ව්‍යාපකයි. ව්‍යාප්‍ය ව්‍යාපක දෙදෙනාගේ සහචාරි බවක් නැතිකම ව්‍යතිfර්ඛ ව්‍යාප්තියයි.

උදා: ගිනි නැති තැන දුමක් නැත. ජලාශයෙහි මෙනි.

“යත්‍ර වහ්නිඃ නාස්ති තත්‍ර ධූමොපි නාස්ති යථා මහාහුද ඉති ව්‍යතිරෙක ව්‍යාප්තිඃ”

අන්වය ව්‍යාප්තියෙදී හේතූවෙහි විද්‍යමානත්වය මඟින් ඔප්පු කළ යුත්තෙහි විද්‍යමාන බව ප්‍රකාශ වෙයි. ඔප්පු කළ යුත්තෙහි අභාවයෙන් හේතුවේ අභාවය ප්‍රකාශවීම ව්‍යතිfර්ක ව්‍යාප්තියයි. මේ අනුව ඔප්පු කළ යුතු වූ ගින්න හේතුව හෙවත් ලිංගය වූ දුම හා භාව ස්වරූපයෙන් මෙන්ම අභාව ස්වරූපයෙන් ද පැතිරීම පවතින හෙයින් මෙහි ලිංගය අන්වය ව්‍යතිfර්කී නම් වෙයි.

  1. කේවල අන්වය ලිංගය

“අන්වය මාත්‍ර ව්‍යාප්තිකං කෙවලාන්වයි , යථා-ඝටොභිධෙයඃ ප්‍රමෙයත්වාත්”

යම් ඔප්පු කළ යුතු දෙයක් විශ්වයේ සෑම දෙයකටම පොදුවේ පවතී ද එය කේවලාන්වය ලිංගය නම් වෙයි.

උදාඃ-පf්‍රම්යත්වයඇතිහෙයින්කලයෙහිඅභියේධත්වයදඇත.

මෙහි අභිධේයත්වය යනු ඔප්පු කළ යුත්තයි. විෂය ඇති හැම පදාර්ථයක් ම ප්‍රමේයත්වයෙන් ද (බුද්ධිගෝචර බැවින්) අභිධේයත්වයෙන් ද (වාක්ගෝචර බැවින්) යුක්ත වෙයි. බුද්ධිගෝචර නොවන වාක්ගෝචර නොවන එකදු වස්තුවක්වත් ලොව නොමැති හෙයින් මෙහි ලිංගය කේවලාන්වය ලිංගය නම් වෙයි.

  1. කේවල ව්‍යතිfර්ක ලිංගය

“ව්‍යතිරෙකමාත්‍ර ව්‍යාප්තිකං කෙවලව්‍යතිරෙකී. යථා- පෘථිවි ඉතරෙභ්‍යොභිද්‍යාතෙ, ගන්ධවත්තථාත්, යදිතරෙභ්‍යොන භිද්‍යාතෙ, නතද්ගන්ධවත්”

යම්කිසි ඔප්පු කළ යුතු දෙයක් එකම පක්ෂයකම පමණක් පැවතීම කේවල ව්‍යතිfර්ක ලිංග නම් වෙයි. ගන්ධවත් වන හෙයින් පෘථිවිය ඉතර ද්‍රව්‍යයෙන් භින්න වෙයි. මෙහි ඉතර ද්‍රව්‍යයෙන් භින්නත්වය හෙවත් වෙන් වූ බව සාධ්‍ය හෙවත් ඔප්පු කළ යුත්තයි. එහි පක්ෂය නම් පෘථිවිය යි. පෘථිවිය යන්න වෙනත් ද්‍රව්‍යයක් හෝ වස්තුවක් හා සම්බන්ධ කළ නොහැක. ඉහත සඳහන් නිදසුනෙන් පක්ෂය වන පෘථිවිය පිළිබඳව කේවලත්වය හෙවත් ඒහා සමාන වෙනත් වස්තුවක් ද්‍රව්‍යන් අතර නැති බව කේවල ව්‍යතිfර්ක ලිංග නම් වෙයි.

හේත්වාභාස

“සව්‍යභිචාර විරුද සප්‍රතිපක්ෂ අසිධ බාධිතාඃ පඤ්ච හේත්වාභාසාඃ”

මෙය කොටස් පහකින් යුක්තය.

 සව්‍යවිචාර

 විරොධ් විරුද්ධ  සප්‍රතිපක්ෂ

 අසිද්ධ

 බාදිත

  1. සව්‍යවිචාර හේත්වාභාස

සව්‍ය විචාරය අනෛකාන්තිකය නියත වශයෙන් එක තැනකට හිමි නොවීම අනෛකාන්තික නම් වෙයි. නියත වශයෙන් පක්ෂයේ පැවැත්මත් විපක්ෂයේ නොපැවැත්මත් හේතුවකට තිබිය යුතුය. සපක්ෂයේ පැවැත්ම හා සපක්සයේ නොපැවැත්ම යම් තැනෙක බිදෙයි නම් එය අනෛකාන්තික වන්නේ ය. සපක්ෂයේ පැවැත්ම වෙනුවට නො පැවැත්ම ද විපක්සයේ නො පැවැත්ම වෙනුවට නොපැවැත්ම ද ඒ දෙක සම්බන්ධ සැකය ද වේ නම් අනෛකාන්තික දොෂ් ය වේ. මෙය

සාධාරණ

අසාධාරණ

අනුපසංහාරය යැයි කොටස් තුනෙකි. සාධාරණ

සපක්ෂය විපක්ෂය දෙකටම සාධාරණ වන හෙයින් සාධාරණ නම් වෙයි. සාධාරණ අනෛකාන්තිකයෙහි හේතුව වූ ගිනි සහිත බව බුද්ධිගෝචර භාවය සපක්ෂයෙහි ද පවත්නා බැවින් අනෛකාන්තික වෙයි.

අසාධාරණ

යම් හේතුවක් සිය ̈ සපක්ෂයන්ගෙන් හා විපක්ෂයන්ගෙන් ඉවත්ව පක්ෂයටම පමණක් සිමා වූ හෙයින් එය අසාධාරණ නම් වෙයි.

අනුපසංහාරය

සමාන දෘෂ්ටාන්තයක් හෝ වැලැක්වීමේ දෘෂ්ටාන්තයක් නැත්තා වූ හේතුව අනුපසංහාරය නම් වෙයි.

උදාඃ-ප්‍රමේයත්ව වූ හෙයින් සියල්ල අනිත්‍ය මෙනි.

  1. විරෝධ විරුද්ධ හේත්වාභාස

“සාධ්‍යාභාව ව්‍යාප්‍යො හෙතුර් විරුද්ධඃ යථා, ශබ්දො නිත්‍යඃ කෘතත්ත්වාදිති”

යම් හේතුවක් සාධ්‍යයාගේ සිද්ධිය සඳහා යොදන විට එහි අසිද්ධිය සඳහා හේතු වේ නම් එබදු හේතුව සාධ්‍ය විරුද්ධ හෙයින් විරෝධි නම් වෙයි.

උදාඃ-ශබ්දය නිත්‍යය කෘතක වූ හෙයිනි.

එහෙත් මුලින් දැක්වූ ආකාරයට කෘතක වූ සියල්ල අනිත්‍යය වෙයි. ඒ නිසා ශබ්දය ද අනිතය වෙයි.

  1. සප්‍රතිපක්ෂ හේත්වාභාස

“යස්‍ය සාධ්‍යාභාව සාධකං, හෙත්වන්තරං විද්‍යාතෙ, ස ස්ප්‍රතිපක්ෂඃ යථා, ශබ්දො නිත්‍යඃ, ශ්‍රාවණත්වාචඡබ්දත්වවත්, ශබේදානිත්‍යඃ,කාර්යත්වාත් ඝටවදිති”

යම් සාධ්‍යයක් සිද්ධ කිරීමට යොදන ලද අනුකූලතාවයෙන් යුත් ප්‍රස්තුත හේතුවට ප්‍රතිකූලතාවයෙන් යුත් අප්‍රස්තුත හේතුවක් පෙනේ නම් ඒ ප්‍රස්තුත හේතුව ප්‍රතිපක්ෂ හේතු සහිත බැවින් සප්‍රතිපක්ෂ හේත්වාභාස නම් වෙයි.

උදාඃ- ශ්‍රාවනත්වයෙන් යුක්ත හෙයින් ශබ්දය නිත්‍යයි. ශබ්දත්වය මෙනි. උදාඃ- කාර්ය රූපී හෙයින් ශබ්දය අනිත්‍යයි. කලය මෙනි.

මෙහි එකම පක්ෂයෙහි නිත්‍යත්ව අනිත්‍යත්ව යනුවෙන් ප්‍රතිවිරුද්ධ ශාබ්ද දෙකක් ඉදිරිපත්කොට තිබෙන බව පෙනෙයි.

  1. අසිද්ධ හේත්වාභාස

“ආශ්‍රයාසිද්ධඃ ස්රූපාසිද්ධඃ ව්‍යාප්‍යත්වා’සිද්ධශ්චෙති” මෙහි ප්‍රභේද තුනකි.

 ආශ්‍රයාසිද්ධ

 ස්රූපාසිද්ධ

 ව්‍යාප්‍යත්වා’සිද්ධ

 ආශ්‍රයාසිද්ධ හේත්වාභාස

“ආශ්‍රයාසිද්ධො යථා,ගගනාරවින්දං සුරභි,අරවින්දත්වාත්, සරොජාරවින්දවති”

සත්හේතුවකැයි විද්‍යමාන විය යුතු අංගවලින් හීනමාන වූයේ අසිද්ධ හේත්වාභාසයයි. මෙහි ආශ්‍රයාසිද්ධ යනු යම් අනුමානයක ආශ්‍රය සංඛ්‍යාත පක්ෂය සැබැවින් අවිද්‍යමාන වූ කල්පිත මාත්‍රයක් වී නම් එබදු පක්ෂයෙහි ව්‍යාප්ත සේ සලකනු ලබන සාධ්‍යයාගේ සිද්ධිය සඳහා ඉදිරිපත් කරන හේතුව ද ආශ්‍රය දොෂ් යෙන් යුක්ත හෙයින් ආශ්‍රය සිද්ධ නම් වෙයි.

උදාඃ- අරවින්දය සුවඳවත් පුෂ්පයක් වන බැවින් ගගනාරවින්දය ද සුවඳවත් වෙයි. සරොජ් ා අරවින්දය මෙනි.

ගගනාරවින්දය යනු ආකාශ පක්ෂයයි. එය අවිද්‍යමාන වස්තුවෙකි. මෙහි අශ්‍රය සංඛ්‍යාත පක්ෂය ගගගනාරවින්දයයි. එය අසිද්ධ පදාර්ථයෙකි. එබැවින් මෙය ආශ්‍රයාසිද්ධ නම් වෙයි.

 ස්රූපාසිද්ධ හේත්වාභාස

“ස්වරූපාසිද්ධො යථා, ශබ්දො ගුණඃ,චාක්ෂුසත්වාත්,රූපවදිති,අත්‍ර චාක්ෂුසත්වං ශබ්දෙ

නාස්ති,ශබ්දස්‍ය ශ්‍රාවණත්වාත්”

හේතු ස්වරූපය පක්ෂය විද්‍යමාන වෙයි. එසේ නොවන්නා වූ හේතුව ස්වරූපාසිද්ධ නම් හේත්වාභාසයයි.

උදාඃ- චාක්ෂුස හෙයින් ශබ්දය ගුණයෙකි. රූපය මෙනි.

චාක්ෂුත්වයනම්දෘෂ්ටිගොච්රබවයි.ශබ්දසංඛ්‍යාතපක්ෂයේගුණත්වසිද්ධියට ඉදිරිපත්කොට ඇති හේතුව චාක්ෂුත්වයයි. ශබ්දය ඇසට ගෝචර නොවෙයි. ඇසට ගෝචර වන්නේ රූපයයි. මෙලෙස ස්වරූපය අසිද්ධ වන බැවින් ස්වරූපාසිද්ධ හේත්වාභාස නම් වෙයි.

 ව්‍යාප්‍යත්වා’සිද්ධ හේත්වාභාස

“සොපාධිකො හෙතුර් ව්‍යාප්‍යත්වාසිද්ධඃ සාධ්‍ය ව්‍යාපකත්වෙ සති සාධනා’ව්‍යාපකත්ව

මුපාධිඃ”

ව්‍යාප්‍යය සාධ්‍යත්වයෙනුත් ගෙන යොදන ලද නම්, එහි හේතු රූපය ව්‍යාප්තව රහිත වන බැවින් ව්‍යාප්‍යත්වා’සිද්ධ හේත්වාභාස නම් වෙයි.

උදාඃ- වහ්නිමත් හෙයින් පර්වතය දුම්වත් වෙයි.

මෙහි හේතුව වහ්නිමත් බවයි. පක්ෂය පර්වතයයි. සාධ්‍යය දුම්වත් බවයි. දුමත් ගින්නත් ව්‍යාප්‍ය, ව්‍යාපක වස්තු වශයෙන් ගෙනැ බලන කල්හි, දුම ව්‍යාප්‍යයි. ගින්න ව්‍යාපකයයි. අනුමානයේ හේතුත්වයෙන් සිටිය යුත්තේ, ව්‍යාප්‍ය වස්තුව මිස ව්‍යාපකය නොවේ. එසේ වුවත් මේ නිදසුනෙහි හේතු වශයෙන් ගෙන දක්වා ඇත්තේ ව්‍යාප්‍යය නොවේ. ව්‍යාපකයයි. එහෙයින් මේ වාක්‍යයෙහි හේතුව ඊට හිමිවිය යුතු ව්‍යාප්‍යත්වයෙන් ච්‍යුත බැවින් ව්‍යාප්‍යත්වා’සිද්ධ හේත්වාභාස නම් වෙයි.

  1. බාදිත හේත්වාභාස

“යස්‍ය සාද්ධ්‍යාභාවඃ ප්‍රවාණාන්තරෙණ පක්ෂෙ නිශ්චිතඃ සබාධිතඃ යථා, වහ්නිරණුසෂ්ණො, ද්‍රව්‍යත්වාදිති, අත්‍රානුෂ්ණත්වං සාද්ධ්‍යං තදභාව උෂ්ණත්වං ස්පාර්ශන ප්‍රත්‍යක්ෂෙණ ගෘහ්‍යතෙ.ඉති බාධිතත්වම්”

ගින්න උෂ්ණ යැයි සියල්ලෝම දනිති. එය ප්‍රත්‍යක්ෂයෙකි. එහෙත් ඇතමෙක් ගින්න උෂ්ණ නැතැයි හෙවත් අනුෂ්ණ යැයි කියති. එහෙත් අනුෂ්ණ ගතිය පෙන්වීමට ද්‍රව්‍යයක් නැත. මේ ද්‍රව්‍යයේ අභාවය බාධිත නම් වෙයි.

1/3. උපමිතිය/උපමානය

“උපමිති කරණමුපමානම් සංඥා සංඟදි සම්බන්ධ ඥානමුපමිතිඃ තත් කරණං සාදෘශ්‍යඥානම්,අතිදේශ වාක්‍යාර්ථසමරණමවාන්තර ව්‍යාපාරඃ”

උපමිති හෙවත් උපමාන කරුණට හේතුව වන්නේ උපමානයයි. සාදෘශ්‍ය හෙවත් සමාන වස්තුව නොමැතිව වෙනත් වස්තුවක් අනුසාරයෙන් ඒ වස්තුව පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම උපමානයයි. ගවයා පිළිබඳව නොදන්නා පුද්ගලයෙකුට ගවයා පිලිබඳව හඳුන්වා දෙන්නාකි මෙනි.

වාචක වාච්‍ය දෙදෙනා අතර පවතින සම්බන්ධය පිළිබඳව දැනීම උපමිති බුද්ධියයි. මෙහි කරණය වන්නේ සාදෘශ්‍ය ඥානයයි. අභ්‍යන්තරික ව්‍යාපාරය වන්නේ අතිදේශ වාක්‍යා ස්මරණයයි. (යථාර්ථෝපදෙශක පුරුෂයෙකු දැනමිත්තෙකු කිසියම් වස්තු දෙකක් අතර පවත්නා සමානත්වය පරහට ප්‍රකාහ කිරීම සඳහා ප්‍රයෝග කරන ලද පද සම්බන්ධය අද්වේෂ වාක්‍යයයි. ගවරාද රූපකාරරයෙන් ගවයාට සමානය යනු එබදු වාක්‍යයෙකි) උපමානයේ අවශ්ථා හතරෙකි

අර්ථ ප්‍රත්‍යක්ෂය

“ගො” යැයි ව්‍යවහාර කරන විට එයින් වාච්‍ය පශු පිණ්ඩය ඉන්ද්‍රිය ගෝචර වීම.

 සාදෘශ්‍යඥානය

අතීත ප්‍රතයක්ෂ ගො රූපයත් වර්තමාන ප්‍රත්‍යක්ෂ ගවර රූපයත් සසඳා බලන නුවණ

යි.

 අතිදේශ වාක්‍යාර්ථ ස්මරණය

“ගවරා ගවයා මෙනි” යන වාක්‍යගත අර්ථය සිහි කිරීම.

 ශබ්දාර්ථ සම්බන්ධ ඥානය

ගවර ශබ්දය පශු පිණ්ඩය යන දෙකේ වාචක-වාච්‍ය සම්බන්ධය පිලිබඳ නිශ්චයාත්මක

බුද්ධිය පහළ වීම.

අනුමිති උපමිති දෙකෙහි ඇති වෙනස නම් අනුමිති ප්‍රත්‍යක්ෂයෙන් අපත්‍යක්ෂය අවබෝධ කිරීමත් උපමිතියෙන් ප්‍රත්‍යක්ෂය අවබෝධ කිරීමත් ය.

1/4. ශාබ්ද

“ආප්ත වාක්‍යං ශබ්දඃ ආප්තස්තු යථාර්ථ වක්තා වාක්‍යං පද සමූහඃ යථා ‘ගාමානයෙ’ති”

ආප්ත වාක්‍ය ශාබ්ද නම් වෙයි. ආප්ත නම් ඇතිසැටියෙන් නොවහලා කියන තැනැත්තායි. වාක්‍ය නම් අර්ථාවබෝධක පද සමූහයයි.

උදාඃ-දෙන ගෙන එව.

ශබ්දය අසාධාරන කොට ගෙන උපදනා බුද්ධිය ශාබ්ද බුද්ධි නම් වෙයි. එබැවින් එහි ප්‍රමානය ශබ්දයයි. හෙවත් ආප්ත වාක්‍යයි. මෙලෙස ආප්තයෙකු කරන ලද ප්‍රකාශ අනුව ශාබ්ද බුද්ධිය පහළ කරගත හැකිය. ශාබ්ද බුද්ධිය පහළවීමට ශබ්ද ශක්තිය වැදගත් වෙයි. එනම් අර්ථ ප්‍රකාශ කිරීම සඳහා වර්ණයෙහි ගැබ්ගත් බලයයි. එකෙකු ‘ගාම් ආනයත්’කී විට අනෙකා දෙන ගෙන එයි. අනෙකාගේ අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරිත්වයට හේතු වූයේ ශබ්ද ශ්‍රවනයෙන් ජනිත වාක්‍යාර්ථාවබෝධයයි. කිසියම් වර්ණ සංගාතයක් උච්චාරණය කළ පමණකින් අසන්නා තුළ බුද්ධියක් පහල නොවේ. පද සමූහය අර්ථාන්විත ද විය යුතුය. ශබ්ද ශක්තිය නිශ්පත්ති ශක්තිය හා ප්‍රයෝග ශක්තිය යනුවෙන් ප්‍රභේද දෙකකින් යුක්තය.

 නිශ්පත්ති ශක්තිය

ප්‍රකෘති ප්‍රත්‍ය සංයෝගයෙන් ශබ්දයට සහජයෙන් ලැබෙන ශක්තිය නිශ්පත්ති ශක්තියයි. ‘කාකා මහීරුහ’ යනු ඊට නිදසුන්ය. කාකා යන හඩ නගන්නේය යන අර්ථය කාකා යන්න ඇසෙන විටම හැගේ. පොළොවෙන් පැන නැගුණු යන අර්ථය මහීරුහ යන්නෙන් ඇසේ. මෙය අභිධාශක්ති යනුවෙන් හඳුන්වයි.

 ප්‍රයෝග ශක්තිය

ප්‍රයෝග ශක්තිය නම් කිසියම් ශබ්දයක් ව්‍යවහාරයේ යෙදීමේ විශේෂ ආකාරය අනුව ගැනීමයි. ඒ ශබ්දයට ලැබෙන අර්ථ ප්‍රකාශන ශක්තිය ප්‍රයොග් ශක්ති නමින් හඳුන්වයි. එය ශබ්දයාගේ නිෂ්පත්තියෙන් ලත් අර්ථයට පිටින් එයට හිමිවෙන විශේෂ අර්ථ ශක්තියෙකි. මෙය ලක්ෂණ ශක්ති, ව්‍යඤ්ජන ශක්ති යනුවෙන් දෙවැදෑරුම් වේ. ලක්කරනු ලබන අර්ථය, ලගින් පිහිටි අර්ථය යනු ඒ නම් දෙකෙහි තේරුම් ය. ගෞර්වහ්යඃ (පිටිසරයා ගොනකි) යන නිදසුනෙහි ගො යන්නෙන් සිව්පාවෙකු නොව මිනිසෙකු හඳුන්වා තිබේ. වයඤ්ජනාශක්ති යනුවෙන් ශබ්දයාගේ ප්‍රයෝගයෙන් එයට ලැබෙන ශක්තිය අනුව එහි නිෂ්පත්තියට හාත්පසින් දුරස්ථ අර්ථයන් ප්‍රකාශ කිරීමට ඊට ලැබෙන හැකියාව හඳුන්වයි. වයඤ්ජනය නම් ඇගවීමයි. ‘කුල ද්වජඃ පුත්‍රඃ’ යන නිදසුනේ ද්විජ යන ශබ්දයෙන් හුදු කොඩියකට එහා ගිය උත්තම අර්ථයක් ප්‍රකාශ කරයි.

ශබ්දය හෙවත් ආප්ත වාක්‍ය පිළිබඳව පෙර විස්තර කළ අතර එය තේරුම් ගැනීමට එහි අන්තර්ගත යුතුව ඇති කරුණු තුනකි. ආකංෂාව යෝග්‍යතාව සන්නිධියය යනුවෙනි. මේ ලක්ෂණ තුන යථාර්ථානුමානයට අනුකූල වන බැවින් වාක්‍යායන හේතු සපයයි.

  1. ආකංෂාව

‘පදස්‍ය පදාන්තර ව්‍යාතිරෙක ප්‍රයුක්තාන්වයා’නුභාවකත්වමාකංක්ෂා’වාක්‍යක ඇතුලත් පද අතරින් එක් පදයක් තවත් පදයක අවශ්‍යතාව බලාපොරොත්තු වීම හෙවත් සාපේක්ෂතාව ආකංෂාව නම් වෙයි. මේ ගුණය තේරුම් ගත හැකිවනුයේ වාක්‍යයක පදයක් ඉවත්කර යෙදීමෙනි.

උදාඃ- ගාම් ආනය (එළදෙන ගෙන එව)

මේ පද දෙකින් එකක් ඉවත් කළහොත් අර්ථය විකෘති වන අතර එක් පදයක් තවත් පදයක් අපේක්ෂා කරයි.(නිවැරදි අර්ථය ලබා ගැනීමට)

ගාම්? (කිං කරොමි) ආනය? (කං ආනයාමි) 2. යොග්‍යතාව

‘අර්ථාවබොධො යොග්‍යතා’ වාක්‍යයක් අර්ථාවබෝධ කිරීමට අඩංගු විය යුතු කරුණු තුනින් දෙවැන්න යෝග්‍යතාවයි. වාකය අර්ථයට බාධා නොකරන බව මෙහි අදහසයි. අර්ථය වූ කලි පදාර්ථ වාක්‍යාර්ථ යනුවෙන් දෙපරිදි වෙයි. පද වෙන වෙනම ගත් කළ දක්නට ලැබෙන අර්ථය හා ඒවා එක්කොට සාදාගනු ලබන වාකය යනුවෙනි. ශාබ්ද බුද්ධියේ දී ගනුයේ පද සම්බන්ධයෙන් උපදනා වාක්‍යයේ අර්ථයයි. වාක්‍යයෙහි ඇතුලත් පදයන් වෙන් වෙන්ව ගෙන අර්ථ සලකා බලන විට ඒ පදයෙන් අර්ථයන් වාක්‍යාර්ථයට බාධා නො පමුණුවයි ද එය යොග්‍යතා ගුණයයි.

උදාඃ-බාලා කාෂ්ටං ජලෙන සිඤ්චති (කෙල්ල දරට දිය ඉසියි)

උක්ත පදයන්ගේ එකතුවෙන් සෑදෙන අර්ථයට පද වෙන වෙනම ගත් කල්හි ඒවායේ අර්ථයන්යොග්්‍යවේ.එබැවින්උක්තවාක්‍යයෝග්‍යතාගුණයෙන්යුක්තයි.

උදාඃ-බාලා කාෂ්ටං අග්නිනා සිඤ්චති (කෙල්ල දරට ගිනි ඉසියි)

උක්ත වැකියේ සිඤ්චන ක්‍රියාවලියට ගින්න පාදක වෙයි. එබැවින් මෙම වාක්‍ය යෝග්‍යතා ගුණයෙන් භින්න වෙයි.

  1. සන්නිධිය

‘පදානාමවිලම්බෙ නොච්චාරණං සන්නිධඃ’ සන්නිධි නම් පදයන්ගේ අව්‍යව්‍යධානය හෙවත් ආසන්නතාවයයි. කාලයෙන් හෝ පදාන්තරයෙන් අතරක් ඇති බව ස්ව්‍යයධානතාවයයි. එබන්ධක් නැති බව අව්‍යවධානතාවයයි. පමාවක් නැතිව එකහෙලා උච්චාරණයට නිසි පරිදි පෙළ ගැසී තිබීම මෙයින් අදහස් කරයි.

උදාඃ- ගාමානය

මෙහිදී පද සන්ධි වීමෙන් කාලයෙන් ඇතිවෙන අන්තරය සන්ධි වීම තුළින් නැතිව ගොස් එක් ප්‍රහාරයකදී උච්චාරණය වේ.

  1. අයථාර්ථානුභාවය

“තදාභාවවති තත් ප්‍රකරකොනුභවො’යථාර්ථඃ යථා-ශුක්තා’විදං රජතමි’ති ඥානම්” යම්කිසි වස්තුවක් ඊට වෙනස් අයුරින් දැක්වේද එය අයථාර්නුභවයයි. හෙවත් භ්‍රමයයි. මුතුබෙලි කටුවක දිලිසෙන ගතිය දැක ඒ රිදී යැයි දකිනාක් මෙනි. ‘අයථාර්ථානුභවස්ත්‍රිවිධඃ සංශය විපර්යය තර්ක භේදාත්’ අයථාර්ථානුභවයෙහි ප්‍රභේද තුනකි.

  1. සංශය (සැකය)

“එකස්මින් ධර්මිනණි විරුඬ නානා ධර්ම වෛශිෂ්ටාව ගාහි ඥාණං සංශයඃ යථා ස්ථානුර්වා පුරුෂොවෙ‘ති” මෙහි සංශය නම් ඵක්තරා විශේෂ්‍ය වස්තූවක ඵකිනෙකට විරුද්ධ ගති නානාවිධ ඇති නානාවිධ විශේෂණ එලවා බලා බැසගන්නා අවිනිශ්චිත මානසික ආකල්පය යි. කිසියම් පුද්ගලයෙකු තමාගේ ෂඩ් ඉන්ද්‍රියන්ගේ එකකට ගොදුරු වූ එක්තරා වස්තුවක විද්‍යමාන වූ ද අවිද්‍යමාන වූ ද නානාවිධ ලක්ෂණයකින් එලවා බලා ඉන් එක ලකෂ් ණයකින්වත් තත් වස්තුව යුක්ත යැයි නිගමනයකට ගෙන නොබැස ලබන දැනුම සංශය නම් වූ අයථාර්ථානුභාවයයි.

උදාඃ- මෙය කණුවක් දෝ මිනිසෙක් දෝ.

අඳුfර් තමා ඉදිරියේ පෙනී ගිය කකිසියම් වස්තුවක් පිළිබඳව නිශ්චය රහිත හැගීමක් මින් ප්‍රකාශ වෙයි.

  1. විපර්යය

“මිත්‍යාඥානං විපර්යයඃ යථා, ශුක්කා විදං රජත මිති” විපර්යය යනු භ්‍රමයයි. යම්කිසි වස්තුවක ස්වභාවයෙන් ම පිහිටා ඇති ස්වරූපය ඉවත දමා එහි අවිද්‍යමාන ධර්මාන්තරයක් ආරෝපණය කොට වරදවා බැස ගන්නා දැනුම විපර්යය නම් වේ. මිත්‍යාඥාන මිත්‍යාදෘෂ්ටි මිත්‍යදර්ශන යනු ද මීටම ඇති පරියායයි.

උදාඃ- මුතුබෙලි කටුව රිදී යැයි මරදවා වටහා ගැනීම.

  1. තර්කය

“ව්‍යාප්‍යාරොපෙන ව්‍යාපකාරොපය්තර්කඃ යථා යදිවහ්නිර් න ස්‍යාත් තහිර් ධූමොපි න ස්ස්‍යාදි’ති”සහේතුක කල්පනාව තර්ක නම් වෙයි. සහේතුකව ඵලය සොයායෑමේ බුද්ධිමය ව්‍යාපාරය තර්කයයි. කෙනෙකුගේ ඒ තර්කන සංඛ්‍යාත මානසික ව්‍යාපාරය භාෂාව උපයෝගී කරගෙන ලේඛනයෙන් හා භාෂාවෙන් යන ද්විපදයෝගයෙන් දැක්විය හැකිය. මෙසේ හේතුව පදන්ම්කොටගෙන ඊප්සිත ඵලය වූ අර්ථයට බැස ගැනීමත් අන්‍යන් එහි යෙදවීමත් තර්කය නම් වෙයි. අනුමාන යනු තර්කයට නමකි. හේතුවක් නැති තැන තර්කයක් නොවේ. හේතුව සත්‍ය හේතු අසත්‍ය හේතු වශයෙන් දෙපරිදි වෙයි. මේ සත්‍ය අසත්‍ය බව පදනම් කොටගෙන සුතර්ක කුතර්ක වශයෙන් දෙපරිදි වෙයි.

 සුතර්කය

ප්‍රත්‍යක්ෂ වූ සත්‍ය හේතු අනුව අප්‍රත්‍යක්ෂ වන සත්‍ය ඵලය කරා පැමිණීමේ මාර්ගය සුතර්කයයි. යථාර්ථානුමානය ද යනු මෙයයි. ව්‍යාප්ති ග්‍රහණය අනුව සුතර්කය අන්වය ව්‍යාප්ති යථාර්ථානුමානය, ව්‍යතිfර්ක ව්‍යාප්තිමත් යථාර්ථානුමානය යනුවෙන් දෙපරදි වෙයි.

  1. අන්වය ව්‍යාප්ති යථාර්ථානුමානය

උදාඃ- පර්වතයේ ගිනි තිබේ. දුම ඇති හෙයිනි. මු ̈තැන්ගෙයි දුමත් ගිනිත් ඇත.

  1. ව්‍යතිfර්ක ව්‍යාප්තිමත් යථාර්ථානුමානය

උදාඃ- දිය විලේ ගිනි නැත. දුම් නැති හෙයිනි. යම් තැනක දුම් නැතිනම් එහි ගිනිත් නැත. සමුද්‍රය මෙනි. මේ දියවිලේ දුම් නැත. එහෙයින් එහිද ගිනි නැත.

 කුතර්කය

හේතුවේ ඵලය යන අවයව දෙක විපරීතව ගෙන හේතුව ඵලත්වයෙන් ද ඵලය හේතුත්වයෙන් ද ගෙන අසත්‍ය තීරණයකට පැමිණීමේ මාර්ගය හෙවත් අයථාර්ථානුමානය කුතර්ක නම් වෙයි.

උදාඃ-මේ පර්වතයේ දුම පෙනෙයි. එසේ දුම දක්නට ලැබෙන්නේ එහි ගිනි ඇති හෙයිනි. යම් තැනෙක දුම ඇතොත් එහි ගිනිත් ඇත. මු ̈තැන්ගෙහි මෙනි. මේ පර්වතයේ දුම තිබේ එහෙයින් එහි ගිනිත් ඇත.

(තර්ක සංග්‍රහ විවරණය නිමි)

ග්‍රන්ථ නිගමනය

කණාදයන්ගේ වෛශේෂික දර්ශනය කණාද මත නමින් ද, ගෞතමයන්ගේ න්‍යාය මතය

න්‍යාය දර්ශන නමින් ද ප්‍රසිද්ධයි.

ශ්‍රීමත් අන්නම්භට්ටාචාර්යයන් විසින්

මේ තර්ක සංග්‍රහ නම් ග්‍රන්ථය

රචනා කොට ඇත්තේ ඒ දෙමතයන් ඇසුරින් මැ, පදාර්ථඥානයෙන් යථාර්ථාවබෝධයටමාර්ගය පාදා දී

ආධුනිකානුග්‍රහයක් සලසාදීමේ අභිලාසයෙනි.

මෙතෙක් නැරඹූ ප්‍රමාණය - 206

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment